නෙහෙමියා 2:3 - Sinhala New Revised Version එවිට මම ඉතා බියෙන් රජුට කතා කොට, “රජතුමා සදහට ම ජීවත් වේ වා! මාගේ පියවරුන්ගේ සොහොන් තිබෙන නගරය පාළු වී, එහි දොරටු ගින්නෙන් දැවී ගොස් තිබිය දී මාගේ මුහුණ දුක්මුසු නොවන්නේ කෙසේ දැ”යි කීමි. Sinhala New Revised Version 2018 එවිට මම ඉතා බියෙන් රජුට කතා කොට, “රජතුමා සදහට ම ජීවත් වේ වා! මාගේ පියවරුන්ගේ සොහොන් තිබෙන නගරය පාළු වී, එහි දොරටු ගින්නෙන් දැවී ගොස් තිබිය දී මාගේ මුහුණ දුක්මුසු නොවන්නේ කෙසේ දැ”යි කීමි. Sinhala Revised Old Version එවිට මම ඉතාමත් භයව රජුට කථාකොට: රජතුමා සදාකල්ම ජීවත්වේවා. මාගේ පියවරුන්ගේ සොහොන් තිබෙන නුවර පාළුවී, ඒකේ දොරටු ගින්නෙන් දාලා තිබෙද්දී, මාගේ මුහුණ මලානික නොවන්නේ කෙසේදැයි කීමි. |
බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් රජුගේ දහනව වන අවුරුද්දේ පස් වන මාසයේ සත් වන දා බබිලෝනියේ රජුගේ සේවකයෙකු වූ රැකවලුන්ගේ අධිපති වූ නෙබුසරදාන් ජෙරුසලමට අවුත්,
ඔහු තිස්දෑවුරුදු වයසේ දී රජ වී අට අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මරණය ගැන කිසිවෙක් කණගාටු නො වූ හ. ඔව්හු දාවිත්ගේ නුවර ඔහු තැන්පත් කළෝ ය. එහෙත්, තැන්පත් කෙළේ රජවරුන්ගේ සොහොන් ගෙවල්හි නොවේ.
ආහාස් මියගිය පසු ඔව්හු ජෙරුසලම් නුවර ඔහු තැන්පත් කළෝ ය. ඔව්හු ඉශ්රායෙල් රජුන්ගේ සොහොන් ගෙවල ඔහු නොතැබුවෝ ය. ඔහුගේ පුත් හෙසකියා ඔහු වෙනුවට රජ විය.
හෙසකියා මියගිය පසු දාවිත්ගේ පුත්‍රයන්ගේ සොහොන් ගෙවල ඉහළ කොට්ඨාශයෙහි තැන්පත් කරනු ලැබුවේ ය. ඔහුගේ මරණයේ දී සියලු ජුදාවරු ද ජෙරුසලම් වැසියෝ ද ඔහුට ගෞරව කළෝ ය. ඔහුගේ පුත් මනස්සේ ඔහු වෙනුවට රජ විය.
ඔව්හු දෙවියන් වහන්සේගේ මාලිගාව දවාදමා, ජෙරුසලමේ පවුර කඩා, එහි සියලු මාලිගා ගින්නෙන් දවා, එහි තිබුණු සියලු අනර්ඝ බඩු විනාශ කළහ.
ඔව්හු කතා කොට, “විප්‍රවාසයෙන් බේරී ඒ රටේ ඉතිරි ව සිටින අය මහා දුක් කරදරවලටත්, නින්දාවටත් භාජන වී සිටිති. ජෙරුසලමේ පවුර ද බිඳ දමා තිබේ. එහි දොරටු ගිනිබත් කර තිබේ ය”යි මට කී හ.
නාග උල්පත ළඟටත්, කසළ දොරටුව ළඟටත් ගොස්, ජෙරුසලමේ කඩා දමන ලද පවුරත්, ගින්නෙන් දා ගොස් තිබුණු එහි දොරටුත් බලා,
මන්ද, මාගේ සෙනඟට පැමිණෙන නපුර දැක දැක මා ඉවසාගෙන සිටින්නේ කොහොම ද? මාගේ ඥාතීන්ගේ විනාශය දැක ඉවසාගෙන සිටින්නේ කොහොම දැ”යි කීවා ය.
එහෙයින් විජාතීහු සමිඳුන්ගේ නාමයටත් බිය වන්නෝ ය; පොළොවේ සියලු රජවරු ඔබේ මහිමයට බිය වන්නෝ ය.
මම තී සිහි නොකරම් නම්, මාගේ පරමානන්දය මෙන් ජෙරුසලම මම නොසලකම් නම් මාගේ දිව ගොළු වේ වා!
තවද, බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් රජුගේ දහනව වන අවුරුද්දේ පස් වන මස දස වන දින රජුගේ උපදේශකයා වූ ද රැකවලුන්ගේ අධිපතියා වූ ද නෙබුසරදාන් ජෙරුසලමට පිවිසියේ ය.
ඇගේ දොරටු පොළොවට කිඳා බැස ඇත. එතුමාණෝ ඇගේ අගුල් නාස්තිකර කඩාදැමූ සේක. ඇගේ රජ ද අධිපතීහු ද ජාතීන් අතරේ සිටිති. ව්‍යවස්ථාවක් දැන් නැත. එසේ ය, ඇගේ දිවැසිවරු සමිඳුන්ගෙන් දර්ශනයක් තවත් නොලබති.
එවිට කල්දිවරු අරමීය භාෂාවෙන් කතා කරමින්, “රජතුමනි, චිරාත් කාලයක් වැජඹෙත් වා! ඔබේ මෙහෙකරුවන් වන අපට ඔබ දුටු ස්වප්නය කුමක් දැ යි කිව මැනව, එවිට එහි තේරුම අපි පහදා දෙන්නෙමු”යි කී හ.
රජු සහ උත්තමයන් කතා කරමින් සිටිය දී බිසොව භෝජන ශාලාවට පැමිණ මෙසේ කීවා ය: “රජතුමා සදාකාලේට ම ජීවත් වේ වා! සිතුවිලිවලින් නොකැළඹී මුහුණ මැලවී නොසිටින්න.
මම නුඹලාගේ නගර වනසා, ශුද්ධස්ථාන පාළු කොට, නුඹලාගේ පූජාවන්හි මිහිරි සුවඳ ආඝ්‍රාණය නොකරන්නෙමි.