Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 102:14 - Sinhala New Revised Version

14 සියොන්හි ගල්වලට සේවකයෝ ප්‍රිය කරන්නෝ ය. ඔව්හු එහි දූවිල්ලට පවා අනුකම්පා කරන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 සියොන්හි ගල්වලට සේවකයෝ ප්‍රිය කරන්නෝ ය. ඔව්හු එහි දූවිල්ලට පවා අනුකම්පා කරන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 මක්නිසාද ඔබගේ මෙහෙකරුවෝ එහි ගල්වලට ප්‍රියවෙති, එහි දූවිල්ලට අනුකම්පාකෙරෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 102:14
20 හුවමාරු යොමු  

ඔහු සිය සහෝදරයන් සහ සමාරියේ සේනාව ඉදිරියේ දී කතා කොට, “මේ බෙලහීන ජුදෙව්වරු කුමක් කරත් ද? මේ ස්ථානය යළි ගොඩනඟන්නට ඔව්හු සිතත් ද? ඔවුන් පූජා කරනු ඇද් ද? දවසකින් වැඩ නිම කරනු ඇද් ද? දවා දැමූ කුණු කන්දරාවලින් ඔවුන් නැවත ගඩොල් සාදාගනු ඇද්දැ”යි කීවේ ය.


අහෝ දෙවිඳුනි, මිසදිටුවෝ ඔබේ උරුමය ආක්‍රමණය කළෝ ය. ඔබේ ශුද්ධ මාලිගාව කෙලෙසුවෝ ය. ජෙරුසලම් නගරය නටබුන් ගොඩක් කළෝ ය.


ජුදාවරු කතා කොට, “බර ගෙන යන අයගේ ශක්තිය හීන වී තිබේ; කුණුකන්දල් ගොඩගැසී තිබේ. එබැවින් අපට පවුර ගොඩනඟන්නට නොහැකි ය”යි කී හ.


එහෙත්, අපි පවුර ගොඩනඟාගෙන ගියෙමු. මෙසේ හරි අඩක් උසට මුළු පවුර සාදන ලද්දේ ය. එසේ කළ හැකි වූයේ, වැඩ කරන්නට සෙනඟට සිතේ ධෛර්යය තිබුණ බැවිනි.


එකල මම ඔවුන්ට කතා කොට, “ජෙරුසලම පාළු වී තිබෙන හැටි ද එහි දොරටු කැඩී ගොස් තිබෙන හැටි ද අපට පැමිණ තිබෙන විපත්තිය ද ඔබට පෙනේ. ඉතින් එන්න, අපට තවත් නින්දා නොපැමිණෙන පිණිස ජෙරුසලමේ පවුර ගොඩනඟමු”යි කීවෙමි.


එවිට මම ඉතා බියෙන් රජුට කතා කොට, “රජතුමා සදහට ම ජීවත් වේ වා! මාගේ පියවරුන්ගේ සොහොන් තිබෙන නගරය පාළු වී, එහි දොරටු ගින්නෙන් දැවී ගොස් තිබිය දී මාගේ මුහුණ දුක්මුසු නොවන්නේ කෙසේ දැ”යි කීමි.


ඔව්හු කතා කොට, “විප්‍රවාසයෙන් බේරී ඒ රටේ ඉතිරි ව සිටින අය මහා දුක් කරදරවලටත්, නින්දාවටත් භාජන වී සිටිති. ජෙරුසලමේ පවුර ද බිඳ දමා තිබේ. එහි දොරටු ගිනිබත් කර තිබේ ය”යි මට කී හ.


එවිට එස්රා මෙසේ කීවේ ය: “ජෙරුසලමෙහි තිබෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාව අලංකාර කරන්නට රජුගේ සිතෙහි කැමැත්තක් ඇති කළා වූ ද රජු ද උපදේශකයන් ද රජුගේ සියලු බලවත් අධිපතීන් ද ඉදිරියෙහි මට කරුණාව ලැබීමට සැලසුවා වූ ද අපේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! එබැවින් මාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ හස්තය මා පිට තිබෙන බව දැනගෙන, මා ධෛර්යවත් වී මා සමඟ යන පිණිස, ඉශ්රායෙල්වරුන් අතරෙන් ප්‍රධානීන් මම රැස් කරගතිමි.”


ජෙරුසලමෙහි සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන පිණිස, දෙවියන් වහන්සේ විසින් සිත් උද්‍යෝගවත් කරවන ලද සියලු දෙනා ම එනම්, ජුදාවරුන්ගේත්, බෙන්ජමින්වරුන්ගේත් පිය වංශවල ප්‍රධානීහු ද පූජකයෝ ද ලෙවීවරු ද එහි යන්නට සූදානම් වූ හ.


අනේ ස්වාමීනි, ඔබේ සාධාරණකම අනුව, ඔබේ උදහසත් කෝපයත්, ඔබේ ශුද්ධ කන්ද වන, ශුද්ධ නුවර වන ජෙරුසලමෙන් පහ වේවා. මන්ද, අපේ පාප සහ අපේ පියවරුන්ගේ අපරාධ නිසා, මුළු ජෙරුසලම සහ ඔබේ සෙනඟ අප අවට සිටින සියල්ලන්ට නින්දාවක් වී ඇත.


ඉශ්රායෙල් දේශයේ අස්වැන්න සරු කිරීමෙන් තම සෙනඟට සමිඳාණන් වහන්සේ පිහිට වූ බව නයෝමිට ආරංචි විය. එහෙයින්, ඈ මෝවබ් දේශය අත්හැර තම ලේලීන් දෙදෙනා සමඟ එහි යෑමට සූදානම් වූවා ය.


සමිඳුනි, ඔබට ක්‍රියා කිරීමට සුදුසු කාලය දැන් පැමිණ ඇත. සෙනඟ ඔබේ ව්‍යවස්ථාව කඩකර ඇත.


සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් සෙනඟට නැවත වරක් අනුකම්පා කොට, ඔවුන් තමන්ගේ ම සෙනඟ වශයෙන් තෝරාගෙන ඔවුන්ගේ ම දේශයෙහි ඔවුන් පිහිටුවන සේක. විදේශිකයෝ එහි පැමිණ ඔවුන් සමඟ වාසය කරන්නෝ ය.


“කරුණාවෙන් ජෙරුසලම් වැසියන්ට කතා කරන්න; හඬ නඟා ඔවුන්ට මෙසේ කියන්න: ඔවුන්ගේ වහල්කමේ කාලය දැන් ඉවර වී ඇත; පව් කමාව ඔවුන්ට ලැබී ඇත. සියලු පව්වලට දඬුවම දෙගුණය බැගින් සමිඳුන්ගේ හස්තයෙන් ම ඔවුන්ට ලැබී ඇත.”


සමිඳාණෝ සියොන්ටත්, එහි නටබුන්වලටත් අනුකම්පා කරන සේක. ඇගේ වනාන්තරය, ඒදන් උයන මෙන් ද ඇගේ කාන්තාරය සමිඳුන්ගේ උයන මෙන් ද කරන සේක. ප්‍රීතිය ද සන්තෝෂය ද ස්තුති දීම ද ගීතිකා හඬ ද එහි වන්නේ ය.


“තවද, සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘බබිලෝනියේ අවුරුදු සැත්තෑව සම්පූර්ණ වූ පසු මම නුඹලා ගැන සලකා ආපසු නුඹලාගේ මවුබිමට නුඹලා පැමිණවීමට මා කළ පොරොන්දුව ඉෂ්ට කරන්නෙමි.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම ජාකොබ්ගේ පරපුර සිය දේශයට ආපසු පමුණුවා හැම පවුලකට ම වාසස්ථානයක් ලැබීමේ භාග්‍යය නැවත දෙන්නෙමි. නගරය ද එහි කන්ද පිට ගොඩනඟනු ලැබ, මාලිගාව තිබුණු හැටියට ම පිහිටුවනු ලබන්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්