නික්මයාම 15:7 - Sinhala New Revised Version ඔබේ මහත් තේජෝමහිමයෙන් ඔබ ඔබේ හතුරන් සුණු විසුණු කරන සේක. ඔබේ උදහස විගසින් දැල් වී ඉපනැලි මෙන් ඔවුන් දවාලයි. Sinhala New Revised Version 2018 ඔබේ මහත් තේජෝමහිමයෙන් ඔබ ඔබේ හතුරන් සුණු විසුණු කරන සේක. ඔබේ උදහස විගසින් දැල් වී ඉපනැලි මෙන් ඔවුන් දවාලයි. Sinhala Revised Old Version ඔබගේ මහන්තත්වයේ උතුම්කමෙන් ඔබ ඔබට විරුද්ධව නැගිටින්නන් පරාජයකරනසේක. ඔබ ස්වකීය උදහස යවනසේක, එයින් ඉපනැල්ල මෙන් ඔව්හු දැවෙන්නෝය. |
මොවුහු සමිඳුන්ගේ නාමයට ප්‍රශංසා කරත් වා! එතුමන්ගේ නාමය පමණක් උදාරතර ය. එතුමන්ගේ මහිමය අහසත්, පොළොවත් ඉක්මවා යන්නේ ය.
ඔබ කෝපාග්නියෙන් ඔවුන් වනසත් වා! සහමුලින් ම ඔවුන් වනසත් වා! එවිට ඉශ්රායෙල් දේශයේ සිට පොළොවේ සීමාන්තය දක්වා දෙවිඳුන් පාලනය කරන බව ඔව්හු දැනගන්නෝ ය.
ආදි කාලීන අහස් තලයෙනි, අහස් කුස සැරිසරන හිමි තුමන්ට ගායනා කරන්න; එතුමන්ගේ හඬ වන ගිගුරුම් හඬට සවන් දෙන්න.
ඔහු මුහුද දෙසට තම අත දිගු කෙළෙන් පහන් වූ විට ජලය ආපසු පෙර තිබුණ මට්ටමට ම ගැලී ය. මිසර වැසියෝ පලා යන්නට උත්සාහ කරන්නෝ මූද මැදට ම දිවූ හ. සමිඳාණන් වහන්සේ ඔවුන් මුහුද මැද හෙළාදැමූ සේක.
එහෙත්, ඔබට මාගේ බලපරාක්‍රමය පෙන්වන පිණිසත්, මාගේ නාමය මුළු ලෝකය පුරා ප්‍රකාශ වන පිණිසත් ඔබට ජීවත් වන්නට ඉඩ හැරියෙමි.
දැන් සමිඳාණන් වහන්ස, කන් යොමා අපට සවන් දුන මැනව. නෙත් යොමා අප දෙස බැලුව මැනව. ජීවමාන දෙවියන් වන ඔබට අපහාස කරන පිණිස සෙනකෙරිබ් කියන සියලු දේට සවන් දුන මැනව.
නුඹ නින්දා කෙළේත්, අපහාස කෙළේත් කවරෙකුට ද කියා නුඹ සිතන්නෙහි ද? නුඹ නින්දා අපහාස කෙළේ වෙන කිසිවෙකුට නොව, ඉශ්රායෙල්වරුන්ගේ ශුද්ධ දෙවිඳුන් වන මට ය.
මට විරුද්ධ ව තිබෙන නුඹේ කැරලිකාරකම නිසා ද නුඹේ අහංකාර වචන මාගේ කන්වල වැකුණ නිසා ද නුඹේ නාසයේ කොක්කක් අමුණා, කටේ කටකලියාවක් දමා නුඹ පැමිණි මාර්ගයේ ම නුඹ ගෙන යන්නෙමි.”
ඒ රාත්‍රියේ දී සමිඳාණන් වහන්සේගේ දූතයා පිටත් ව ගොස් අසිරියන්වරුන්ගේ කඳවුරෙහි එක්ලක්ෂ අසූපන්දහස් දෙනෙකුට පහර දුන්නේ ය. එළිවන විට ඔව්හු සියල්ලෝ ම මළකඳන් වූ හ.
දිනක් ඔහු තමාගේ දෙවි වූ නිස්රොක්ගේ දේවාලයේ නමස්කාර කරමින් සිටිය දී, ඔහුගේ පුත්‍රයන් වූ අදුම්මෙලෙක් හා ෂරෙශෙර් ඔහු කඩුවෙන් මරාදමා අරාරාත් රටට පලා ගියෝ ය. ඒසර්-හද්දොන් නම් ඔහුගේ තවත් පුත්‍රයෙක් ඔහු වෙනුවට අධිරාජයා වශයෙන් පත් විය.
ඔව්හු ඉපනැලි මෙන් වන්නෝ ය; ගින්න ඔවුන් දවන්නේ ය. ගිනි දැල්ලේ බලයෙන් තමන් ම ගළවාගන්න ඔවුන්ට නොහැකි ය. ඒ ගින්න වනාහි තපින පිණිස අඟුරු ගොඩක් වත්, ළං වී සිට උණුසුම ලබන පිණිස ගින්නක් වත් නොවන්නේ ය.
එහෙත්, සව් බලැති සමිඳාණෝ යුක්තිය ඉටු කරමින් තමන්ගේ ශ්‍රේෂ්ඨකම ද විනිශ්චයයේ සාධාරණත්වයෙන් තමන්ගේ ශුද්ධවන්තකම ද එළිදරව් කරන සේක.
ශුද්ධ දෙවිඳුන්ගේ වචනය හෙළා දුටු නිසාත්, සව් බලැති සමිඳුන්ගේ අණපණත් ප්‍රතික්ෂේප කළ නිසාත්, ගිනි දැල්ලට ඉපනැලි හා පිදුරු දැවී යන්නාක් මෙන් ඔබට සමාන ඒ ගස්වල මුල් දිරාපත් වී, මල් වියළී පහ වී යන්නේ ය.
බොහෝ ජාතීන් ඔබට පහර දෙන්න දැන් රැස් වී ඇත. “ජෙරුසලම විනාශ වේ වා! අපි එහි නටබුන් දෙස බලා සිටිමු”යි ඔව්හු කියති.
සමිඳාණන් වහන්සේ ඉදිරියට ගොස් පසුගිය කාලයෙහි යුද්ධ කළ පරිදි ඒ ජාතීන්ට විරුද්ධ ව යුද්ධ කරන සේක.
ඒ කාලයේ දී පිරිසිදු වතුර ජෙරුසලමෙන් ගලා අවුත් එයින් භාගයක් මළ මුහුදටත්, ඉතිරි කොටස මධ්‍යධරණි මුහුදටත් ගලා යන්නේ ය. අවුරුද්ද මුළුල්ලේ ඒ වතුර ගලන්නේ ය.
මේ දර්ශනවලින් පසු සියලු බලැති සමිඳාණන් වහන්සේ තමන්ගේ සෙනඟ කොල්ලකෑ ජාතීන් වෙත තේජාන්විත සේවය සඳහා මා යවමින් මෙසේ වදාරන සේක:
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “උඩඟු අය ද නපුරු අය ද පිදුරු පෝරණුවක දැවෙන්නාක් මෙන් දැවී යන දවසක් පැමිණෙන්නේ ය. ඒ දවසේ දී කිසිවෙක් ඉතිරි නොවන සේ දැවී යන්නෝ ය.
උන් වහන්සේගේ අතෙහි කුල්ල ඇත. උන් වහන්සේ සිය කමත හොඳ හැටි පිරිසිදු කර, ධාන්‍ය අටුවල රැස් කොට, බොල් නොනිවෙන ගින්නෙන් දවන සේකැ”යි කී ය.
ඔහු භ්‍රාන්ත වී බිම වැටුණේ ය. එවිට: “සාවුල්, සාවුල්, ඔබ මට පීඩා කරන්නේ මන්දැ”යි කියන හඬක් ඔහුට ඇසිණි.
ඉශ්රායෙල් දෙවිඳුන්ට සම අන් කෙනෙක් නැත. එතුමාණෝ ඔබට සහාය වනු වස් අහස පීරා වලාකුළු අරා තෙද මහිමයෙන් වඩිනා සේක.