“එවිට බලසම්පන්න රජෙක් නැඟිට මහත් පරාක්‍රමයෙන් ආණ්ඩු කරමින් තමාගේ හිතුමතේ ක්‍රියා කරන්නේ ය.
දානියෙල් 8:5 - Sinhala New Revised Version මේ ගැන මා කල්පනා කරමින් සිටිය දී, එළුවෙක් බිම අඩි නො තබා, මුළු පොළොව හරහා බස්නාහිරින් ආවේ ය. උගේ ඇස් අතරේ විශාල අඟක් තිබුණේ ය. Sinhala Revised Old Version මා කල්පනාකරමින් සිටියදී, බලව, එළුවෙක් බස්නාහිරින් මුළු පොළොව මතු පිට බිම අඩි තබන්නේ නැතුව ආවේය. එළුවාට උගේ ඇස් අතරේ මහත් අඟක් තිබුණේය. |
“එවිට බලසම්පන්න රජෙක් නැඟිට මහත් පරාක්‍රමයෙන් ආණ්ඩු කරමින් තමාගේ හිතුමතේ ක්‍රියා කරන්නේ ය.
ඔබට පසු ඔබේ රාජ්‍යයට වඩා පහත් රාජ්‍යයක් ද ඉන්පසු ලෝකඩවලින් අදහස් කෙරෙන, ලොවපුරා පාලනය පැතිර පවත්නා තුන් වන රාජ්‍යයක් ද නැඟී එන්නේ ය.
ඉන්පසු තවත් මෘගයෙකු දිටිමි. ඌ දිවියෙකු වැනි ය. පක්ෂි පියාපත් සතරක් උගේ පිටේ තිබුණේ ය. ඌට හිස් සතරක් ද තිබුණේ ය. ඌට බලය දෙන ලද්දේ ය.
ගං ඉවුරේ සිටිනු මා දුටු, අං දෙකක් ඇති බැටළුවා දෙසට ඌ යමින්, අධික කෝපයෙන් බැටළුවා දෙසට දිව්වේ ය.
එළුවා මහා ආඩම්බරයෙන් සිය දස්කම් පෑවේ ය. එහෙත්, ඌ බලයෙන් අගතැන් පත් ව සිටිය දී උගේ මහ අඟ බිඳී ගියේ ය. ඒ වෙනුවට මහ අං සතරක් අහසේ සතර දෙසට නෙරා හටගත්තේ ය.