32 ඒ රූපයේ හිස දඹ රනින් ද ළය සහ අත් රිදීයෙන් ද බඩ සහ කලවා ලෝකඩවලින් ද
32 ඒ රූපයේ හිස අනර්ඝ රත්රන්ව, ඒකේ ළය සහ අත් රිදීව, ඒකේ බඩ සහ කළවා පිත්තලව,
ඒ ස්ත්‍රිය රත්නිල් හා තද රතු වස්ත්‍ර හැඳ රන්, මුතු, මැණික් ආභරණවලින් සැරසී සිටියා ය. පිළිකුල්කමින් ද ඇගේ අශික්ෂිත වේශ්‍යාකමින් ද පිරුණු රන් කුසලානක් ඈ අතේ විය.
සක්මන් කරමින් සිටිය දී ඔහු මෙසේ කීවේ ය: “එම්බා ශ්‍රේෂ්ඨ බබිලෝනිය, මාගේ රජවාසල වශයෙන් ද මාගේ රාජශ්‍රීයේ ගෞරවය උදෙසා ද මාගේ බලපරාක්රමයෙන් මා විසින් ගොඩනඟන ලද නගරය තී නොවේ ද?”
“ඔබ වර්ධනය වී බලවත් ව සිටින්නෙහි ය. ඔබේ උතුම්කම වැවී, අහස දක්වා නැඟී ඇත. ඔබේ පාලනය පොළොවේ සීමාන්තයන් දක්වා පැතිර ගොස් ඇත.
බබිලෝනිය වනාහි මාගේ අතේ තිබුණු, මුළු පොළොව වෙරිමත් කළ රන් කුසලානක් වැනි ය. ඇගේ මිදියුසින් ජාතීහු බීවෝ ය. එබැවින් ජාතීහු මත් වී සිටිති.
උන් වහන්සේ එසේ කළ විට ඉශ්රායෙල් සෙනඟ බබිලෝනියේ රජුට මෙසේ සරදම් කරනු ඇත: “කුරිරු නිරිඳු වැටී ඇත; අනුන්ට පීඩා කිරීමේ ශක්තිය ඔහුට තවත් නැත.
කෙණ්ඩා යකඩෙන් ද පාදවල කොටසක් යකඩෙන් ද කොටසක් මැටියෙන් ද කරන ලදී.
‘උ-පාර්සීන්’ යන්නෙන් ඔබේ රාජ්‍ය බෙදා, මේදවරුන්ටත්, පර්සිවරුන්ටත් දෙන ලදැ යි අදහස් කෙරේ.”