Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 2:39 - Sinhala New Revised Version

39 ඔබට පසු ඔබේ රාජ්‍යයට වඩා පහත් රාජ්‍යයක් ද ඉන්පසු ලෝකඩවලින් අදහස් කෙරෙන, ලොවපුරා පාලනය පැතිර පවත්නා තුන් වන රාජ්‍යයක් ද නැඟී එන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

39 ඔබට පසුව ඔබට වඩා පහත්වූ වෙන රාජ්‍යයක්ද ඉන්පසු මුළු පොළොව කෙරෙහි ආණ්ඩුකරන්නාවූ පිත්තල වැනිවූ තුන්වෙනි රාජ්‍යයක්ද නැගී එන්නාහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 2:39
14 හුවමාරු යොමු  

ඒ රූපයේ හිස දඹ රනින් ද ළය සහ අත් රිදීයෙන් ද බඩ සහ කලවා ලෝකඩවලින් ද


සයිරස්ට කතා කොට, ‘නුඹ මාගේ එඬේරා වන්නෙහි ය; මාගේ අදහස් නුඹ ඉටු කරන්නෙහි ය. ජෙරුසලම නැවත ගොඩනඟන්නත්, දේව මාලිගාවේ අත්තිවාරම් දමන්නත් නුඹ නියම කරන්නෙහි ය’යි කියන්නේත් මම ය.”


එවිට ඔහු මෙසේ කී ය: “මම නුඹ වෙත කුමන කරුණක් නිසා ආවෙම් දැ යි නුඹ දන්නෙහි ද? පළමු කොට මම පර්සියාවේ අධිපතියා සමඟ සටන් කරන්නට ආපසු යන්නෙමි. ඉන්පසු ග්‍රීසියේ අධිපතියා එන්නේ ය.


“නුඹ දුටු අං දෙක ඇති බැටළුවා නම්, මේදියාවේ ද පර්සියාවේ ද රජවරු ය.


“කළු අශ්වයන් බැඳ සිටි රථය උතුරු දේශයටත්, සුදු අශ්වයන් බැඳ සිටි රථය බටහිරටත්, පුල්ලි ඇති අශ්වයන් බැඳ සිටි රථය දකුණු දේශයටත් දුඹුරු අශ්වයන් බැඳ සිටි රථය නැගෙනහිරටත් යන්නේ ය.”


තුන් වැන්නට සුදු අශ්වයෝ ද සතර වැන්නට පුල්ලි ඇති දුඹුරු පාට අශ්වයෝ ද යොදා සිටියෝ ය.


මනුෂ්‍ය-පුත්‍රයාණෝ පිළිතුරු දෙමින් මෙසේ වදාළ සේක: “සතර වන මෘගයා නම්, සියලු රාජ්‍යවලට වෙනස් වූ, මුළු පොළොව නාස්ති කර පාගාදමා පොඩි කරන හතර වන රාජ්‍යයක් ය.


සෑම තැන ම වසන මිනිසුන් ද මෘගයන් ද ආකාශ පක්ෂීන් ද ඔබ අතට භාර දී ඔව්හු සියල්ලෝ ඔබේ පාලනයට යටත් කරන ලද හ. රත්රන් හිස නම් ඔබ ය.


යකඩ මෙන් සවි ශක්තිය ඇති රාජ්‍යයක් සතර වන වර ඇති වන්නේ ය. යකඩ සියල්ල කඩා බිඳ සුණු විසුණු කරන්නාක් මෙන් ඒ රාජ්‍යය අන් සියල්ල කඩා බිඳ සුණු විසුණු කරන්නේ ය.


එළුවා නම් ග්‍රීසියේ රජ ය. උගේ ඇස් අතරේ තිබුණ ලොකු අඟ පළමු වන රජු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්