21 එළුවා නම් ග්‍රීසියේ රජ ය. උගේ ඇස් අතරේ තිබුණ ලොකු අඟ පළමු වන රජු ය.
21 රළු එළුවා ග්‍රීසියේ රජය. උගේ ඇස් අතරේ තිබෙන ලොකු අඟ පළමුවෙනි රජය.
“එවිට බලසම්පන්න රජෙක් නැඟිට මහත් පරාක්‍රමයෙන් ආණ්ඩු කරමින් තමාගේ හිතුමතේ ක්‍රියා කරන්නේ ය.
එවිට ඔහු මෙසේ කී ය: “මම නුඹ වෙත කුමන කරුණක් නිසා ආවෙම් දැ යි නුඹ දන්නෙහි ද? පළමු කොට මම පර්සියාවේ අධිපතියා සමඟ සටන් කරන්නට ආපසු යන්නෙමි. ඉන්පසු ග්‍රීසියේ අධිපතියා එන්නේ ය.
“නුඹ දුටු අං දෙක ඇති බැටළුවා නම්, මේදියාවේ ද පර්සියාවේ ද රජවරු ය.
ඒ අඟ බිඳී ගිය විට ඒ වෙනුවට තවත් අං සතරක් හටගත්තාක් මෙන් ග්‍රීසිය බිඳී ගොස් රාජ්‍යයන් සතරක් හටගන්නේ ය. එහෙත්, මේ එකක් වත් පළමු රාජ්‍යය තරම් බලවත් නොවන්නේ ය.
දැන් මම මේවා පිළිබඳ සත්‍යය නුඹට දන්වන්නෙමි. “පර්සියාව තුළ තව රජවරු තුන්දෙනෙක් පහළ වන්නාහ. සතරවැන්නා සියල්ලන්ට වඩා ධනවත් වන්නේ ය. ඔහුගේ වස්තුව කරණකොටගෙන ඔහු බලවත් වූ පසු ග්‍රීක් රාජ්‍යයට විරුද්ධ ව සියල්ලන් පොළඹවන්නේ ය.
ඔබට පසු ඔබේ රාජ්‍යයට වඩා පහත් රාජ්‍යයක් ද ඉන්පසු ලෝකඩවලින් අදහස් කෙරෙන, ලොවපුරා පාලනය පැතිර පවත්නා තුන් වන රාජ්‍යයක් ද නැඟී එන්නේ ය.
ඉන්පසු තවත් මෘගයෙකු දිටිමි. ඌ දිවියෙකු වැනි ය. පක්ෂි පියාපත් සතරක් උගේ පිටේ තිබුණේ ය. ඌට හිස් සතරක් ද තිබුණේ ය. ඌට බලය දෙන ලද්දේ ය.
මම ජුදා රට දුන්නක් මෙන් ද එප්‍රායිම් ඊතල මෙන් ද සූදානම් කරගෙන සිටිමි. ග්‍රිසියේ ජනයාට විරුද්ධ ව සටන් කරන පිණිස මම සියොන්හි ජනයා රණශූරයකුගේ කඩුවක් මෙන් යොදාගන්නෙමි.