Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 8:4 - Sinhala New Revised Version

4 ඒ බැටළුවා බස්නාහිර, උතුර හා දකුණ යන දිශාවන්ට අනිනු මම දිටිමි. ඌට විරුද්ධ ව සිටින්නට කිසි මෘගයෙකුට නොහැකි විය. උගේ බලයෙන් බේරෙන්න පුළුවන් කිසිවෙක් නොසිටියේ ය. ඌ හිතුමතේ ක්‍රියා කර බලසම්පන්න විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 ඒ බැටළුවා බස්නාහිරද උතුරද දකුණද දෙසට අනිනවා දුටිමි; කිසි මෘගයෙකුට ඌට විරුද්ධව සිටින්ට බැරිවිය, උගේ අතින් ගළවන්ට කිසිවෙක් සිටියෙත් නැත; ඌ තමාගේ කැමැත්ත ලෙස කරමින් බලවත්වුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 8:4
18 හුවමාරු යොමු  

සිරියාවේ රජ තමන් රිසි පරිදි කරන්නේ ය. ඔහුට විරුද්ධ ව සිටින්නට කිසිවෙකුට පුළුවන්කමක් නැත. ඔහු පලස්තීනයේ සිය බලය පිහිටුවා එය සහමුලින් ම තම බලයට යටත් කරගන්නේ ය.


“රජ ද තමන් රිසි පරිදි ක්‍රියා කර, සියලු දෙවිවරුන්ට වඩා තමා උසස් කරගෙන, දේවාතිදෙවියන්ට විරුද්ධ ව භයානක අපහාසික වචන පවසන්නේ ය. දේව උදහස ඉෂ්ට වන තුරු ඔහු සඵලවත් වන්නේ ය. මන්ද, නියම කර ඇති දේ ඉෂ්ට වන්නේ ය.


ඌ බැටළුවා ළඟට එනු මම දිටිමි. මහත් ක්‍රෝධයෙන් ඌ බැටළුවාට ඇන උගේ අං දෙක බිඳදැමී ය. ඌට විරුද්ධ ව සිටින්නට බැටළුවාට කිසි බලයක් නොතිබුණේ ය. ඌ බැටළුවා බිම දමා පෑගුවේ ය. උගේ බලයෙන් බැටළුවා බේරාගන්නට කිසිවෙක් නොවූ හ.


ජාකොබ්ගේ වංශයේ ඉතිරි අය බොහෝ සෙනඟ වන ජාතීන් අතරේ වනයේ සැරිසරන සිංහයෙකු මෙන් ද බැටළු ගාල් අතරේ සිංහ පැටියෙකු මෙන් ද වන්නෝ ය. ඔව්හු යන විට ගොදුරු පිට කඩා පැන, කෑලි කෑලිවලට ඉරා දමන්නෝ ය. බේරාගන්න කිසිවෙක් නොවන්නේ ය.


මා දුටු දෙ වන මෘගයා වලසෙකු හා සමාන ය. ඌ එක ඇළයකින් කෙළින් වී සිටියේ ය. උගේ කටේ දත් අතරේ ඉළ ඇට තුනක් තිබුණේ ය. ‘නැඟිට බොහෝ මස් කන්නැ’යි ඌට කියන ලද්දේ ය.


එම රාත්‍රියේ ම කල්දිවරුන්ගේ රජ වූ බෙල්ෂෙසර් මරන ලද්දේ ය.


උන් වහන්සේ ඔහුට දුන් මහන්තත්ත්වය නිසා සියලු ජනයෝ ද ජාතීහු ද භාෂාවෝ ද ඔහු ඉදිරියේ වෙවුලා බිය වූවෝ ය. ඔහු කැමැති කෙනෙකු මැරී ය; කැමැති කෙනෙකු ඉතුරු කෙළේ ය. ඔහු කැමැති කෙනෙකු උසස් කෙළේ ය. කැමැති කෙනෙකු පහත් කෙළේ ය.


දුර්වල වූ සියල්ලන් විසුරුවාදමන තුරු නුඹලා ඇලපෙතන් ද උරහිසෙන් ද තල්ලු කර, නුඹලාගේ අංවලින් උන්ට අනින බැවින්,


මට පිටුපා යන්නෙනි, මෙය කල්පනාවට ගන්න; නැතහොත්, මම නුඹලා වනසන්නෙමි. නුඹලා ගළවන්නට කිසිවෙකු නොසිටිනු ඇත.


නැතහොත්, ගළවන්නට බැරි තැනකට සිංහයෙකු මෙන්, ඔවුන් මා ඩැහැගෙන යනු ඇත; එහිදී මා කැබලි කොට මරා දමනු ඇත.


ඔවුන්ගේ මහිමය, ගව කුලුඳුලාගේ මහිමය මෙන් ය; ඒ බලය, කුළු හරකාගේ අං මෙන් ය. ඒ බලයෙන් පොළොවේ කෙළවරට ඔහු, ජනයා නෙරපාදමයි. එප්‍රායිම්ගේ පරපුරෙහි දස දහස ද මනස්සේගේ පරපුරෙහි දහස් ගණන ද මේ ජනයා වෙති.”


තවද, කෙනානාගේ පුත් ශෙදෙකියා යකඩ අං සාදාගෙන, “ඔබ සිරියාවේ වැසියන් නැති කරන තුරු මේවායින් ඔවුන්ට අනිනු ඇත කියා සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි පැවසී ය.


ඔබේ බලයෙන් අපි අපේ සතුරන් පරදාලමු; ඔබේ නාමයේ අනුහසින් අපේ රුපුන් පාගා දමමු.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්