ඔබේ පියාගේ ගෘහය බලා යෑමට ඔබට බලවත් ආශාවක් ඇති වූ නිසා, පිටත් ව ගිය බව මම දනිමි. එහෙත්, ඔබ මා සතු කුල දේවතා රූප සොරාගත්තේ මන්දැ”යි ඇසී ය.
දානියෙල් 11:8 - Sinhala New Revised Version ඔහු සිරියන්වරුන්ගේ දෙවිවරුන් ද වාත්තු රූප ද ඒ දෙවිවරුන්ට කැප කරන ලද අනර්ඝ රිදී රත්රන් බඩු ද පැහැරගෙන මිසරයට යන්නේ ය. ඉන්පසු ඔහු අවුරුදු ගණනකට සිරියාවේ රජුට පහර දීමෙන් වැළකී සිටින්නේ ය. Sinhala Revised Old Version හෙතෙම ඔවුන්ගේ දෙවිවරුන්ද ඔවුන්ගේ වාත්තු පිළිමද ඔවුන්ගේ අනර්ඝ රිදී රත්රන් බඩුද අල්ලා මිසරයට ගෙනයන්නේය. තවද ඔහු උතුරු දිශාවේ රජුගෙන් අවුරුදු ගණනක් වැලෙකනවා ඇත. |
ඔබේ පියාගේ ගෘහය බලා යෑමට ඔබට බලවත් ආශාවක් ඇති වූ නිසා, පිටත් ව ගිය බව මම දනිමි. එහෙත්, ඔබ මා සතු කුල දේවතා රූප සොරාගත්තේ මන්දැ”යි ඇසී ය.
එදින රාත්‍රියේ මම මිසර දේශය මැදින් ගොස්, එහි මිනිසුන්ගේ හා මෘගයන්ගේ කුලුඳුලන්ට පහර දෙමි. තවද, මිසරයේ දෙවිදේවතාවුන් සියල්ලන්ට දඬුවම් පමුණුවමි. මම සමිඳාණන් වහන්සේ ය.
ඔවුන්ගේ දෙවිවරුන් ගින්නෙහි දවා ලූ බව අපි දනිමු. ඒ දෙවිවරුන් ඇත්ත වශයෙන් දෙවිවරුන් නොව, මිනිසුන්ගේ අත්වලින් සාදන ලද ලී හා ගල් පිළිම පමණකි. එබැවින් ඒවා විනාශ විය.
සියලු බලැති ස්වාමීන් වන ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක; “මෙන්න, මම තීබ්ස්හි දෙවියා වන ආමොන්ටත්, පාරාවෝටත්, මිසරයටත්, එහි දෙවිවරුන්ටත්, එහි රජවරුන්ටත්, පාරාවෝ කෙරේ විශ්වාසය තබන්නන්ටත් දඬුවම් කරමින්,
ඒ සති තුන ම පසු වන තුරු මා රස ආහාර කෑවේ වත්, මස් හෝ මුද්‍රික පානය හෝ මාගේ කටට ගත්තේ වත්, තෙල් ගාගත්තේ වත් නැත.
ඔවුන් සශ්‍රික බට ගස්මෙන් සරු වෙතත්, ඔවුන්ගේ උල්පත් හා ජලාශ වියළී යන පිණිස සමිඳාණන් වහන්සේ පාළුකරයෙන් පෙරදිග සුළඟක් එවන සේක. වටිනා සියලු දේ එයින් නැති වී යන්නේ ය.
ඒ රන් වස්සා සෑදුවේ ඉශ්රායෙල් කම්කරුවෙක් ය. එය දෙවියෝ නොවෙති. සමාරියයන් නමස්කාර කරන ඒ වහු පිළිමය මම කැබලි කර දමමි.
එකල මිසර වාසීහු සමිඳාණන් වහන්සේ මැරූ ඔවුන්ගේ කුලුඳුලන් වළලමින් සිටියහ. මෙලෙස උන් වහන්සේ ඔවුන්ගේ දෙවි දේවතාවන්ට ද දඬුවම් කළ සේක.
ඔවුන්ගේ පූජාසන කඩාදමා, රූපස්තම්භ බිඳදමා, අෂේරා කප් කණු ගින්නෙන් පිළිස්සිය යුතු ය. ඔවුන්ගේ දෙවිදේවතාවන්ගේ නෙළූ පිළිම ද සිඳදමා, එම ස්ථානවලින් ඔවුන්ගේ නාම මකාදැමිය යුතු ය.
ඔහු පිළිතුරු දෙමින්, “මා සෑදු දේවතාවන් ද මාගේ පූජකයා ද ඔබ ගෙන යන්නහු ය. මට තවත් ඉතිරි ව තිබෙන්නේ කිමෙක් ද? ‘ඔබට සිදු වී තිබෙන්නේ කුමක් දැ’යි ඔබ මාගෙන් අසන්නේ කෙසේ දැ”යි ඇසී ය.