Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 10:3 - Sinhala New Revised Version

3 ඒ සති තුන ම පසු වන තුරු මා රස ආහාර කෑවේ වත්, මස් හෝ මුද්‍රික පානය හෝ මාගේ කටට ගත්තේ වත්, තෙල් ගාගත්තේ වත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 සති තුනක්ම පසුවෙන තුරු මා රස ආහාර කෑවේවත් මස් හෝ මුද්‍රිකපානය මාගේ කටට ගත්තේවත් තෙල් ගාගත්තේවත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 10:3
11 හුවමාරු යොමු  

එහෙත්, ඔබ උපවාස කරන කල, හිස තෙල් ගල්වා, මුහුණ සෝදාගන්න.


ඔබ දුප්පතුන් පාගාදමා, ඔවුන්ගෙන් අධික ධාන්‍ය කොටසක් බලයෙන් ගන්නහු ය. ඒ නිසා ඔබ කැපූ ගලින් තනාගත් මන්දිරවල වාසය කරන්නේ වත්, වගා කළ සරු මිදි වතුවලින් මිදියුස බොන්නේ වත් නැත.


ඔහු සිරියන්වරුන්ගේ දෙවිවරුන් ද වාත්තු රූප ද ඒ දෙවිවරුන්ට කැප කරන ලද අනර්ඝ රිදී රත්රන් බඩු ද පැහැරගෙන මිසරයට යන්නේ ය. ඉන්පසු ඔහු අවුරුදු ගණනකට සිරියාවේ රජුට පහර දීමෙන් වැළකී සිටින්නේ ය.


මම මාගේ ශරීරය දැඩි ලෙස දමනය කර එය වහල් කරගනිමි. එසේ කරන්නේ අන්‍යයන්ට දේශනා කළායින් පසු, කිසි ලෙසකින් වත් මා ප්‍රතික්ෂේප කරනු නොලබන පිණිස ය.


රිදී කොල්ලකාගන්න, රත්රන් කොල්ලකාගන්න, නිමක් නැති වස්තු ද අනර්ඝ සියලු ආකාර බඩු රාශියක් ද එහි ඇත;


රජතුමා මාලිගාවට ගොස් නිරාහාරයෙන් රාත්‍රිය ගත කෙළේ ය; පුරුදු විනෝද ආස්වාද ද ප්‍රතික්ෂේප කෙළේ ය. ඔහුට කිසි නින්දක් නො වී ය.


එවිට රෝගියාට කෑම ප්‍රිය නැත; රස බොජුන් වුව ද, ඔහු අප්‍රිය කරයි.


සාවුල්ගේ පුත් මෙපිබොෂෙත් දාවිත්ගේ පෙරමඟට ආවේ ය. ඔහු රජු ගිය දා සිට සාමදානයෙන් ආපසු පැමිණි දවස දක්වා තමාගේ පාද සේදුවේ වත්, රැවුල සකස් කරගත්තේ වත්, ඇඳුම් සේදුවේ වත් නැත.


ඔබ මාගේ හිස තෙලින් ආලේප නොකෙළෙහි ය. එහෙත්, මෑ මාගේ පාද සුවඳ විලේපනයෙන් ආලේප කළා ය.


“ඔහු මට කතා කොට, මෙසේ කී ය: ‘දානියෙල්, බිය නොවන්න. නුඹ කරුණු තේරුම්ගැනීමට සැදී පැහැදී සිටින්නෙහි ය. නුඹේ දෙවියන් වහන්සේට නුඹ යටහත් වූ පළමු වන දා පටන් නුඹේ වචන අසනු ලැබී ය. මා පැමිණියේ නුඹේ වචන නිසා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්