Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හොෂෙයා 13:15 - Sinhala New Revised Version

15 ඔවුන් සශ්‍රික බට ගස්මෙන් සරු වෙතත්, ඔවුන්ගේ උල්පත් හා ජලාශ වියළී යන පිණිස සමිඳාණන් වහන්සේ පාළුකරයෙන් පෙරදිග සුළඟක් එවන සේක. වටිනා සියලු දේ එයින් නැති වී යන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 ඔවුන් සශ්‍රික බට ගස්මෙන් සරු වෙතත්, ඔවුන්ගේ උල්පත් හා ජලාශ වියළී යන පිණිස සමිඳාණන් වහන්සේ පාළුකරයෙන් පෙරදිග සුළඟක් එවන සේක. වටිනා සියලු දේ එයින් නැති වී යන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 ඔහු සහෝදරයින් අතරේ සඵලව සිටින නුමුත්, පෙරදිග හුළඟක් වන ස්වාමීන්වහන්සේගේ හුස්ම කාන්තාරයෙන් නැගී ඇවිත්, ඔහුගේ උල්පත හිදීයන්නේය, ඔහුගේ ළිඳද වියළීයනවා ඇත. ඒ අය සියලු ප්‍රිය භාජන වන වස්තු කොල්ලකනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හොෂෙයා 13:15
27 හුවමාරු යොමු  

එහෙත්, එය කෝපයෙන් උදුරනු ලැබ, බිමට හෙළනු ලැබුවේ ය. එහි පල පෙරදිග සුළඟට වියළී ගොස් වැටී ගියේ ය. එහි සවි ඇති දඬු කඩනු ලැබී ය. ඒවා වියළී ගොස් ගින්නෙහි දවනු ලැබී ය.


එය අන් තැනක සිටුවා තිබෙන නමුත්, එය සශ්‍රීක වේ ද? පෙරදිග සුළඟ ඊට වදින විට එය සහමුලින් ම වියළී නොයන්නේ ද? එය වැඩෙන පාත්තිවල ම එය වියළී යන්නේ නැද් ද?’ “


සමිඳාණන් වහන්සේගෙන් මාගේ සෙනඟ දෙසට කඳු මුදුන්වලින් හමන සුළඟ පොළනු ලබන්නට වත්, ශුද්ධ කරනු ලබන්නට වත් හමන සුළඟක් නොව, ඊට වඩා දවාලන සුළඟක් බව ජෙරුසලමට සහ එහි වැසියන්ට කියන කාලය පැමිණෙන්නේ ය. එය පෙළීමට වත් ශුද්ධ කිරීමට වත් නොවන්නේ ය.


ජෝසෙප් පල දරන වැලකි, උල්පතක් ළඟ පල දරන වැලකි, එහි රිකිලි බිත්තියට උඩින් විහිදෙයි.


“දෙවියන් වහන්සේ අපල දේශයේ දී මා සඵල කළ සේකැ”යි කියා ඔහු දෙවැන්නාට එප්‍රායිම් යන නම තැබී ය.


රිදී කොල්ලකාගන්න, රත්රන් කොල්ලකාගන්න, නිමක් නැති වස්තු ද අනර්ඝ සියලු ආකාර බඩු රාශියක් ද එහි ඇත;


ඉශ්රායෙල් සෙනඟ බොහෝ පල දරන සරු මිදි වැලක් මෙන් වූ හ. ඔවුන්ගේ පල වැඩි වන්න වැඩි වන්න ඔව්හු වැඩි වැඩියෙන් පූජාසන සාදාගත්හ. ඔවුන්ගේ දේශය වර්ධනය වූ පමණට ඔව්හු පූජනීය රූපස්ථම්භ වැඩි කරගත්හ.


එප්‍රායිම්ගේ තේජස, ඉගිළී යන කුරුල්ලෙකු මෙන් පහ වී යන්නේ ය. දරුවන් ඉපදීමක් වත්, ගැබ් ගැනීමක් වත්, පිළිසිඳ ගැනීමක් වත් තවත් නොවන්නේ ය.


මාරුතය එහි පියාපත්වලින් ඔවුන් ගසාගෙන යනු ඇත. ඔවුන්ගේ පූජාවලින් ඔව්හු ලජ්ජාවට පත්වන්නෝ ය.”


ඔහු සිරියන්වරුන්ගේ දෙවිවරුන් ද වාත්තු රූප ද ඒ දෙවිවරුන්ට කැප කරන ලද අනර්ඝ රිදී රත්රන් බඩු ද පැහැරගෙන මිසරයට යන්නේ ය. ඉන්පසු ඔහු අවුරුදු ගණනකට සිරියාවේ රජුට පහර දීමෙන් වැළකී සිටින්නේ ය.


එබැවින් සමිඳාණන් වහන්සේ ජෙරුසලමේ ජනයාට මෙසේ වදාළ සේක: “මම නුඹලාට යුක්තිය ඉටු කරමි. නුඹලා උදෙසා පළිගන්නෙමි. මම බබිලෝනියේ මුහුද හිඳී යන්නට සලස්වා, ඇගේ උල්පත් වියළී යන්නට සලස්වන්නෙමි.


තවද, මම මේ මුළු නගරයේ සම්පත ද එහි ධනය ද එහි ඇති සියලු වටිනා දේ ද ජුදා රජවරුන්ගේ සකල වස්තුව ද ඔවුන්ගේ සතුරන් අතට දෙන්නෙමි; ඔවුන් ඒවා කොල්ලකා බබිලෝනියට ගෙනයනු ඇත.


නුඹලා ඒවා පොළන්නහු ය. එවිට ඒවා, සුළඟට ගසාගෙන යන්නේ ය. සුළි සුළඟින් විසිරී යන්නේ ය. එහෙත්, මම නුඹලාගේ දෙවිඳාණන් වන බැවින් නුඹලා ප්‍රීති වන්නහු ය. ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවිඳාණන් වන මට නුඹලා ප්‍රශංසා කරන්නහු ය.


වේගවත් රළ පතර මෙන් ඔවුන් ඉදිරියට ආවත්, දෙවිඳාණෝ ඔවුන්ට තරවටු කරන සේක. එවිට කඳු බෑවුම්වල තිබෙන ධූලි සුළඟටත්, බොල් වී, සුළි සුළඟටත් ගසාගන යන්නාක් මෙන් ඔව්හු පසු බසින්නෝ ය.


ඝාතනය ආරම්භ වේ වා! මේ රජ්ජුරුවන්ගේ දරුවෝ සිය මුතුන්මිත්තන්ගේ පව් නිසා මරනු ලබන්නෝ ය. ඔවුන්ගෙන් කිසිවෙකුත් ලෝකය පාලනය කරන්නේ වත්, ලොව පුරා නගර පිහිටුවන්නේ වත් නැත.”


ඔහුගෙන් පැවත එන්නෝ වැනසී යත් වා! මීළඟ පරම්පරාවේ දී ඔවුන්ගේ නම මැකී යේ වා!


පවිටු දනෝ එසේ නොවෙති; ඔව්හු සුළඟේ යන බොල් හා සමාන වන්නෝ ය.


ඔහු වනාහි, යටින් මුල් වියළී ගිය, උඩින් අතු කපාදමනු ලැබූ ගසක් වැනි ය.


ඔවුන්ගේ මහිමය, ගව කුලුඳුලාගේ මහිමය මෙන් ය; ඒ බලය, කුළු හරකාගේ අං මෙන් ය. ඒ බලයෙන් පොළොවේ කෙළවරට ඔහු, ජනයා නෙරපාදමයි. එප්‍රායිම්ගේ පරපුරෙහි දස දහස ද මනස්සේගේ පරපුරෙහි දහස් ගණන ද මේ ජනයා වෙති.”


එහෙත්, ඔහුගේ පියා එය ප්‍රතික්ෂේප කරමින්, “මම එය දනිමි, මා පුත, මම එය දනිමි, ඔහු ද ජනතාවක් වන්නේ ය. ඔහු ද බලවතෙක් වන්නේ ය. එහෙත් සැබැවින් ම ඔහුගේ බාල සහෝදරයා ඔහුට වඩා බලවත් වන්නේ ය, ඔහුගේ පෙළපත විශාල සෙනඟක් වන්නේ ය”යි කී ය.


ඉන්පසු එහි, පෙරදිග සුළඟින් වියළීගිය තව කේඬෑරි කරල් හතක් මතු විය.


සමිඳාණෝ සිය සෙනඟ වහල්කමට යවමින් ඔවුන්ට දඬුවම් කළ සේක; නැගෙනහිරින් හැමූ අකුණු සුළඟකින් ඔවුන් පහකර දැමූ සේක.


සමිඳාණන් වහන්සේගේ නියමයෙන් ඇති වන ඒ සුළඟ එයට වඩා දරුණු ය. දැන් සමිඳාණන් වහන්සේ ම සිය සෙනඟට විරුද්ධ ව විනිශ්චය ප්‍රකාශ කරන සේක.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “බලන්න! මම බබිලෝනියට ද එහි වැසියන් වන කල්දිවරුන්ට ද විරුද්ධ ව යාමට විනාශකාරයෙකු පොළඹවන්නෙමි.


එසේ නොකළොත් මම ඇය නිරුවත් කරමි; උපන් දා මෙන් නග්න කරමි. නිසරු මරුකතරක් මෙන් ද වියළුණු පාළුකරයක් මෙන් ද වෙන්නට සලස්වන්නෙමි. ඇය පිපාසයෙන් නසන්නෙමි.


තවද, ඉර උදා වූ කල, ඉතා උෂ්ණ සුළඟක් පෙරදිගින් හමන්න උන් වහන්සේ නියම කළ සේක. අවුරශ්මිය ජෝනාගේ හිසට වැදී ඔහු ක්ලාන්ත වී, “ජීවිතයට වඩා මරණය හොඳ ය” කියා සිය ප්‍රාණය හානි කරන ලෙස යාච්ඤා කෙළේ ය.


ඊට පසු මැළවුණු, නිසරු, පෙරදිග සුළඟින් වියළී ගිය තව කරල් හතක් එහි මතු විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්