ඉන්පසු දාවිත් තමාගේ බිරිඳ වන බැත්-ෂෙබා සනසා, ඈ ළඟට පැමිණ, ඈ සමඟ සයනය කෙළේ ය. ඈ පුතෙකු ලැබුවා ය. සලමොන් යන නම දාවිත් ඔහුට තැබුවේ ය. සමිඳාණන් වහන්සේ දරුවාට ප්‍රේම කළ සේක.
ද්විතීය නීතිය 33:12 - Sinhala New Revised Version බෙන්ජමින්ගේ පෙළපත ගැන මෙසේ කී ය: “එම්බා සමිඳුන්ගේ පෙම්වත! එතුමන් කෙරෙහි ඔවුන් සුරැකි ව වසනු ඇත. දවස පුරා සමිඳාණන් ඔහුට රැකවරණය දෙනු ඇත. එතුමන්ගේ රැකවරණය තුළ ඔහු වසනු ඇත.” Sinhala New Revised Version 2018 බෙන්ජමින්ගේ පෙළපත ගැන මෙසේ කී ය: “එම්බා සමිඳුන්ගේ පෙම්වත! එතුමන් කෙරෙහි ඔවුන් සුරැකි ව වසනු ඇත. දවස පුරා සමිඳාණන් ඔහුට රැකවරණය දෙනු ඇත. එතුමන්ගේ රැකවරණය තුළ ඔහු වසනු ඇත.” Sinhala Revised Old Version ඔහු බෙන්යමින් ගැන කියනුයේස්වාමීන්වහන්සේගේ ප්‍රේමවන්තයා උන්වහන්සේ වෙත සුරක්ෂිතව වසන්නේය; උන්වහන්සේ දවස මුළුල්ලේ ඔහු ආවරණ කරනසේක, ඔහු උන්වහන්සේගේ උරහිස් අතරේ වාසය කරන්නේයයි කීය. |
ඉන්පසු දාවිත් තමාගේ බිරිඳ වන බැත්-ෂෙබා සනසා, ඈ ළඟට පැමිණ, ඈ සමඟ සයනය කෙළේ ය. ඈ පුතෙකු ලැබුවා ය. සලමොන් යන නම දාවිත් ඔහුට තැබුවේ ය. සමිඳාණන් වහන්සේ දරුවාට ප්‍රේම කළ සේක.
ඒ බව උන් වහන්සේ දිවැසිවර නාතාන් අත දන්වා හැර, සමිඳාණන් වහන්සේ කී පරිදි, ඔහුට ‘සමිඳුන් ප්‍රේම කළ තැනැත්තා’ යන අර්ථය ඇති ‘ජෙදීදියා’ යන නම තැබී ය.
සලමොන්ගේ පුත්‍ර වන රෙහොබෝවම් ජෙරුසලමට පැමිණි විට, ඉශ්රායෙල් වංශයට විරුද්ධ ව යුද්ධ කොට, තමාට රාජ්‍යය නැවත දිනාගනු පිණිස, මුළු ජුදා ගෝත්‍රයෙන් හා බෙන්‍ජමින් ගෝත්‍රයෙන් යුද්ධ භටයන් එක්ලක්ෂ අසූදහසක් රැස් කෙළේ ය.
රෙහොබෝවම් ජෙරුසලමට පැමිණ, තමාට රාජ්‍යය නැවත ලබාගන්න ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස, ජුදා වංශයෙන් ද බෙන්ජමින් වංශයෙන් ද වන තෝරාගත් යුද්ධ භටයන් එක්ලක්ෂ අසූදහසක් රැස් කෙළේ ය.
ඔහු ආසාගේ පෙරමඟට ගොස් මෙසේ කී ය: “ආසා සහ සියලු ජුදාවරුනි, බෙන්ජමින්වරුනි, මට සවන් දෙන්න. ඔබ සමිඳාණන් වහන්සේ සමඟ සිටින තුරු උන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක. ඔබ උන් වහන්සේ සොයන්නහු නම්, උන් වහන්සේ ඔබ සියල්ලන්ට සම්බ වනු ඇත. ඔබ උන් වහන්සේ අත්හැරියොත්, උන් වහන්සේ ද ඔබ අත්හරිනු ඇත.
ඔබට ප්‍රේම කරන්නන් මිදෙනු පිණිස ඔබේ දකුණතින් අපට ගැළවීම දුන මැනව; අපේ යැදුමට පිළිතුරු දුන මැනව.
සිය පියාපත්වලින් ඔබ ආවරණය කරන සේක; ඒවා ඔබේ රැකවරණ වන්නේ ය. එතුමන්ගේ විශ්වාසවන්තකම ඔබට රැකවරණය ද පලිහ ද වන්නේ ය.
ඉශ්රායෙල් ජනයා සිහි කිරීමේ ගල් මෙන්, ඒ ගල් දෙක ඒපොද් නම් සැට්ටයේ උර පටියේ ඔබ්බා තැබිය යුතු ය. මෙලෙස ආරොන් සමිඳාණන් වහන්සේ ඉදිරියට තම උරහිස් දෙක මත සිහිවීමක් මෙන් ඔවුන්ගේ නාම උසුලාගෙන යනු ඇත.
ඔහු ගැන සමිඳාණන් වහන්සේ වදාරන වචනය මෙසේ ය; “සියොන් කන්‍යා දියණිය, නුඹට අවඥාවෙන් සරදම් කරන්නී ය. ජෙරුසලම් දියණිය, නුඹට සමච්චල් කරමින් සිනාසෙන්නී ය.
මාගේ ගෞරවය සඳහාත්, මාගේ සේවක දාවිත්ට කළ පොරොන්දුව නිසාත් මේ නගරය රැක බලා ගළවාගන්නෙමි.”
අහස විහිදුවා, පොළොවේ අත්තිවාරම් දැමුවේ මම ය. මම සියොන් අමතා, ‘නුඹලා මාගේ සෙනඟ ය; නුඹලාට මාගේ ඉගැන්වීම දිනිමි; මාගේ හස්තයෙන් නුඹලා ආරක්ෂා කරන්නෙමි’යි කීමි.”
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම මාගේ සෙනඟ අත්හැරියෙමි; මා තෝරාගත් දේශය මම ප්‍රතික්ෂේප කෙළෙමි; මා ප්‍රේම කරන සෙනඟ මම සතුරන් අතට පාවා දුන්නෙමි;
“අහෝ ජෙරුසලම! දිවැසිවරයන් නසන, නුඹ වෙත එවූ දූතයන්ට ගල් ගසන ජෙරුසලම! කිකිළියක් ඇගේ පැටවුන් සිය පියාපත් යටට එක්රැස් කරගන්නාක් මෙන් නුඹේ දරු කැල එක්රැස් කරගන්න මම කීවරක් කැමැති වූයෙම් ද? එහෙත්, නුඹ කැමැති නොවූවා ය.
ඔබ ජොර්දාන් ගඟෙන් එතෙර වී, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට දෙන දේශයෙහි පදිංචි වී, ඔබට එහි සුරැකි ව වසන සේ ඔබ වටකර සිටින සියලු සතුරන්ගෙන් රැකවරණය ඔබ ලබාගත් පසු
එසේ කෙළේ, රාජාලියා සිය කැදැල්ල අවුස්සා, පැටවුන්ට පහළින් පියාඹා, පියාපත් විහිදුවා, ඒ මත උන් දරා, උන් ගෙන යන්නාක් මෙනි.
සමිඳුනි, ඔවුන්ගේ ශක්තියට ආසිරි දුන මැනව. ඔවුන්ගේ අත්කම් පිළිගත මැනව. ඔවුන්ට එරෙහි ව නැඟිටින්නන් ඔවුන්ගේ විරුද්ධවාදීන් යළිත් නොනැඟිටින ලෙස ඔවුන්ගේ තුනටියට පහර දුන මැනව.”
ඔබේ පියවරුන්ට උන් වහන්සේ ප්‍රේම කළ නිසා, ඔවුන්ගෙන් පැවත ආ පෙළපත තෝරාගෙන මහා බලය පා මිසර දේශයෙන් උන් වහන්සේ ම ඔවුන් ගෙනා සේක.
බෙන්ජමින්ගේ ගෝත්‍රයේ මිනිස්සු ජෙරුසලමේ විසූ ජෙබුසිවරුන් පන්නා නොදැමූ හ. ජෙබුසිවරු අද දවස දක්වා බෙන්ජමින් ගෝත්‍රයේ සෙනඟ සමඟ ජෙරුසලමේ වාසය කරති.
මෙසේ සාමුවෙල් මුළු ඉශ්රායෙල් ජනතාව එක එක ගෝත්‍රය වශයෙන් ඉදිරිපත් කෙළේ ය. සමිඳාණන් වහන්සේ බෙන්ජමින්ගේ ගෝත්‍රය තෝරාගත් සේක.