Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 සාමුවෙ 10:20 - Sinhala New Revised Version

20 මෙසේ සාමුවෙල් මුළු ඉශ්රායෙල් ජනතාව එක එක ගෝත්‍රය වශයෙන් ඉදිරිපත් කෙළේ ය. සමිඳාණන් වහන්සේ බෙන්ජමින්ගේ ගෝත්‍රය තෝරාගත් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 මෙසේ සාමුවෙල් මුළු ඉශ්රායෙල් ජනතාව එක එක ගෝත්‍රය වශයෙන් ඉදිරිපත් කෙළේ ය. සමිඳාණන් වහන්සේ බෙන්ජමින්ගේ ගෝත්‍රය තෝරාගත් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 මෙසේ සාමුවෙල් සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රයන් ළංකෙරෙවු විට බෙන්යමින් ගෝත්‍රය ගන්නාලද්දේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 10:20
9 හුවමාරු යොමු  

අබ්නේර් බෙන්ජමින්වරුන් සමඟ කතා කෙළේ ය. ඉන්පසු අබ්නේර් ඉශ්රායෙල්වරුන් ද මුළු බෙන්ජමින් වංශය ද කළ යුතු යයි සම්මත කරගත් සියල්ල හෙබ්‍රොන්හි සිටි දාවිත්ට කියන පිණිස ගියේ ය.


එකල නාවික පිරිස තම තමන් අතරේ කතා කරගනිමින්, “මේ විපත්තිය අපට පැමිණියේ කවරෙකු නිසා දැ යි දැනගන්න පිණිස පස ඇට දමමු”යි කී හ. ඒ අනුව ඔව්හු පස ඇට දැමූ හ. පස ඇටය ජෝනාට වැටිණි.


බෙන්ජමින්ගේ පෙළපත ගැන මෙසේ කී ය: “එම්බා සමිඳුන්ගේ පෙම්වත! එතුමන් කෙරෙහි ඔවුන් සුරැකි ව වසනු ඇත. දවස පුරා සමිඳාණන් ඔහුට රැකවරණය දෙනු ඇත. එතුමන්ගේ රැකවරණය තුළ ඔහු වසනු ඇත.”


එහෙත්, නුඹලාගේ සියලු විපත්තිවලින් ද පීඩාවලින් ද නුඹලා ගැළෙවු නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා නුඹලා අද එපා කර, නුඹලාට රජ කෙනෙකු පත් කරන ලෙස මාගෙන් ඉල්ලන්නහු ය. එබැවින් දැන් නුඹලා ගෝත්‍ර වශයෙන් ද පවුල් වශයෙන් ද ස්වාමීන් වන මා ඉදිරියේ රැස් වන්න.’ “


ඉන්පසු සාමුවෙල් බෙන්ජමින්ගේ ගෝත්‍රයේ අය පවුල් වශයෙන් ඉදිරිපත් කෙළේ ය. ඒවායින් මට්රීගේ පවුල තෝරාගන්නා ලද්දේ ය. ඒ පවුලෙන් කිෂ්ගේ පුත් සාවුල් තෝරාගන්න ලද්දේ ය. එහෙත්, ඔවුන් සාවුල් කොහේ දැ යි සෙවූ නමුත්, ඔහු සොයාගත නොහැකි විය.


එවිට සාවුල් කතා කොට, “සෙනඟගේ සියලු ප්‍රධානියෙනි, මෙහි රැස් ව අද මේ පාප සිදු වුණේ කුමන හේතුවක් නිසා දැ යි සෝදිසි කර බලන්න.


සාවුල් යාච්ඤා කරමින්, “ඉශ්රායෙල්හි දෙවි සමිඳාණන් වහන්ස, ඔබ වහන්සේගේ මෙහෙකරු වන මට අද ඔබ පිළිතුරු නුදුන්නේ මන් ද? ඉශ්රායෙල්හි දෙවි සමිඳුනි, වරද මා අත හෝ මාගේ පුත් ජොනතන් අත හෝ වේ නම්, උරීම් කැටයේ දාදුව දැමීමෙන් පෙන්වා දෙන්න. වරද ඔබ වහන්සේගේ ඉශ්රායෙල් සෙනඟ අතේ නම්, තුමිම් කැටයේ දාදුව දැමීමෙන් පෙන්වා දෙන්නැ”යි සමිඳාණන් වහන්සේට කීවේ ය. දාදු දැමූ විට සාවුල් සහ ජොනතන් වරදකරුවන් බව පෙනිණි. සෙනඟ වරදින් නිදහස් වුණෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්