“තවද, ඔබ රාජ්‍යයන් ද ජනයන් ද ඔවුන්ට දී, ඔවුන් පළාත්වලට බෙදා නියම කළ සේක. මෙසේ ඔව්හු සීහොන්ගේ දේශයත් එනම්, හෙෂ්බොන්හි රජුගේ දේශයත්, බාෂාන්හි රජ වූ ඕග්ගේ දේශයත් හිමි කරගත්තෝ ය.
ද්විතීය නීතිය 2:32 - Sinhala New Revised Version සීහොන් ද ඔහුගේ මුළු සෙනඟ ද අපට විරුද්ධ ව සටන් අරඹා යහශ් නම් ස්ථානයට පැමිණියෝ ය. Sinhala New Revised Version 2018 සීහොන් ද ඔහුගේ මුළු සෙනඟ ද අපට විරුද්ධ ව සටන් අරඹා යහශ් නම් ස්ථානයට පැමිණියෝ ය. Sinhala Revised Old Version එවිට සීහොන්ද ඔහුගේ මුළු සෙනඟද අපට විරුද්ධව සටන්කරන පිණිස යහශ්ට ආවෝය. |
“තවද, ඔබ රාජ්‍යයන් ද ජනයන් ද ඔවුන්ට දී, ඔවුන් පළාත්වලට බෙදා නියම කළ සේක. මෙසේ ඔව්හු සීහොන්ගේ දේශයත් එනම්, හෙෂ්බොන්හි රජුගේ දේශයත්, බාෂාන්හි රජ වූ ඕග්ගේ දේශයත් හිමි කරගත්තෝ ය.
අමෝරිවරුන්ගේ රජ වූ සීහොන් ද බාෂාන්හි රජ වූ ඕග් ද කානාන්හි සියලු රාජ්‍යයන් ද වැනසූ සේක.
අමෝරිවරුන්ගේ රජ වූ සීහොන් නැසූ තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
“එවිට සමිඳාණන් වහන්සේ මා අමතා ‘මෙන්න, සීහොන් රජු සහ ඔහුගේ දේශය මම නුඹට දෙන්නට පටන්ගතිමි. එම දේශය අල්ලාගෙන, උරුම කරගන්නැ’යි වදාළ සේක.
දෙවි සමිඳාණන් වහන්සේ ඔහු අපට පාවා දුන් සේක. අපි ද ඔහුටත්, ඔහුගේ දරුවන්ටත්, සියලු සෙනඟටත් පහර දුන්නෙමු.
“ඉන්පසු අපි එතැනින් හැරී බාෂාන් දක්වා වැටී තිබූ මාර්ගය ඔස්සේ ගියෙමු. එවිට බාෂාන්හි රජ වූ ඕග් ද ඔහුගේ මුළු සෙනඟ ද එද්රෙයි නම් ස්ථානයේ දී අප සමඟ සටනට පැමිණියහ.
නැගෙනහිරට ජොර්දානෙන් එගොඩ අර්ණොන් ඔය පටන් හෙර්මොන් කන්ද දක්වා ද මුළු නැගෙනහිර අරබා සමභූමියට ද ඉශ්රායෙල් සෙනඟ පහර දී හිමි කරගත්තෝ ය. ඒ දේශයේ රජවරු මොවුහු ය.