Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 3:1 - Sinhala New Revised Version

1 “ඉන්පසු අපි එතැනින් හැරී බාෂාන් දක්වා වැටී තිබූ මාර්ගය ඔස්සේ ගියෙමු. එවිට බාෂාන්හි රජ වූ ඕග් ද ඔහුගේ මුළු සෙනඟ ද එද්රෙයි නම් ස්ථානයේ දී අප සමඟ සටනට පැමිණියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 “ඉන්පසු අපි එතැනින් හැරී බාෂාන් දක්වා වැටී තිබූ මාර්ගය ඔස්සේ ගියෙමු. එවිට බාෂාන්හි රජ වූ ඕග් ද ඔහුගේ මුළු සෙනඟ ද එද්රෙයි නම් ස්ථානයේ දී අප සමඟ සටනට පැමිණියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 එකල අපි හැරී බාෂාන්ට යන මාර්ගයෙන් නැගී ගියෙමුව. බාෂාන්හි රජවූ ඕග් සහ ඔහුගේ මුළු සෙනඟද සටන්කරන්ට අපට විරුද්ධව එද්රෙයිට ආවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 3:1
15 හුවමාරු යොමු  

ඔබ මෙතැනට පැමිණි විට හෙෂ්බොන්හි රජ වූ සීහොන් ද බාෂාන්හි රජ වූ ඕග් ද අපට විරුද්ධ ව සටනට පැමිණි නමුත්, අපි ඔවුන්ට පහර දුනිමු.


මෙය වූයේ ඔහු හෙශ්බොන්හි වාසය කළ අමෝරිවරුන්ගේ රජ වූ සීහොන් ද එද්රෙය අසල අෂ්තාරොත්හි විසූ බාෂාන්හි රජ වූ ඕග් ද පරාජය කළ පසු ය.


බාෂාන්හි රජ වූ ඕග් නැසූ තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.


“තවද, ඔබ රාජ්‍යයන් ද ජනයන් ද ඔවුන්ට දී, ඔවුන් පළාත්වලට බෙදා නියම කළ සේක. මෙසේ ඔව්හු සීහොන්ගේ දේශයත් එනම්, හෙෂ්බොන්හි රජුගේ දේශයත්, බාෂාන්හි රජ වූ ඕග්ගේ දේශයත් හිමි කරගත්තෝ ය.


අමෝරිවරුන්ගේ රජ වූ සීහොන්ගේ ද බාෂාන්හි රජ වූ ඕග්ගේ ද දේශය වූ ගිලියද් දේශයෙහි විසූ උරීගේ පුත් ගෙබෙර් ය. ඒ දේශයෙහි සිටියේ එක නිලධාරියෙක් පමණ ය.


ඔවුන්ගේ පළාත නම්, මහනයිම් පටන් මුළු බාෂාන් වන බාෂාන්හි රජ වූ ඕග් රජුගේ මුළු රාජ්‍යයත් බාෂාන්හි තිබෙන ජායිර්ගේ සියලු නගර එනම්, නගර හැටකුත් ය.


රෙපායිම් යන යෝධයන්ගෙන් ඉතිරි ව සිටි බාෂාන්හි රජ වූ ඕග්ගේ පළාතටත් ඔව්හු පහර දී එය හිමි කරගත්තෝ ය. ඕග් වූකලී අෂ්ටාරොත්හිත්, එද්‍රෙයෙහිත් වාසය කෙළේ ය.


ජොර්දාන් ගඟින් එගොඩ විසූ අමෝරිවරුන්ගේ රජවරුන් දෙදෙනා වන හෙෂ්බොන්හි රජ වූ සීහොන්ටත්, අෂ්ටාරොත්හි විසූ බාෂාන්හි රජ වූ ඕග්ටත් කළ සියල්ල ද අපි ඇසීමු.


සමිඳාණන් වහන්සේ වනසා ලූ අමෝරිවරුන්ගේ රජුන් වන සීහොන්ට සහ ඕග්ට ද ඔවුන්ගේ දේශයට ද කළ ලෙස, උන් වහන්සේ ඔවුන්ටත් කරන සේක.


ඔව්හු බාෂාන්හි රජු වූ ඕග්ගේ දේශය ද අයිති කරගත්හ. මේ දෙදෙනා ජොර්දාන් ගඟෙන් මෙගොඩ නැගෙනහිර දෙස පදිංචි වූ අමෝරිවරුන්ගේ රජවරු ය.


සමිඳාණන් වහන්සේ මා අමතා, ‘ඔහුට බිය නොවන්න. ඔහුත්, ඔහුගේ මුළු සෙනඟත්, රටත් නුඹේ බලයට මම පාවා දෙන්නෙමි. හෙෂ්බොන්හි පදිංචි වූ අමෝරිවරුන්ගේ රජු වන සීහොන්ට නුඹ කළ පරිදි, මොහුටත් කළ යුතු ය’යි වදාළ සේක.


සීහොන් ද ඔහුගේ මුළු සෙනඟ ද අපට විරුද්ධ ව සටන් අරඹා යහශ් නම් ස්ථානයට පැමිණියෝ ය.


නැගෙනහිරට ජොර්දානෙන් එගොඩ අර්ණොන් ඔය පටන් හෙර්මොන් කන්ද දක්වා ද මුළු නැගෙනහිර අරබා සමභූමියට ද ඉශ්රායෙල් සෙනඟ පහර දී හිමි කරගත්තෝ ය. ඒ දේශයේ රජවරු මොවුහු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්