ආබ්‍රහම් ද දෙවියන් වහන්සේට යච්ඤා කෙළේ ය. උන් වහන්සේ ද අබිමෙලෙක් සුවපත් කළ සේක; ඔහුගේ භාර්යාවට හා දාසීන්ට දරුසම්පත් ලැබෙන සේ ඔවුන් සුවපත් කළ සේක.
යෝබ් 42:8 - Sinhala New Revised Version එබැවින් නුඹලා දවන යාග පූජාවක් ඔප්පු කරන පිණිස, ගොන් සත්දෙනෙකුත් බැටළුවන් සත්දෙනෙකුත් රැගෙන මාගේ සේවකයා වන ජෝබ් වෙත යන්න. ඔහු නුඹලා වෙනුවෙන් අයැදුම් කරනු ඇත. එවිට නුඹලාගේ අඥානකම්වල හැටියට මා විසින් නුඹලාට දුර්විපාක නොදෙන පිණිස ඔහුගේ අයැදුම් පිළිගන්නෙමි. මාගේ සේවකයා වන ජෝබ් මෙන් නුඹලා මා ගැන ඇත්ත නොකීවහු ය”යි වදාළ සේක. Sinhala New Revised Version 2018 එබැවින් නුඹලා දවන යාග පූජාවක් ඔප්පු කරන පිණිස, ගොන් සත්දෙනෙකුත් බැටළුවන් සත්දෙනෙකුත් රැගෙන මාගේ සේවකයා වන ජෝබ් වෙත යන්න. ඔහු නුඹලා වෙනුවෙන් අයැදුම් කරනු ඇත. එවිට නුඹලාගේ අඥානකම්වල හැටියට මා විසින් නුඹලාට දුර්විපාක නොදෙන පිණිස ඔහුගේ අයැදුම් පිළිගන්නෙමි. මාගේ සේවකයා වන ජෝබ් මෙන් නුඹලා මා ගැන ඇත්ත නොකීවහු ය”යි වදාළ සේක. Sinhala Revised Old Version එබැවින් ගොන් සත්දෙනෙකුත් බැටළුවන් සත්දෙනෙකුත් රැගෙන මාගේ සේවකයාවූ යෝබ් ළගට ගොස්, නුඹලා වෙනුවට දවන පූජාවක් ඔප්පුකරන්න. මාගේ සේවකයාවූ යෝබ් නුඹලා උදෙසා යාච්ඤාකරන්නේය; එවිට නුඹලාගේ මෝඩකමේ හැටියට මා විසින් නුඹලාට නොකරන පිණිස ඔහු පිළිගන්නෙමි; මක්නිසාද මාගේ සේවකයාවූ යෝබ් වාගේ නුඹලා මා ගැන හරි ලෙස කථාකළේ නැතැයි කීසේක. |
ආබ්‍රහම් ද දෙවියන් වහන්සේට යච්ඤා කෙළේ ය. උන් වහන්සේ ද අබිමෙලෙක් සුවපත් කළ සේක; ඔහුගේ භාර්යාවට හා දාසීන්ට දරුසම්පත් ලැබෙන සේ ඔවුන් සුවපත් කළ සේක.
එබැවින් දැන් එම බිරිඳ සිය සැමියාට ආපසු බාර දෙන්න. ඔහු දිවැසිවරයෙකු බැවින් ඔහු නුඹ උදෙසා යච්ඤා කරනු ඇත. නුඹ නොමැරෙන්නෙහි ය; එහෙත් නුඹ ඈ ආපසු බාර නොදෙන්නෙහි නම්, නුඹත්, නුඹ සතු සියල්ලත් නියත වශයෙන් ම මැරෙන බව දැනගන්නැ”යි වදාළ සේක.
තවද, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙන යන ලෙවීවරුන්ට දෙවියන් වහන්සේ පිහිට වන බැවින් ඔව්හු ගොන් හත්දෙනෙකු ද බැටළුවන් හත්දෙනෙකු ද පූජා කළෝ ය.
ඔව්හු රාජ්‍යය ද ශුද්ධස්ථානය ද ජුදාවරුන් ද උදෙසා පාප පූජාවක් පිණිස ගොනුන් සත්දෙනෙකුත්, බැටළුවන් සත්දෙනෙකුත්, බැටළු පැටවුන් සත්දෙනෙකුත්, එළුවන් සත්දෙනෙකුත් ගෙනාහ. ඒ සතුන් සමිඳාණන් වහන්සේගේ පූජාසනය පිට ඔප්පු කරන්න ඔහු පූජකයන් වන ආරොන්ගේ පුත්‍රයන්ට කීවේ ය.
මංගල භෝජන සංග්‍රහ වටය නිම වූ එක එක වාරයේ දී ජෝබ් තම පුත්‍රයන් වෙත පණිවුඩ යවා ඔවුන් ගෙන්වා, ඔවුන්ගේ පවිත්‍රවීම පිණිස පසු දා අලුයම නැඟිට ඔවුන් එකිනෙකා වෙනුවෙන් දවන යාග පූජා පුද කෙළේ ය. එසේ කෙළේ, යම් හෙයකින් ඔවුන් තමන් සිතින් පව් කොට, නොදැනුවත් ව දේවාපහාස කිරීමේ වරදට වැටෙන්නට ඇද්දැ යි ජෝබ් සිතූ බැවිනි. හැම වාරයෙහි ම ඔහු මෙසේ කෙළේ ය.
එවිට සමිඳාණන් වහන්සේ, “මාගේ සේවක ජෝබ් ගැන සොයා බැලීමට නුඹට අවස්ථාවක් වී ද? ඔහු වැනි විනය ගරුක, අවංක, දේව භය ඇති, පවින් වැළකී සිටින අන් කිසි අයෙක් මුළු මහ පොළොවෙහි නැතැ”යි වදාළ සේක.
ඔබේ දුෂ්ටකමින් අවැඩක් වන්නේ ඔබ වැනි මිනිසුන්ට පමණකි. ඔබේ දැහැමිකමින් මුළු මිනිස් වර්ගයාට වැඩක් වනු ඇත.
තේමානීය එලිපස් ද ෂුහිය බිල්දද් ද නයමාතීය ශෝපර් ද ගොස්, සමිඳාණන් වහන්සේ අණ කළ ලෙස කළහ. සමිඳාණන් වහන්සේ ජෝබ්ගේ ආයාචනය පිළිගත් සේක.
එතුමාණෝ අපේ පාපවලට සරිලන ලෙස අපට දඬුවම් නොදෙන සේක; අපේ අයුතුකම්වලට සැසඳෙන ලෙස ප්‍රතිවිපාක නොදෙන සේක.
ඉන්පසු මෝසෙස්ගේ මාමණ්ඩි වන ජෙත්රෝ සමිඳාණන් වහන්සේට ඔප්පු කරන පිණිස දවන යාග පූජාවක් හා පුද පඬුරු ගෙනාවේ ය. ආරොන් ද ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් සියල්ලෝ ද මෝසෙස්ගේ මාමණ්ඩි සමඟ දෙවියන් වහන්සේ ඉදිරියෙහි භෝජනයට සහභාගි වූ හ.
නුඹට පීඩා කළ අයගේ පුත්‍රයන් දණින් වැටී නුඹ වෙත පැමිණෙනු ඇත. නුඹ හෙළා දැක්ක සියල්ලන් ද නුඹේ පාමුල වැඳ වැටෙනු ඇත. ඔවුන් නුඹට, ‘සමිඳුන්ගේ නගරය’ කියාත්, ‘සියොන් නම් ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේගේ නුවර ය’ කියාත් කියනු ඇත.
සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “මේ සෙනඟගේ යහපත උදෙසා මට යාච්ඤා නොකරන්න. ඔවුන් උපවාසයේ යෙදුණත්, ඔවුන්ගේ කන්නලව්වලට මම සවන් නොදෙන්නෙමි; ඔවුන් දවන යාග පූජා ද ධාන්‍ය පූජා ද ඔප්පු කරතත්, මම ඒවා නොපිළිගනිමි.
එකල සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “මෝසෙස් හා සාමුවෙල් මා ඉදිරියෙහි සිට කන්නලව් කළත්, මේ සෙනඟට මම අනුකම්පා නොකරමි. මා ඉදිරියෙන් ඔවුන් පහ කරන්න; ඔවුන් පලවා හරින්න.
එකල්හි නෝවා ද දානියෙල් ද ජෝබ් ද යන මේ මනුෂ්‍යයන් තිදෙනා එහි සිටියත්, ඔවුන්ට තමන්ගේ ධර්මිෂ්ඨකමින් ගළවාගත හැකි වන්නේ ඔවුන්ගේ ම ප්‍රාණ පමණකි.
ඔහු මංගල්‍යය පවත්වන දවස් සත තුළ සමිඳාණන් වහන්සේට දවන යාග පූජාවක් ලෙස එක එක දවසට කැළලක් නැති ගොන් වස්සන් සත්දෙනෙකු ද බැටළුවන් සත්දෙනෙකු ද පාප පූජාවක් ලෙස දවසට එළුවෙකු ද පිළියෙළ කරන්නේ ය.
බාලාම් බාලාක්ට කතා කොට, “මෙහි මට පූජාසන හතක් තනා, ගොනුන් හත්දෙනෙකු හා බැටළු වස්සන් හත්දෙනෙකු සපයා දෙන්නැ”යි කී ය.
මෙසේ කියා පිස්ගා නම් කඳු මුදුනෙහි ශොපිම් නම් කෙතට ඔහු ගෙනැවිත්, එහි පූජාසන හතක් තනා එක එක පූජාසනය මත ගොනෙකු හා බැටළු වස්සෙකු බැගින් පූජා කෙළේ ය.
ඔහු බාලාක්ට කතා කොට, “මෙහි පූජාසන හතක් තනා, ගොනුන් හත්දෙනෙකු හා බැටළු වස්සන් හත්දෙනෙකු සපයා දෙන්නැ”යි කී ය.
තවද, “මොහු මාගේ ප්‍රියාදර පුත්‍රයා ය; මොහු කෙරේ මම ඉතා ප්‍රසන්න වී සිටිමි”යි ස්වර්ගයෙන් හඬක් නික්මිණි.
උන් වහන්සේ එසේ කළේ තමන් වහන්සේගේ ප්‍රේමයාණන් වහන්සේ තුළ අපට දේව වරප්‍රසාදය අනුව ලබාදුන් මහිමාන්විත කරුණාවේ ප්‍රශංසාව සඳහා ය.
තඹකරු ඇලෙක්සැන්දර් මට බොහෝ නපුරුකම් පෑවේ ය. සමිඳාණන් වහන්සේ ඔහු කළ දෙයට නිසි විපාක දෙන සේක.
එබැවින් උන් වහන්සේ මඟින් දෙවියන් වහන්සේ වෙතට ළඟා වන්නන් සදහට ම ගළවන්නට උන් වහන්සේට පිළිවන. මන්ද, ඔවුන් උදෙසා මැදහත් වීමට උන් වහන්සේ සදහට ම ජීවත් වන බැවිනි.
ඔබ අතරෙන් යමෙක් රෝගී ව සිටින්නේ නම්, ඔහු සභා මූලිකයන් කැඳවාගනී වා. ඒ මූලිකයෝ සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ඔහු තෙලින් ආලේප කොට, ඔහු උදෙසා යාච්ඤා කරත් වා.
එබැවින් ඔබ එකිනෙකාට පාපෝච්චාරණය කර, සුවය ලබන පිණිස, එකිනෙකා උදෙසා යාච්ඤා කරන්න. දැහැමි මිනිසෙකු යදින යැදුම බලවත් ය; පලදායක ය;
යමෙකු තම සහෝදරයා මරණීය නොවන පාපයක් කරන බව දුටුවොත්, ඔහු යාච්ඤා කෙරේ වා! එවිට, එය මරණයට නොපමුණුවන පාපයක් නම්, දෙවියන් වහන්සේ ඔහුට ජීවනය දෙන සේක. මරණයට පමුණුවන පාපයක් ඇත්තේ ය. ඒ ගැන ඔබ යාච්ඤා කළ යුතු යයි මම නොකියමි.
ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ, වතුර හා රුධිරය කරණකොටගෙන පැමිණි තැනැන් වහන්සේ ය. එසේ පැමිණියේ වතුර පමණක් නොව වතුරත් රුධිරයත් ඇතිව ය. මෙය සත්‍ය බවට ආත්මයාණන් වහන්සේ සාක්ෂි දරන සේක. මන්ද, ආත්මයාණන් වහන්සේ සත්‍යය වන බැවිනි.
බලන්න, ජුදෙව්වරුන් නොවන නමුත්, තුමූ ජුදෙව්වරු යයි බොරුවට කියා ගන්නා වූ සාතන්ගේ හවුලේ අයට පැමිණ ඔබේ පා ඉදිරියෙහි වැඳ වැටෙන්නටත්, මා ඔබට ප්‍රේම කළ බව දැනගන්නටත් සලසන්නෙමි.
මෙසේ කියා දාවිත් අබිගායිල් තමාට ගෙනා දේවල් ඇගේ අතින් පිළිගෙන, “ඔබේ ගෙදරට ශාන්ති සිතින් යන්න; මම ඔබේ හඬට සවන් දී ඔබ කී දේ පිළිගතිමි”යි කීවේ ය.