Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 1:8 - Sinhala New Revised Version

8 එවිට සමිඳාණන් වහන්සේ, “මාගේ සේවක ජෝබ් ගැන සොයා බැලීමට නුඹට අවස්ථාවක් වී ද? ඔහු වැනි විනය ගරුක, අවංක, දේව භය ඇති, පවින් වැළකී සිටින අන් කිසි අයෙක් මුළු මහ පොළොවෙහි නැතැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 එවිට සමිඳාණන් වහන්සේ, “මාගේ සේවක ජෝබ් ගැන සොයා බැලීමට නුඹට අවස්ථාවක් වී ද? ඔහු වැනි විනය ගරුක, අවංක, දේව භය ඇති, පවින් වැළකී සිටින අන් කිසි අයෙක් මුළු මහ පොළොවෙහි නැතැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 එවිට ස්වාමීන්වහන්සේ: නුඹ මාගේ මෙහෙකරුවූ යෝබ් ගැන කල්පනාකෙළෙහිද? ඔහු මෙන් නිර්දෝෂවූ, අවංකවූ, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, නපුරෙන් වැලකී සිටින්නාවූ මනුෂ්‍යයෙක් පොළොවෙහි නැතැයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 1:8
29 හුවමාරු යොමු  

එවිට සමිඳාණන් වහන්සේ කතා කරමින්, “මාගේ සේවක ජෝබ් ගැන සොයා බැලීමට නුඹට අවස්ථාවක් වී ද? ඔහු වැනි විනය ගරුක, අවංක, දේව භය ඇති, පවින් වැළකී සිටින අන් කිසිවෙක් මුළු මහ පොළොවෙහි නැත. නිරපරාදේ ඔහු වනසාලීමට නුඹ මා පෙළඹෙවූ නමුත්, ඔහුගේ දේව භක්තිය කිසි සේත් තව ම අඩු වී නැතැ”යි සාතන්ට වදාළ සේක.


යටගිය දවස ජෝබ් නම් මනුෂ්‍යයෙක් ඌශ් දේශයෙහි වාසය කෙළේ ය. ඔහු වනාහි විනය ගරුක, අවංක, දේව භය ඇති, පවින් වැළකී සිටි කෙනෙකි.


ස්නානය කොට පිරිසිදු වන්න; මා ඇස් හමුයෙන් ඔය පව් දුරු කරන්න. නපුරුකම් තවත් නොකරන්න.


දේව ගරුබිය පෑම නපුරට ද්වේෂ කිරීම ය. මම උඩඟුකමට ද අහංකාරකමට ද නපුරු කල්ක්‍රියාවට ද මුසාවාදයට ද තදින් වෛර කරමි.


දෙවි තුමන් නිදොස් කෙනෙකු ඉවත ලන්නේ වත්, නපුරෙකු සමඟ සමගි වන්නේ වත් නැත.


මෝසෙස්ගේ මුළු ව්‍යවස්ථාව ලෙස තමාගේ මුළු හෘදයෙන් ද තමාගේ මුළු සිතින් ද තමාගේ මුළු වීර්යයෙන් ද සමිඳාණන් වහන්සේ වෙත හැරුණු ඔහු හා සමාන රජෙක් ඔහුට පළමුවෙන් වත්, ඔහුට පසු ව වත් නොසිටියේ ය.


සමිඳාණෝ පවුර ද පලිහ ද වන සේක; අපට කරුණාවත්, මහිමයත් පෙන්වමින් ආශීර්වාද කරන සේක; නිදොස් ලෙස හැසිරෙන අයට සෑම යහපතක් දෙන සේක.


මිහි පිට සිටි සියලු මිනිසුන් අතරෙන් මෝසෙස් අතිනිහතමානී කෙනෙක් විය.


“මා සහාය දෙන මාගේ සේවකයා මෙන්න. මට ප්‍රිය වූ මාගේ තෝරාගත් තැනැත්තා මෙන්න. මාගේ ආත්මානුභාවය මා එතුමාට ප්‍රදානය කර ඇත. සියලු ජාතීන්ට එතුමා යුක්තිය ගෙන දෙනු ඇත.


මම එතුමන් අබිමුවෙහි නිදොස් ව සිටියෙමි; පවින් වැළකී සිටියෙමි.


දෙවි තුමාණන් මිනිසාගේ ජීවිතය පැහැර ගතහොත්, ඔහුගේ හුස්ම ඔහුගෙන් ඇදගතහොත්


මම දෙවිඳුන් අයැද උත්තර ලත් මිනිසෙක්මි; එහෙත්, මාගේ මිතුරන් හට දැන් මම විහිළුවක් වී සිටිමි. අනේ! දැහැමි, අවංක මිනිසා විහිළුවක් වන හැටි!


මාගේ සේවක වූ මෝසෙස් අණ කළ සියලු නීති අනුව ක්‍රියා කිරීමට බලාගන්නා ලෙස ශක්තිමත් ව ද ධෛර්යවත් ව ද සිටින්න. නුඹ යන යන සෑම තැන දී ම නුඹට ශුභසිද්ධ වන පිණිස එම නීතිය අකුරට ම පිළිපදින්න.


ජේසුස් වහන්සේ නතානියෙල් තමන් වෙත එනු දැක, “මෙන්න, හොරබොරු නැති, සැබෑ ඉශ්රායෙල් ජාතිකයෙකැ”යි ඔහු ගැන වදාළ සේක.


ඒ මිනිසා මට කතා කොට, “මනුෂ්‍ය පුත්‍රය, නුඹේ නෙත්වලින් බලා, කන්වලින් අසා මා නුඹට පෙන්වන සියල්ල දෙස නුඹේ සිත යොමු කරන්න. මන්ද, නුඹ මේ ස්ථානයට පමුණුවනු ලැබුවේ ඒවා නුඹට පෙන්වන පිණිස ය. නුඹ දකින සියල්ල ඉශ්රායෙල් සෙනඟට දන්වන්නැ”යි කීවේ ය.


මා සේවක දාවිත් මම සොයාගත්තෙමි; ශුද්ධ තෛලයෙන් මම ඔහු ආලේප කෙළෙමි.


නපුර දුරු කොට යහපත කරන්න. තිර කල් යෙහෙන් වැජඹෙනු ඇත.


දුදනාගේ හද පත්ලෙහි පවට පෙළඹීම ඇත; ඔහු තුළ දේව ගරුබිය නැත.


නපුර හැර දමා යහපත කරන්න; සාමය සොයා ඒ අනුව යන්න.


එහෙත්, මට පෙර සිටි පුරෝගාමි දිශාධිපතිවරු සෙනඟට බරක් වී, කෑමත් මුද්‍රික පානයත් හැර රිදී කාසි හතළිහකුත් අය කරගත්තෝ ය. ඒ පමණක් නොව, ඔවුන්ගේ සේවකයෝ පවා සෙනඟට හිරිහැර කළෝ ය. එහෙත්, මම දෙවියන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව සිටි නිසා එසේ නොකෙළෙමි.


“මාගේ සේවක වූ මෝසෙස් මළේ ය. දැන් ඉතින් නුඹත්, මේ මුළු සෙනඟත් නැඟිට, ඔවුන්ට එනම්, ඉශ්රායෙල් ජනතාවට මා දෙන්නට යන දේශයට ජොර්දාන් ගඟින් එගොඩ වී යන්න.


නැවත සගලොව රාජ සභාවෙහි ඇමති මණ්ඩලය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි රැස් වූ විට සාතන් ද ඔවුන් අතර විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්