Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 15:26 - Sinhala New Revised Version

26 තවද, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙන යන ලෙවීවරුන්ට දෙවියන් වහන්සේ පිහිට වන බැවින් ඔව්හු ගොන් හත්දෙනෙකු ද බැටළුවන් හත්දෙනෙකු ද පූජා කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 තවද, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙන යන ලෙවීවරුන්ට දෙවියන් වහන්සේ පිහිට වන බැවින් ඔව්හු ගොන් හත්දෙනෙකු ද බැටළුවන් හත්දෙනෙකු ද පූජා කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

26 තවද ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනයන ලෙවීවරුන්ට දෙවියන්වහන්සේ පිහිටවූ කල ඔව්හු ගොන් හත්දෙනෙක්ද බැටළුවන් හත්දෙනෙක්ද පූජාකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 15:26
12 හුවමාරු යොමු  

ඔහු බාලාක්ට කතා කොට, “මෙහි පූජාසන හතක් තනා, ගොනුන් හත්දෙනෙකු හා බැටළු වස්සන් හත්දෙනෙකු සපයා දෙන්නැ”යි කී ය.


එබැවින් නුඹලා දවන යාග පූජාවක් ඔප්පු කරන පිණිස, ගොන් සත්දෙනෙකුත් බැටළුවන් සත්දෙනෙකුත් රැගෙන මාගේ සේවකයා වන ජෝබ් වෙත යන්න. ඔහු නුඹලා වෙනුවෙන් අයැදුම් කරනු ඇත. එවිට නුඹලාගේ අඥානකම්වල හැටියට මා විසින් නුඹලාට දුර්විපාක නොදෙන පිණිස ඔහුගේ අයැදුම් පිළිගන්නෙමි. මාගේ සේවකයා වන ජෝබ් මෙන් නුඹලා මා ගැන ඇත්ත නොකීවහු ය”යි වදාළ සේක.


“එහෙත්, මේ ආකාරයෙන් ඔබට මේවා ඔප්පු කිරීමට පොහොසත් වූ මමත්, මාගේ සෙනඟත් කවුරු ද? මන්ද, සියල්ල ම පැමිණෙන්නේ ඔබෙන් ය. ඔබේ ම දෙයින් අපි ඔබට දුනිමු.


එහෙත් මේ සියල්ල කිරීමේ හැකියාව අපගේ ම යයි කීමට පුළුවන්කමක් අපට නැත. අපගේ හැකියාව එන්නේ දෙවියන් වහන්සේගෙන් ය.


විනාශ වන අයට එය මරණයට පමුණුවන මාරක දුර්ගන්ධයකි. ගැළවෙන අයට එය ජීවනයට පමුණුවන ජීවනදායක සුගන්ධයකි. මෙවැනි කාර්යයකට සමතා කවරෙක් ද?


එසේ වුව ද දේව වරප්‍රසාදයෙන් අද දක්වා ලොකු කුඩා කාටත් සාක්ෂි දෙමින් මම මෙහි සිටිමි. මා කියන්නේත් අනාගතයේ දී සිදුවනු ඇතැ යි දිවැසිවරුන් හා මෝසෙස් කී දේ ම ය.


ඔහු මංගල්‍යය පවත්වන දවස් සත තුළ සමිඳාණන් වහන්සේට දවන යාග පූජාවක් ලෙස එක එක දවසට කැළලක් නැති ගොන් වස්සන් සත්දෙනෙකු ද බැටළුවන් සත්දෙනෙකු ද පාප පූජාවක් ලෙස දවසට එළුවෙකු ද පිළියෙළ කරන්නේ ය.


තවද, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව උසුලන්නන් අඩි හයක් ගිය කල දාවිත් ගොනෙකු ද වස්සෙකු ද පූජා කෙළේ ය.


එවිට සාමුවෙල් ගලක් ගෙන මිශ්පා නගරයටත්, ෂේන් නගරයටත් අතරේ තබා, “මෙතැන් දක්වා සමිඳාණන් වහන්සේ අපට පිහිට වූ සේකැ”යි කියමින් ඊට ‘එබෙන්-එශෙර් ය’යි නම තැබුවේ ය.


“හත් වන දවසේ දී ගොන් වස්සන් හත්දෙනෙකු ද බැටළු වස්සන් දෙදෙනෙකු ද අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් දහහතරදෙනෙකු ද ඔප්පු කළ යුතු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්