ඔව්හු දෙවිඳුන්ට මෙසේ කියති: ‘අප වෙතින් යනු මැනව; ඔබේ දහම් මඟ ඉගෙනීමට අපට ආශාවක් නැත.
යෝබ් 35:10 - Sinhala New Revised Version එහෙත්, වනයේ මෘගයන්ට වඩා අපට දැනුම දෙන, අහසේ පක්ෂීන්ට වඩා අපට නැණ නුවණ දෙන, අඳුරේ දී අපට සවිය දෙන මැවුම්කාර දෙවි උතුමාණෝ කොතැන්හි දැ යි අසන කිසිවෙක් නැත. Sinhala New Revised Version 2018 එහෙත්, වනයේ මෘගයන්ට වඩා අපට දැනුම දෙන, අහසේ පක්ෂීන්ට වඩා අපට නැණ නුවණ දෙන, අඳුරේ දී අපට සවිය දෙන මැවුම්කාර දෙවි උතුමාණෝ කොතැන්හි දැ යි අසන කිසිවෙක් නැත. Sinhala Revised Old Version එහෙත්: පොළොවේ මෘගයන්ට වඩා අපට උගන්වන්නාවූ, ආකාශයේ පක්ෂීන්ට වඩා අප ප්‍රඥාවන්ත කරන්නාවූ, |
ඔව්හු දෙවිඳුන්ට මෙසේ කියති: ‘අප වෙතින් යනු මැනව; ඔබේ දහම් මඟ ඉගෙනීමට අපට ආශාවක් නැත.
ඔහු සව් බලැති දෙවි තුමන් කෙරෙහි ප්‍රීති වන්නේ ද? එතුමන්ට නිරතුරු යැදුම් පුදනු ඇද් ද?
ඉච්ඡා බස් තෙපලීමට මම නොදනිමි. මා එසේ කළොත් මාගේ මැවුම්කරුවාණන් වහා ම මා ලොවින් තුරන් කරනු ඇත.”
එහෙත්, අභක්තිකයන් උදහස් ව ම සිටිනු ඇත. ඔවුන්ට දඬුවම ආවත් ඔව්හු පිහිට පතා අයැදුම් නොකරති.
මා දන්න දෙයින්, මාගේ පුළුල් අවබෝධයෙන් මාගේ මැවුම්කාර උතුමාණන්ගේ දැහැමි බව පෙන්වා දෙමි.
දෙවිඳුන් අබිමුව කිසිවෙකුට තමා නිදොස් යැයි සිතිය හැකි ද? සිය මැවුම්කරු අබිමුව පිවිතුරු කෙනෙක් සිටිත් ද?
සැදැහැවත්තු මහිමයෙන් යුක්ත ව ප්‍රීති වෙත් වා! මුළු රෑ එතුමන් නමදිමින් ප්‍රීතියෙන් ගායනා කරත් වා!
එබැවින් හිමි තුමාණෝ සිය තිර පෙම් කඳ දිවා භාගයේ දී මට දක්වන සේක් වා! රෑ යාමවල දී එතුමන්ට මසිතෙහි නඟින ගීය මට දිවි දෙන දෙවිඳුන් හට යැදුමක් වේ වා!
විපත්ති දවස් පැමිණෙන්නට පෙර ඔබේ යොවුන් වියේ දී ඔබේ මැවුම්කාර දෙවියන් වහන්සේ සිහි කරන්න. මන්ද, ඒවා ප්‍රිය නැතැ යි ඔබ කියන දවස් උදා වන්නේ ය.
අහස විහිදුවා පොළොවේ අත්තිවාරම දැමූ නුඹලාගේ මැවුම්කාරයා අමතක කළහු ද? නුඹලා විනාශ කිරීමට අරමුණු කරගත් පීඩා කරන්නන්ගේ කෝපය නිසා නුඹලා දවස මුළුල්ලේ ම වෙවුළන්නේ කුමට ද? පීඩා කරන්නන්ගේ කෝපයෙන් නුඹලාට කිසි හානියක් නොවන්නේ ය.
නුඹේ මැවුම්කාරයාණෝ නුඹේ ස්වාමි පුරුෂයා මෙන් වන සේක. එතුමන්ගේ නාමය සව් බලැති සමිඳාණෝ ය. ඉශ්රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැන් වහන්සේ නුඹේ මිදුම්කාරයාණෝ ය. ‘මුළු පොළොවේ දෙවිඳාණෝ ය’යි එතුමන්ට කියනු ලබන්නේ ය.
සෙනඟ අමාරුවට වැටී සාගින්න නිසා රටෙහි ඔබමොබ ඉබාගාතේ යනු ඇත. ඔව්හු සාගින්නෙන් හා කෝපයෙන් තමන්ගේ රජුට හා තමන්ගේ දෙවියන්ට දෙස් කියති. ඔව්හු අහස දෙස බැලුවත්,
‘මිසරයේ වහල්කමින් අප මුදා, වළවල් ගහණ වූ, නියඟ හා ගන’ඳුර ඇති, කිසිවෙකු ගමන්බිමන් නොයන, මිනිසුන් නොගැවසෙන දේශයක් වන, පාළුකරය මැදින් ගෙන ගිය සමිඳාණන් වහන්සේ කොහි දැ’යි ඔව්හු නොඇසූ හ.
පූජකයෝ, ‘සමිඳාණන් වහන්සේ කොහි දැ’යි කිසි විටක නොඇසූ හ. ව්‍යවස්ථාව සම්බන්ධ කටයුතුවල යෙදී සිටින්නෝ මා නොහැඳින සිටියෝ ය. පාලකයෝ ද මට විරුද්ධ ව කැරලි ගැසුවෝ ය. දිවැසිවරු බාල්ගේ නමින් කතා කරමින් වැඩක් නැති දේව රූපවලට නමස්කාර කළහ.”
එහෙත් මධ්‍යම රාත්‍රිය පමණේ දී, පාවුලු ද සීලස් ද යාච්ඤා කරමින් දෙවියන් වහන්සේට ගී ගැයූ හ. හිරකාරයෝ ද ඔවුන්ට ඇහුම්කන් දීගෙන සිටියහ.
එහෙයින් දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව දුක් විඳින්නෝ යහපත කරමින්, විශ්වාස කටයුතු මැවුම්කාරයාණන්ට තමන් ම භාර වෙත්වා!