ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෝබ් 24:2 - Sinhala New Revised Version

දුෂ්ට දනෝ, ඉඩම් ලෝභීහු මායිම් ගල් වෙනස් කරති; ඔව්හු බැටළුවන් සොරාගෙන උන්ට කවා පොවා හදාගනිති.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

දුෂ්ට දනෝ, ඉඩම් ලෝභීහු මායිම් ගල් වෙනස් කරති; ඔව්හු බැටළුවන් සොරාගෙන උන්ට කවා පොවා හදාගනිති.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මායිම් පහකරන්නාවූ අය සිටිති; ඔව්හු මෘග රැළවල් පැහැරගෙන ගොස් තණ කවති.

පරිච්ඡේදය බලන්න



යෝබ් 24:2
10 හුවමාරු යොමු  

ෂෙබාවරු උන් වෙත කඩා පැන, උන් පැහැරගෙන ගියෝ ය. මෙහෙකරුවන් කඩුවෙන් මැරූ හ. මෙපවත් ඔබට සැළ කිරීමට යම්තම් ඉතිරි වූයේ මා පමණකි”යි කී ය.


ඔහු කතා කරමින් සිටියදී ම තවත් කෙනෙක් අවුත්, “කල්දිවරු කණ්ඩායම් තුනකට සෑදී ඔටු රංචු වෙත පැමිණ පහර දී උන් පැහැරගෙන ගියෝ ය; මෙහෙකරුවන් කඩු පහරින් මරාදැමූ හ. ඔබට මෙපුවත සැළ කිරීමට ඉතිරි වූයේ මා පමණකි”යි කී ය.


මන්ද, ඔහු දිළිඳුන් තළා පෙළා අත්හැරදැම්මේ ය; අනුන් තැනූ ගේදොර බලහත්කාරයෙන් ගත්තේ ය.


මාගේ කෙත් වතු මට විරුද්ධ ව කෑගැසී නම්, ඒවායේ සියලු හීවිටි හඬා පැමිණිලි කෙළේ නම්,


අනුවණයන් රැස් කරන අස්වැන්න සාගිනි ඇති අය කාදමති; කටු අතර වැඩුණු ධාන්‍ය වුව ද ඔව්හු කපා ගනිති; තණ්හා ඇති අය ඔවුන්ගේ වස්තුව පැහැරගන්නට බලා සිටිති.


ඔබේ මුතුන්මිත්තන් පිහිටෙවූ පැරණි මායිම් ගල් කිසි විටෙක වෙනස් නොකරන්න.


පැරණි මායිම් ගල් කිසි දා වෙනස් නොකරන්න; අනාථයන්ගේ වතුපිටි අල්ලා නොගන්න.


“ජුදාහි අධිපතීහු මායිම් කණු වෙනස් කරන්නන් වැනි ය. ඔවුන් කෙරෙහි මාගේ උදහස ජලගැල්මක් මෙන් වගුරුවන්නෙමි.


“දෙවි සමිඳාණන් වහන්සේ ඔබට හිමි කරගන්නට දෙන දේශයෙහි ඔබට උරුම වන වතුපිටිවල, පුරාණයේ පටන් පිහිටුවා ඇති, ඔබේ අසල්වැසියාගේ වතු මායිම් ඉවත් නොකළ යුතු ය.”


‘තම අසල්වැසියාගේ ඉඩමේ මායිම් ඉවත් කරන්නාට සාප වේ වා!’ මුළු සෙනඟ ‘ආමෙන්’ කිව යුතු ය.