Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 24:2 - Sinhala Revised Old Version

2 මායිම් පහකරන්නාවූ අය සිටිති; ඔව්හු මෘග රැළවල් පැහැරගෙන ගොස් තණ කවති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 දුෂ්ට දනෝ, ඉඩම් ලෝභීහු මායිම් ගල් වෙනස් කරති; ඔව්හු බැටළුවන් සොරාගෙන උන්ට කවා පොවා හදාගනිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 දුෂ්ට දනෝ, ඉඩම් ලෝභීහු මායිම් ගල් වෙනස් කරති; ඔව්හු බැටළුවන් සොරාගෙන උන්ට කවා පොවා හදාගනිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 24:2
10 හුවමාරු යොමු  

නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට හිමිකරගැනීමට දෙන දේශයෙහි නුඹට උරුමවෙන්නාවූ නුඹේ උරුමයෙහි පුරාතනයන් විසින් නියමකළාවූ නුඹේ අසල්වාසියාගේ මායිම් ඉවත් නොකරන්න.


පුරාණ මායිම වෙනස් නොකරන්න; පියා නැත්තන්ගේ බිම්වලට ඇතුල්නොවන්න.


තමාගේ අසල්වාසියාගේ බිමේ ඉම පහකරන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.


නුඹේ පියවරුන් පිහිටෙවුවාවූ පුරාණ මායිම් වෙනස් නොකරන්න.


යූදාහි අධිපතීන් මායිම් කණු වෙනස්කරන්නන් වැනිය. ඔවුන් කෙරෙහි මාගේ කෝපය ජලය මෙන් වගුරුවන්නෙමි.


ඔවුන්ගේ අස්වැන්න බඩගිනි ඇත්තා කන්නේය, එය කටුගස් අතරෙන් පවා ගන්නේය, මලපත ඔවුන්ගේ වස්තුව ගිලගන්ට කට අයා සිටියි.


ඔහු කථාකරද්දීම තවත් කෙනෙක් ඇවිත්: කල්දිවරු කණ්ඩායම් තුනක් සෑදී ඔටුවන් ළඟට පැමිණ උන් අල්ලාගෙන ගියෝය, මෙහෙකරුවන්ද කඩුවෙන් මැරුවෝය; ඔබට දන්වන්ට ගැළවුණේ මා පමණක්මයයි කීවේය.


ෂෙබාවරු හදිසියෙන් ඇවිත් උන් අල්ලාගෙන ගියෝය; මෙහෙකරුවන්ද කඩුවෙන් මැරුවෝය; ඔබට දන්වන්ට ගැළවුණේ මා පමණක්මයයි කීවේය.


මක්නිසාද ඔහු දුප්පතුන්ට පීඩාකොට ඔවුන් අත්හැරියේය; තමා ගොඩ නොනැගූ ගෙවල් ඔහු බලාත්කාරයෙන් ගත්තේය.


මාගේ බිම මට විරුද්ධව කෑගසා නම්, එහි සියලු හීවිටි අඬා පැමිණිලි කෙරේනම්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්