Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 5:5 - Sinhala New Revised Version

5 අනුවණයන් රැස් කරන අස්වැන්න සාගිනි ඇති අය කාදමති; කටු අතර වැඩුණු ධාන්‍ය වුව ද ඔව්හු කපා ගනිති; තණ්හා ඇති අය ඔවුන්ගේ වස්තුව පැහැරගන්නට බලා සිටිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 අනුවණයන් රැස් කරන අස්වැන්න සාගිනි ඇති අය කාදමති; කටු අතර වැඩුණු ධාන්‍ය වුව ද ඔව්හු කපා ගනිති; තණ්හා ඇති අය ඔවුන්ගේ වස්තුව පැහැරගන්නට බලා සිටිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 ඔවුන්ගේ අස්වැන්න බඩගිනි ඇත්තා කන්නේය, එය කටුගස් අතරෙන් පවා ගන්නේය, මලපත ඔවුන්ගේ වස්තුව ගිලගන්ට කට අයා සිටියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 5:5
20 හුවමාරු යොමු  

ඔබේ සියලු සතුරෝ ඔබට සරදම් කරති. ඔව්හු සියුරුහන් බාමින්, දත්මිටි කති. “අපි ඈ විනාශ කෙළෙමු; සැබැවින් ම අප බලා සිටි දවස මේ ය; එය දැන් පැමිණ ඇතැ”යි කියති.


ඔව්හු සුළඟ වපුරා, සුළි සුළඟ කපාගනිති; ගොයම් කරල් නැත, කරල් තිබුණත් විදේශීන් ඒවා ගිලදමනු ඇත.


මම බබිලෝනියේ දෙවියා වන බේල්ට දඬුවම් කොට, ඔහු ගිලගත් දේ ඔහුගේ මුඛයෙන් එළියට අදින්නෙමි. ජාතීහු ඔහුට තවත් නමස්කාර නොකරන්නෝ ය. එසේ ය, බබිලෝනියේ පවුරු ඇද වැටෙන්නේ ය.


“බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් තෙමේ ජෙරුසලම විනාශ කර, පාගා, පොඩි කරදමා එය හිස් භාජනයක් මෙන් කරනු ඇත. ඔහු රකුසෙකු මෙන් ජෙරුසලම ගිලදමා, එහි ප්‍රිය වූ දේවලින් තමාගේ කුස පුරවාගෙන ඉතිරි හරිය ඉවතට විසි කෙළේ ය.


සමිඳාණෝ, සුරත තබා, බාහු බලය මෙහෙයවා, පොරොන්දුවක් දෙමින්, “සැබැවින් නුඹේ ධාන්‍ය නුඹේ සතුරන්ට කෑම පිණිස මම තවත් නොදෙන්නෙමි. නුඹ දහඩිය මහන්සියෙන් ලබාගත් මිදියුස විදේශීහු නොලබන්නෝ ය.


තමා ගිලගත් ධන සම්පත් ඔහු වමාරන්නේ ය; දෙවිඳාණෝ ඒවා ඔහුගේ උදරයෙන් පිට කරන සේක.


කොල්ලකාරයන්ගේ නිවෙසට සාමය උදා වෙයි; දෙවිඳුන් කෝප කරන අය යහතින් වසති. ඔවුන්ගේ ම ශක්තිය ඔවුන්ගේ දෙවියන් වී ඇත.


එවිට සමිඳාණන් වහන්සේ කතා කරමින්, “මාගේ සේවක ජෝබ් ගැන සොයා බැලීමට නුඹට අවස්ථාවක් වී ද? ඔහු වැනි විනය ගරුක, අවංක, දේව භය ඇති, පවින් වැළකී සිටින අන් කිසිවෙක් මුළු මහ පොළොවෙහි නැත. නිරපරාදේ ඔහු වනසාලීමට නුඹ මා පෙළඹෙවූ නමුත්, ඔහුගේ දේව භක්තිය කිසි සේත් තව ම අඩු වී නැතැ”යි සාතන්ට වදාළ සේක.


ඔහු කතා කරමින් සිටියදී ම තවත් කෙනෙක් අවුත්, “කල්දිවරු කණ්ඩායම් තුනකට සෑදී ඔටු රංචු වෙත පැමිණ පහර දී උන් පැහැරගෙන ගියෝ ය; මෙහෙකරුවන් කඩු පහරින් මරාදැමූ හ. ඔබට මෙපුවත සැළ කිරීමට ඉතිරි වූයේ මා පමණකි”යි කී ය.


ෂෙබාවරු උන් වෙත කඩා පැන, උන් පැහැරගෙන ගියෝ ය. මෙහෙකරුවන් කඩුවෙන් මැරූ හ. මෙපවත් ඔබට සැළ කිරීමට යම්තම් ඉතිරි වූයේ මා පමණකි”යි කී ය.


ඒ නිසා සමිඳාණන් වහන්සේ අසිරියාවේ රජුගේ සේනාපතීන් ඔවුන්ට විරුද්ධ ව එවූ සේක. ඔව්හු මනස්සේ අල්ලා විලංගුවලින් ද දම්වැල්වලින් ද බැඳ බබිලෝනියට ගෙන ගියෝ ය.


සමිඳාණන් වහන්සේගේ දූතයා පැමිණ අබියෙශ්‍රීය ජෝවාෂ්ට අයත් ඔප්‍රාහි තිබෙන ආලෝන අරඹ යට හිඳ ගත්තේ ය. ජෝවාෂ්ගේ පුත් ගිඩියොන් මිදියන්වරුන්ගෙන් තිරිඟු සඟවාගන්න පිණිස ඒවා මුද්‍රික යන්ත්‍රයෙහි මඬිමින් සිටියේ ය.


ඔව්හු ඔබ වැනසී යන තුරු ඔබේ ගොවිසම්පත ද ගෙවතුවල පලදාව ද කාදමන්නෝ ය. ඔබට ධනධාන්‍ය හෝ මිදියුස හෝ තෙල් හෝ එළු බැටළු පැටවුන් හෝ ගව පට්ටි හෝ ඉතිරි නොකරන්නෝ ය.


ඔබේ ශ්‍රමය සහ වතුපිටිවල පලදාව ඔබ නොහඳුනන ජාතියක් භුක්ති විඳින්නේ ය. ඔබ නිතර ම පීඩා කරනු ලැබ, තැළී පොඩි වී යන්නහු ය.


සමිඳාණෝ සතුරෙකු මෙන් වූ සේක. ඉශ්රායෙල් නටබුන් ගොඩක් කළ සේක. එතුමාණෝ ඇගේ සියලු මාලිගා නටබුන් ගොඩක් කොට, ඇගේ බලකොටු විනාශ කළ සේක. ජුදා පුරඟන කෙරෙහි ශෝකය දෙගුණ තෙගුණ කළ සේක.


විපුල සමෘද්ධත්වයෙන් සිටියත් ඔහුට අගහිඟකම් ඇත; දුඃඛිතයන්ට පැමිණෙන හැම දුක ම ඔහු කරාත් පැමිණෙන්නේ ය.


ඉතින්, ඔබ වටකර මලපත් ඇත. හදිසි භීතිය ඔබ කළඹන්නේ ය.


ණය හිමියා ඔහු සන්තක සියල්ල ම පැහැර ගනී වා! ඔහු වෙහෙස වී සපයා ගත් සියල්ල විදේශිකයෝ කොල්ලකත් වා!


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්