Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 19:14 - Sinhala New Revised Version

14 “දෙවි සමිඳාණන් වහන්සේ ඔබට හිමි කරගන්නට දෙන දේශයෙහි ඔබට උරුම වන වතුපිටිවල, පුරාණයේ පටන් පිහිටුවා ඇති, ඔබේ අසල්වැසියාගේ වතු මායිම් ඉවත් නොකළ යුතු ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 “දෙවි සමිඳාණන් වහන්සේ ඔබට හිමි කරගන්නට දෙන දේශයෙහි ඔබට උරුම වන වතුපිටිවල, පුරාණයේ පටන් පිහිටුවා ඇති, ඔබේ අසල්වැසියාගේ වතු මායිම් ඉවත් නොකළ යුතු ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට හිමිකරගැනීමට දෙන දේශයෙහි නුඹට උරුමවෙන්නාවූ නුඹේ උරුමයෙහි පුරාතනයන් විසින් නියමකළාවූ නුඹේ අසල්වාසියාගේ මායිම් ඉවත් නොකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 19:14
9 හුවමාරු යොමු  

ඔබේ මුතුන්මිත්තන් පිහිටෙවූ පැරණි මායිම් ගල් කිසි විටෙක වෙනස් නොකරන්න.


‘තම අසල්වැසියාගේ ඉඩමේ මායිම් ඉවත් කරන්නාට සාප වේ වා!’ මුළු සෙනඟ ‘ආමෙන්’ කිව යුතු ය.


“ජුදාහි අධිපතීහු මායිම් කණු වෙනස් කරන්නන් වැනි ය. ඔවුන් කෙරෙහි මාගේ උදහස ජලගැල්මක් මෙන් වගුරුවන්නෙමි.


පැරණි මායිම් ගල් කිසි දා වෙනස් නොකරන්න; අනාථයන්ගේ වතුපිටි අල්ලා නොගන්න.


දුෂ්ට දනෝ, ඉඩම් ලෝභීහු මායිම් ගල් වෙනස් කරති; ඔව්හු බැටළුවන් සොරාගෙන උන්ට කවා පොවා හදාගනිති.


සමිඳාණෝ උඩඟු වූවන්ගේ ගේදොර වනසන සේක; වැන්දඹුවගේ ගෙවතු සීමා ආරක්ෂා කරන සේක.


එහෙත්, මැරීමේ අදහසක් නැති ව හදිසි අනතුරකින් මරණය සිදු වී නම් ඒ තැනැත්තා පලා යා යුතු ස්ථානයක් මම නුඹට නියම කරමි.


“මම එකල ඔබට කතා කොට, ‘ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අයිති කරගැන්මට මෙරට දුන් සේක. එබැවින් සටනට යන භටයන් සන්නාහ සන්නද්ධ වී, සෙසු ඉශ්රායෙල් ජනයාට පෙරටුවෙන් යා යුතු ය.


ඉන්පසු මෝසෙස් ජොර්දාන් ගඟෙන් මෙගොඩ, නැගෙනහිර දිශාවට නගර තුනක් වෙන් කෙළේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්