ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෝබ් 17:14 - Sinhala New Revised Version

මිනීවළට මම, ‘පියා ය’යි කියමි; පණුවන්ට මම, ‘මව හා සොහොයුරිය ය’යි කියමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මිනීවළට මම, ‘පියා ය’යි කියමි; පණුවන්ට මම, ‘මව හා සොහොයුරිය ය’යි කියමි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුඹ මාගේ පියායයි කුණුවීමටත් නුඹ මාගේ මවු සහ සහෝදරීයයි පණුවාටත් කීවෙමි.

පරිච්ඡේදය බලන්න



යෝබ් 17:14
15 හුවමාරු යොමු  

ඒ නිසා මාගේ දිවිය දිරා ගිය ලීයක් මෙන් ද කාවුන් කෑ කබායක් මෙන් ද දුබල වී ඇත.


කුෂ්ඨයක් මාගේ හමට කා වැදී, මාගේ මාංසය දිරා ගිය පසුත් මම මාගේ දෙනෙතින් දෙවිඳුන් දකින්නෙමි.


එහෙත්, ඒ දෙදෙනා ම එක සේ දූවිල්ලෙහි වැද හෙව සිටිති. පණුවෝ එක සේ ඔවුන් වසා ගනිති.


වැදූ මව පවා ඔහු සිහි නොකරයි; පණුවෝ ඔහු කා දමති; බිඳ වැටුණු ගසක් මෙන් දුෂ්ටකම අවසන් වෙයි.


එසේ නම්, කුරා කුහුඹුවෙකු වැනි, නර පණුවෙකු වැනි මිනිසා ගැන කියනුම කිම?”


මාගේ හම කළු වී, එහි පොතු ගැලවී වැටෙයි; මාගේ ඇටකටු උණෙන් දැවී යයි.


මා සිරුරෙහි සෑම තැන ම පණුවෝ ඇත; මාගේ ඇඟ හැම තැන හොරිවලින් වැසී ඇත; මාගේ වණවලින් සැරව ගලා යනු ඇත.


මන්ද, ඔබ මා පාතාලයෙහි නොරඳවන සේක; ඔබේ දැහැමි තැනැත්තාට ජරාපත් වීමට ඉඩ නොදෙන සේක.


සදා ජීවත් වීමට වරයක් ලබන පිණිසත්, තමා විසින් ගෙවනු ලැබිය හැකි මිලය කිසිසේත් නොසෑහේ.


වීණාවල වාදනයෙන් එක් කලක් ඔබ ගරු කරනු ලැබුවෙහි ය. එහෙත් දැන්, ඔබ සිටින්නේ පාතාල ලෝකයේ ය. ඔබ වැතිර සිටින යහන ඉහඳ පණුවන්ගෙන් පිරී ඇත; ඔබේ පොරෝණය ද පණුවන්ගෙන් ගහණ ය.


මළවුන්ගෙන් උත්ථානය ඊට සමාන ය. වළලනු ලබන සිරුර දිරා යන්නකි. උත්ථාන කරනු ලබන්නේ නොදිරන්නකි.