Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 17:14 - Sinhala Revised Old Version

14 නුඹ මාගේ පියායයි කුණුවීමටත් නුඹ මාගේ මවු සහ සහෝදරීයයි පණුවාටත් කීවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 මිනීවළට මම, ‘පියා ය’යි කියමි; පණුවන්ට මම, ‘මව හා සොහොයුරිය ය’යි කියමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 මිනීවළට මම, ‘පියා ය’යි කියමි; පණුවන්ට මම, ‘මව හා සොහොයුරිය ය’යි කියමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 17:14
15 හුවමාරු යොමු  

මක්නිසාද ඔබ මාගේ ආත්මය ෂෙයෝලෙහි තිබෙන්ට නාරිනසේක; ඔබගේ ශුද්ධ තැනැත්තාට කුණුවීම දකින්ට නොදෙනසේක.


මළවුන්ගෙන් නැගිටීමත් එසේමය. ජරාවෙන් යුක්තව වපුරනු ලැබේ; ජරාවෙන් වියුක්තව නැගුටුවනු ලැබේ.


නුඹේ ඓශ්චර්යයද නුඹේ වීණාවල ශබ්දයද පාතාලයට බැසආවේය, නුඹ යට ඇතිරී ඇත්තේ පණුවාය, නුඹ වසාගන්නෙත් පණුවෝය.


ඔවුන්ගේ ආත්ම මිදීම අගනා දෙයක් බැවින්, ඒක කරන්ට කිසිකලක උත්සාහ නොකළ යුතුය.


මාගේ හම කළුවී මා කෙරෙන් වැටෙන්නේය, මාගේ ඇට උෂ්ණයෙන් දැවෙන්නේය.


ඔහු බිහිකළ තැනැත්තී ඔහුව මතක නැතිකරයි; ඔහු පණුවන්ට මිහිරි කෑමක් වන්නේය. ඔහු තවත් සිහි නොවන්නේය. අධර්මිෂ්ඨකමද ගහක් මෙන් කඩා දමනු ලබන්නේය.


ඔව්හු එක්ව දූවිල්ලෙහි වැදහෙති, පණුවෝද ඔවුන් වසාගනිති.


ඔබ මාගේ පාද දඬුකඳේ දමා, මාගේ සියලුම මාවත් රැකසිටිනසේක; ඔබ මාගේ පතුල්වලට මායිම් තබනසේක.


මේ මාගේ හම නැතුව ගියායින් පසු, මාගේ මාංසය නැතුව නුමුත් දෙවියන්වහන්සේ දකින්නෙමි.


පණුවන්ගෙන්ද පස්කැටිවලින්ද මාගේ මාංසය වැසී තිබේ; මාගේ හම ඇකිළී වණවී තිබේ.


පණුවෙක් වැනිවූ මනුෂ්‍යයාත් පණුවෙක් වැනිවූ මනුෂ්‍ය පුත්‍රයාත් ඊට කොපමණ වැඩියෙන් එසේ නොවන්නේදැයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්