යෝබ් 25 - Sinhala New Revised Versionබිල්දද්ගේ තුන් වන කතාව 1 එවිට ෂුහිය බිල්දද් පිළිතුරු දෙමින් මෙසේ කී ය: 2 “ආධිපත්‍යය හා ගරුත්වය දෙවිඳුන් වෙත ඇත; එතුමන් සග ලොව විජිතයෙහි සාමය පවත්වනු ඇත. 3 එතුමන්ගේ දෙව් බළ සෙන් අති විශාල ය; එතුමන්ගේ එළිය උදා නොවන තැනක් ලොවෙහි ඇද් ද? 4 එවන් දෙවිඳුන් අබිමුවෙහි දමිටු කෙනෙකු සිටිය හැකි ද? මෙලෝ උපන් දනන් අතර නිමල කෙනෙකු සිටිය හැකි ද? 5 එතුමන් අබිමුව සඳ මඬලෙහි දීප්තියක් නැත; තරු පෙළ මැද කාන්තිය නැත; 6 එසේ නම්, කුරා කුහුඹුවෙකු වැනි, නර පණුවෙකු වැනි මිනිසා ගැන කියනුම කිම?” |
Ceylon Bible Society
Ceylon Bible Society