සමිඳාණන් වහන්සේගේ මාලිගාව ද රජගෙය ද ජෙරුසලමේ සියලු ගෙවල් ද ගිනිබත් කෙළේ ය. ලොකු ගෙවල් සියල්ල ම ඔහු ගින්නෙන් දවාදැමී ය.
යෙරෙමියා 7:14 - Sinhala New Revised Version ඒ නිසා මාගේ නාමය දරන, නුඹලාගේ විශ්වාසය තබා ඇති මේ මාලිගාවටත්, මා නුඹලාට හා නුඹලාගේ පියවරුන්ට දුන් මේ ස්ථානයටත් ෂිලෝවට කළ දේ මම කරන්නෙමි. Sinhala New Revised Version 2018 ඒ නිසා මාගේ නාමය දරන, නුඹලාගේ විශ්වාසය තබා ඇති මේ මාලිගාවටත්, මා නුඹලාට හා නුඹලාගේ පියවරුන්ට දුන් මේ ස්ථානයටත් ෂිලෝවට කළ දේ මම කරන්නෙමි. Sinhala Revised Old Version මාගේ නාමය තබා තිබෙන්නාවූ, නුඹලා විශ්වාසය තැබූ ගෘහයටත් මා නුඹලාට සහ නුඹලාගේ පියවරුන්ට දුන්නාවූ ස්ථානයටත් මම ෂිලෝට කළ ලෙස කරන්නෙමි. |
සමිඳාණන් වහන්සේගේ මාලිගාව ද රජගෙය ද ජෙරුසලමේ සියලු ගෙවල් ද ගිනිබත් කෙළේ ය. ලොකු ගෙවල් සියල්ල ම ඔහු ගින්නෙන් දවාදැමී ය.
“මේ මාලිගාව ළඟින් යන සියල්ලෝ විස්මයට පත් ව, ‘සමිඳාණන් වහන්සේ මේ දේශයටත්, මේ මාලිගාවටත් කුමක් නිසා මෙසේ කළ සේක් දැ’යි අසන්නෝ ය.
අපේ මුතුන්මිත්තන් ඔබට පැසසුම් පැවැත්වූ ස්ථානය වන අපේ අලංකාර දේව මාලිගාව ගිනිබත් වී ඇත. සියලු සුන්දර තැන් නටබුන් වී ඇත.
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම මාගේ සෙනඟ අත්හැරියෙමි; මා තෝරාගත් දේශය මම ප්‍රතික්ෂේප කෙළෙමි; මා ප්‍රේම කරන සෙනඟ මම සතුරන් අතට පාවා දුන්නෙමි;
‘මම ඔවුන්ටත්, ඔවුන්ගේ පියවරුන්ටත් දුන් නගරය ද ඔවුන් ද සහමුලින් ම උදුරාදමා මා කෙරෙන් ඉවතට විසි කරන්නෙමි’යි ඔවුන්ට කියන්න.
“ජුදාහි රජු වූ හෙසකියාගේ කාලයේ දී මොරෂ්තියේ දිවැසිවර මීකා ජුදාහි මුළු සෙනඟට කතා කොට, ‘සියොන් කෙතක් මෙන් හානු ලබන්නේ ය; ජෙරුසලම නටබුන් ගොඩක් වන්නේ ය; දේව මාලිගාව ඇති කන්ද කැළෑවක් වන්නේ යයි සමිඳාණන් වහන්සේ වදාළ සේකැ’යි කී ය.
“සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක කියා ඔවුන්ට කියන්න. ‘මාගේ වචනයට සවන් නොදී, මා නුඹලා ඉදිරියෙහි තබා තිබෙන ව්‍යවස්ථාවට අනුකූල ව නුඹලා නොහැසිරෙන්නහු නම්,
ඉන්පසු නුඹලා අවුත්, මාගේ නාමය දරන මේ මාලිගාවේ දී මා ඉදිරියේ සිට, ‘අපි ගැළවී සිටිමු’යි කියන්නේ, මේ සියලු පිළිකුල්කම් කරගෙන යන පිණිස ද?
මා නමස්කාරය ලබන පිණිස මා මුලින් ම තෝරාගත් ස්ථානය වන ෂිලෝවට ගොස්, මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ දුෂ්ටකම නිසා මා ඊට කළ දේ බලන්න.
‘මෙය සමිඳාණන් වහන්සේගේ මාලිගාව ය, සමිඳාණන් වහන්සේගේ මාලිගාව ය, සමිඳාණන් වහන්සේගේ මාලිගාව ය’යි කියන රැවටිලි වචන විශ්වාස නොකරන්න.
සමිඳාණෝ තමන් පූජාසනය ප්‍රතික්ෂේප කළ සේක. තමන් ශුද්ධස්ථානය අත්හැරදැමූ සේක. ඇගේ මාලිගාවල පවුරු සතුරා අතට පවරා දුන් සේක. මංගල්‍ය දවසක දී මෙන් සමිඳාණන්ගේ මාලිගාවෙහි ඔව්හු ඝෝෂා කළෝ ය.
පරණ රත්රන් අඳුරු වී තිබෙන හැටි! පෙරූ රත්රන් වෙනස් වී තිබෙන හැටි! ශුද්ධස්ථානයේ ගල් සියලු මංසන්ධිවල විසුරුවා තිබේ.
බලන්න, මම නුඹලාගේ උදාර අභිමානය ද නුඹලාගේ නෙත් පිනවන සම්පත ද නුඹලාගේ මන පිනවන අලංකාරය ද වන ශුද්ධස්ථානය කෙලෙසන්නෙමි; නුඹලා අත්හැර ආ නුඹලාගේ දරුදැරියෝ කඩු පහරින් වැටෙන්නෝ ය.
ඔබේ ගෝත්‍ර සියල්ල අතරෙන්, තමන් වහන්සේගේ නාමය පිහිටුවනු සඳහා ද වාසස්ථානය වනු පිණිස ද ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ තෝරාගන්න ස්ථානය ඔබ සොයා යා යුතු ය.
ඔබ විශ්වාස තැබූ, උස, ශක්ති සම්පන්න රට පුරා ඇති ප්‍රාකාර බිඳ වැටෙන තුරු සතුරෝ ඔබේ නගර වටලන්නෝ ය. දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දුන් රට පුරා තිබෙන ඔබේ නගර සියල්ල ම ඔව්හු වටලන්නෝ ය.