Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 24:21 - Sinhala New Revised Version

21 බලන්න, මම නුඹලාගේ උදාර අභිමානය ද නුඹලාගේ නෙත් පිනවන සම්පත ද නුඹලාගේ මන පිනවන අලංකාරය ද වන ශුද්ධස්ථානය කෙලෙසන්නෙමි; නුඹලා අත්හැර ආ නුඹලාගේ දරුදැරියෝ කඩු පහරින් වැටෙන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 බලන්න, මම නුඹලාගේ උදාර අභිමානය ද නුඹලාගේ නෙත් පිනවන සම්පත ද නුඹලාගේ මන පිනවන අලංකාරය ද වන ශුද්ධස්ථානය කෙලෙසන්නෙමි; නුඹලා අත්හැර ආ නුඹලාගේ දරුදැරියෝ කඩු පහරින් වැටෙන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 බලව, මම නුඹලාගේ බලයේ පාරට්ටුව වූ, නුඹලාගේ ඇස්වලට ප්‍රියව තිබෙන්නාවූ, නුඹලාගේ ආත්ම ආශාවෙන්නාවූ මාගේ ශුද්ධස්ථානය කෙලහන්නෙමි; නුඹලා විසින් අත්හැර ආවාවූ නුඹලාගේ පුත්‍රයෝද නුඹලාගේ දූවරුද කඩුවෙන් වැටෙන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 24:21
33 හුවමාරු යොමු  

ඒ සෙනඟ ඔවුන්ට ගල් ගසා, තමන්ගේ කඩුවලින් ඔවුන් කපාදමා, ඔවුන්ගේ දූ දරුවන් මරාදමා, ඔවුන්ගේ ගෙවල් ගින්නෙන් දවාලන්නෝ ය.


මාගේ කෝපය නුඹට විරුද්ධ ව යොමු කරමි. ඔව්හු ද නුඹ සමඟ උදහසින් ක්‍රියා කොට, නුඹේ නාස් හා කන් කපාදමති. නුඹේ පවුලේ ඉතිරි අය ද කඩු පහරින් හෙළාදමනු ඇත. ඔවුන් නුඹේ පුත්‍රයන් ද නුඹේ දූවරුන් ද පැහැරගෙන යනු ඇත. නුඹේ ඉතිරි දේ ගින්නෙන් නාස්ති වන්නේ ය.


ඒ නිසා මාගේ නාමය දරන, නුඹලාගේ විශ්වාසය තබා ඇති මේ මාලිගාවටත්, මා නුඹලාට හා නුඹලාගේ පියවරුන්ට දුන් මේ ස්ථානයටත් ෂිලෝවට කළ දේ මම කරන්නෙමි.


හිමි තුමන්ගෙන් එක ම යැදුමක් යදිමි; එය තරයේ සොයන්නෙමි. එනම්, හිමි තුමන්ගේ ශෝභාලංකාරය නරඹන පිණිසත්, දේව මාලිගාවේ දී උදය භාවනා කරන පිණිසත් මා දිවි ඇති තාක් හැම දා සමිඳුන්ගේ මන්දිරයේ විසීමට ය.


“මනුෂ්‍ය පුත්‍රය, මෙන්න, නුඹ ඉතා ප්‍රේම කරන තැනැත්තිය හදිසියේ ම නුඹෙන් ඉවත් කරගනිමි. එහෙත්, නුඹ විලාප නොකිය යුතු ය; නොහැඬිය යුතු ය; නුඹේ කඳුළු නොවැගිරිය යුතු ය.


ඒ නිසා සමිඳුනි, මම ඔබේ කෝපයෙන් පිරී සිටිමි. එයින් මම වෙහෙසට පත් වී සිටිමි.” එවිට සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “වීදිවල සිටින ළමයින් පිටත්, තරුණයන්ගේ රැස්වීම් පිටත් මාගේ කෝපය වගුරන්න. පුරුෂයා භාර්යාව සමඟ ද මහලු අය ඉතා වයස්ගත අය සමඟ ද ගෙනයනු ලබන්නෝ ය.


සව් බලැති දෙවිඳුනි, ඔබේ වාසභවනය කොතරම් මනහර ද?


ඔහු විසින් යවනු ලබන සේනාවන් පැමිණ බලකොටුව ද ශුද්ධස්ථානය ද කෙලෙසා දමා දෛනික පූජා නතර කොට බිහිසුණු දූෂිතය පිහිටුවන්නේ ය.


උන් වහන්සේ කතා කරමින්, “නුඹලා දේව මාලිගාව අපවිත්‍ර කරමින්, එය මළකඳන්වලින් පුරවා පිටත යන්නැ”යි ඔවුන්ට වදාළ සේක. ඔව්හු පිටතට ගොස්, නුවර ඇතුළෙහි සෙනඟට පහර දුන්නෝ ය.


ඇගේ එදිරිකාරයා සිය අත පාමින්, ඇගේ සියලු වස්තුව පැහැරගෙන ඇත. සභාවට පිවිසීමට ඔබ තහනම් කළ විදේශීන් ශුද්ධස්ථානයට ඇතුළු වී ඇත.


මන්ද, වීදිවල ළමයින් ද කඩ මණ්ඩිවල තරුණයන් ද වනසමින් මරුවා අපේ ජනේල සමීපයට ද නිවාසවලට ද ඇතුළු වී ඇත.


එහෙත්, සමිඳාණන් වන මා අත්හැර, මාගේ ශුද්ධ කන්ද අමතක කර, වාසනාවේ දේවතාවී වන ගාද්ට මේසයක් පිළියෙළ කර, දෛවයේ දේවතාවී වන මේනීට බඳුන් පුරවා, මිදියුස ඔප්පු කරන නුඹලා,


සමිඳුනි, නැඟිට ඔබේ බල මහිමයේ සංකේතය වන ගිවිසුම් කරඬුව ඇති ව, ඔබේ විශ්‍රාම ස්ථානයට වැඩිය මැනව.


සමිඳාණන් ද එතුමන්ගේ බලය ද සොයා බලන්න; එතුමාණන් හමුව නිතර ම සොයන්න.


ගෞරවය ද තේජස ද එතුමන් අබිමුව පවත්නේ ය; ශක්තිය ද ශෝභාව ද එතුමන්ගේ මැදුරෙහි ඇත්තේ ය.


අහෝ දෙවිඳුනි, මිසදිටුවෝ ඔබේ උරුමය ආක්‍රමණය කළෝ ය. ඔබේ ශුද්ධ මාලිගාව කෙලෙසුවෝ ය. ජෙරුසලම් නගරය නටබුන් ගොඩක් කළෝ ය.


ඔව්හු ඔබේ ශුද්ධස්ථානය ගිනිබත් කළෝ ය. ඔව්හු ඔබේ නාමයට කැප වූ වාසභවනය කෙලෙසා බිමට සමතලා කළෝ ය.


නුඹලාගේ අහංකාර බලය මම බිඳදමමි. අහස යකඩ මෙන් ද පොළොව ලෝකඩ මෙන් ද වියළෙනු ඇත.


එබැවින් මම ඉතා ම කෲරතර ජාතීන් ගෙන්වන්නෙමි. ඔව්හු මොවුන්ගේ ගෙවල් උරුම කරගන්නෝ ය. මම බලවතුන්ගේ උඩඟුකම නවත්වන්නෙමි; මොවුන්ගේ ශුද්ධස්ථාන ද කෙලෙසනු ලබන්නේ ය.


එවිට මම ඔවුන්ට කතා කෝට මෙසේ කීමි; “සමිඳාණන් වහන්සේ මට කතාකොට මෙසේ වදාළ සේක. ‘දෙවි ස්වාමීන් වහන්සේ, ඉශ්රායෙල් වංශයට මෙසේ වදාරන සේක.


මා කළාක් මෙන් නුඹලාත් කරනු ඇත. නුඹලා මුහුණ වසා නොගෙන, මළ ගෙදර දානය නොකා සිටිනු ඇත.


“ ‘ඉතින් මනුෂ්‍ය පුත්‍රය, ඔවුන්ගේ බලය ද සොම්නස හා කීර්තිය ද ඔවුන්ගේ නෙත් සිත් පිනවන දෑ හා දරුදැරියන් මා ඔවුන්ගෙන් පැහැරගන්න දවසේ දී,


මම දේශය පාළුවක් ද නාස්තියක් ද කරන්නෙමි. ඇගේ ශක්තිය කෙරෙහි අභිමානය අවසාන වන්නේ ය; ඉශ්රායෙල් කඳුවලට කිසිවෙකු යාමට වුවමනා නොවන ලෙස ඒවා පාළු වන්නේ ය.


එප්‍රායිම් සෙනඟ විනාශ වී ඇත; මුල් වියළී ගිය පල නොදරන ගසක් හා සමාන ය. ඔවුන්ට දරුපල ඇතිවුණත් මම ඔවුන්ගේ ඒ ප්‍රියාදර දරුවන් විනාශ කර දමමි.”


මෙසේ කරන යමෙක් සිටිත් නම්, සමිඳාණන් වහන්සේ ඔහු විනාශ කරන සේක් වා. ඔහු මින්පසු කවදා වත් සියලු බලැති සමිඳාණන් වහන්සේට පූජා ඔප්පු කරන අපේ ජාතියේ සෙනඟට අයිති නො වේ වා!


මම ඉශ්රායෙල්වරුන්ට දුන් දේශයෙන් ඔවුන් නෙරපාදමන්නෙමි. මාගේ නාමය සඳහා මා විශුද්ධ කළ මේ මාලිගාවත් මාගේ ඇස් හමුයෙන් පහකර දමන්නෙමි. ඉශ්රායෙල්වරුන් ද සියලු ජාතීන් අතර සමච්චලයක් හා උපහාසයක් වනු ඇත.


සව් බලැති දෙවිඳුනි, මාගේ රජාණන් වන දෙවිඳුනි, ගේ කිරිල්ලිය ගෙයක් ද වැහිලිහිණිය ඇගේ පැටවුන් දැමීමට කැදැල්ලක් ද ඔබේ පූජාසනයෙහි සොයාගෙන ඇත.


සමිඳාණන් සිය උදහසින් සියොන් පුරඟන පිට අඳුර ගෙනා හැටි! එතුමාණෝ ඉශ්රායෙල්ගේ තේජෝමහිමය ස්වර්ගයෙන් පොළොවට හෙඵෑ සේක. තමන් උදහස් දවසේ දී සියොන් තමන් පාපුටුව බව සිහි නොකළ සේක.


බාලයා ද මහල්ලා ද වීදිවල බිම වැතිර සිටිති; මාගේ තරුණ තරුණියෝ කඩු පහරින් වැටුණෝ ය. ඔබේ උදහසේ දවසේ දී ඔබ ඔවුන් නැසූ සේක; නිර්දය ලෙස ඔවුන් ඝාතනය කළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්