Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ද්විතීය නීතිය 28:52 - Sinhala New Revised Version

52 ඔබ විශ්වාස තැබූ, උස, ශක්ති සම්පන්න රට පුරා ඇති ප්‍රාකාර බිඳ වැටෙන තුරු සතුරෝ ඔබේ නගර වටලන්නෝ ය. දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දුන් රට පුරා තිබෙන ඔබේ නගර සියල්ල ම ඔව්හු වටලන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

52 ඔබ විශ්වාස තැබූ, උස, ශක්ති සම්පන්න රට පුරා ඇති ප්‍රාකාර බිඳ වැටෙන තුරු සතුරෝ ඔබේ නගර වටලන්නෝ ය. දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දුන් රට පුරා තිබෙන ඔබේ නගර සියල්ල ම ඔව්හු වටලන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

52 නුඹේ මුළු දේශයෙහි තිබෙන්නාවූ නුඹ විශ්වාසය තැබූ නුඹේ උස්වූ බලවත් පවුරු වැටෙන තුරු, ඔව්හු නුඹේ සියලු නුවර දොරටුවලදී නුඹ වටලාගන්නෝය. නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දුන් නුඹේ මුළු දේශයෙහි තිබෙන නුඹේ සියලු නුවර දොරටුවලදී ඔව්හු නුඹ වටලාගන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 28:52
25 හුවමාරු යොමු  

හෙසකියා රජුගේ දහහතර වන අවුරුද්දේ දී අසිරියාවේ රජ වූ සෙනකෙරිබ් ජුදාහි රජවරුන්ගේ නගරවලට විරුද්ධ ව අවුත් ඒවා අල්ලාගත්තේ ය.


එසේ අපි මාගේ පුතා උයා කෑවෙමු. පසු දින ‘ඔබේ පුත්‍රයා අපට කන්න දියන්නැ’යි ඈට කීවෙමි. එහෙත් ඈ ඇගේ පුත්‍රයා සඟවාගෙන සිටියා ය” කීවා ය.


ඔබේ දේශය පාළු වී ඇත; නගර ගිනිබත් වී ඇත. ඔබ බලා සිටිය දී විදේශිකයෝ ඔබේ දේශය නැතිනාස්ති කරති. එය සොදොම් මෙන් පාළු වී ඇත.


සමිඳාණෝ, සුරත තබා, බාහු බලය මෙහෙයවා, පොරොන්දුවක් දෙමින්, “සැබැවින් නුඹේ ධාන්‍ය නුඹේ සතුරන්ට කෑම පිණිස මම තවත් නොදෙන්නෙමි. නුඹ දහඩිය මහන්සියෙන් ලබාගත් මිදියුස විදේශීහු නොලබන්නෝ ය.


“වටලනු ලැබ සිටින ජෙරුසලම් ජනයෙනි, නුඹලාගේ බඩු පොදි බැඳගන්න.


මන්ද, සමිඳාණන් වහන්සේ මේ දේශයෙන් වැසියන් පිටමං කරන්න යන සේක. නුඹලාට දැනෙන ලෙස උන් වහන්සේ නුඹලා විනාශ කරන්න යන සේක. මෙසේ පැවසුවේ සමිඳාණන් වහන්සේ ය.”


බබිලෝනිවරුන් හැරී අවුත් මේ නුවරට විරුද්ධ ව යුද්ධ කොට, මේක අල්ලා ගින්නෙන් දවාදමනු ඇත.


සමිඳාණෝ කිසි අනුකම්පාවක් නැති ව, ජාකොබ්ගේ සියලු නිවෙස් විනාශ කළ සේක. එතුමාණෝ සිය කෝපයෙන් ජුදා රටේ බලකොටු බිඳ හෙඵෑ සේක. ඒවා බිමට ම දැමූ සේක. එතුමාණෝ රාජ්‍යය පිට ද එහි අධිපතීන් පිට ද නින්දාව පැමිණෙවු සේක.


සති හැටදෙකකට පසු අභිෂේක ලත් අධිපතියා සිඳදමනු ලබන්නේ ය. ඔහුගේ තැන ගන්නට කිසිවෙක් නොවන්නේ ය. ආක්‍රමණය කරන අධිපතියා සහ ඔහුගේ පිරිස නුවර සහ ශුද්ධස්ථානය විනාශ කරදමන්නෝ ය. එය ජල ගැල්මකින් මෙන් කෙළවර වන්නේ ය. අවසානය දක්වා ම යුද්ධ පවතින්නේ ය. දරුණු දුක නියම වී ඇත.


මාගේ ගිවිසුම කඩ කළ නිසා දඬුවම් කරනු පිණිස නුඹලාගේ රටට යුද්ධයක් පමුණුවනු ලැබේ. නුඹලා නගරවල එක් රැස් වී සිටින විට මම නුඹලා අතරට වසංගත පමුණුවන්නෙමි. නුඹලාගේ සතුරන්ගේ බලයට නුඹලා පාවා දෙනු ලබන්නහු ය.


“ජෙරුසලම, ඒ අවට ජාතීන් වෙරිමත් කරවන කුසලානක් සේ කරන්නෙමි. ඒ ජාතීන් ජෙරුසලම වටලන විට ජුදාහි සෙසු නගර ද වටලනු ලැබේ.


ජෙරුසලමට විරුද්ධ ව යුද්ධ කරන පිණිස සමිඳාණන් වහන්සේ සියලු ජාතීන් එක්රැස් කරන සේක. නගරය අල්ලාගනු ලැබේ; ගෙවල් කොල්ලකනු ලැබේ; ස්ත්‍රීහු දූෂණය කරනු ලබති; සෙනඟගෙන් දෙකෙන් කොටසක් වහල්කමට ගෙනයනු ලබන අතර, ඉතිරි කොටස නුවරින් පිටත ගෙනයනු නොලබති.


රජතුමා උදහස් වී, තමාගේ යුද්ධ සේනා යවා ඒ මිනීමරුවන් විනාශ කොට ඔවුන්ගේ නුවර ගිනි ලැවී ය.


ඔව්හු ඔබ වැනසී යන තුරු ඔබේ ගොවිසම්පත ද ගෙවතුවල පලදාව ද කාදමන්නෝ ය. ඔබට ධනධාන්‍ය හෝ මිදියුස හෝ තෙල් හෝ එළු බැටළු පැටවුන් හෝ ගව පට්ටි හෝ ඉතිරි නොකරන්නෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්