එවිට අපි සිනාවෙන් ඉපිලී ගියෙමු; ප්‍රීතියෙන් ගී ගායනා කෙළෙමු. එවිට, “සමිඳාණෝ මොවුන් උදෙසා ඉමහත් දේ කළ සේකැ”යි විජාතීහු කියන්නට ගත්හ.
ගීතාවලිය 96:10 - Sinhala New Revised Version විජාතීන් අතර මෙසේ පවසන්න: “සමිඳාණෝ රජකම් කරන සේක; නොසැලෙන ලෙස ලෝකය පිහිටා ඇත; එතුමාණෝ සාධාරණ ලෙස ජනතාවන් විනිශ්චය කරන සේක. Sinhala New Revised Version 2018 විජාතීන් අතර මෙසේ පවසන්න: “සමිඳාණෝ රජකම් කරන සේක; නොසැලෙන ලෙස ලෝකය පිහිටා ඇත; එතුමාණෝ සාධාරණ ලෙස ජනතාවන් විනිශ්චය කරන සේක. Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ රජකම්කරනසේක කියාත්, නොසෙලවෙන ලෙස ලෝකය පිහිටා තිබේය කියාත්, උන්වහන්සේ මනුෂ්‍ය වර්ගයන් සාධාරණකමින් විනිශ්චයකරනසේක කියාත් ජාතීන් අතරේ කියව්. |
එවිට අපි සිනාවෙන් ඉපිලී ගියෙමු; ප්‍රීතියෙන් ගී ගායනා කෙළෙමු. එවිට, “සමිඳාණෝ මොවුන් උදෙසා ඉමහත් දේ කළ සේකැ”යි විජාතීහු කියන්නට ගත්හ.
නිශ්චල වන්න; මා දෙවිඳුන් බව සිතට ගන්න; මුළු දෙරණට අග රජ බව, සව් සත හට අග රජ බව වටහාගන්න;
ජාතීහු කෝලහල කළහ; රාජධානි බිඳ වැටිණි. දෙවි තුමාණෝ ගිගුරුම් දුන් සේක. මහ පොළොව දිය විණි.
එවිට සෙනඟ මෙසේ කියති: “දැහැමියාට විපාකයක් සත්තට ම හිමි වන්නේ ය; මිහි පිට යුක්තිය ඉටු කරන දෙවිඳාණෝ සැබැවින් ම වැඩ සිටින සේක.”
ඔබ කෝපාග්නියෙන් ඔවුන් වනසත් වා! සහමුලින් ම ඔවුන් වනසත් වා! එවිට ඉශ්රායෙල් දේශයේ සිට පොළොවේ සීමාන්තය දක්වා දෙවිඳුන් පාලනය කරන බව ඔව්හු දැනගන්නෝ ය.
ඔබ සාධාරණ ලෙස මිනිසුන් විනිශ්චය කරන සේක; මිහි පිට සියලු විජාතීන් හට ඔබ මඟපෙන්වන සේක; එබැවින් සකල ජනයා ප්‍රීතිමත් ව සතුටින් ගී ගයත් වා!
මිනිස් සිතෙහි සිතුම්පැතුම් විමසාලන, දැහැමිකමින් අගතැන් පත් දෙවි උතුමාණෙනි, අදමිටුකම් බිඳ දමන්න; දහම් රජය පිහිටුවන්න.
එතුමාණෝ දැහැමිකමින් මුළු ලොව නඩු විසඳාලන සේක; ජාතීන් යුක්ති සහගත ලෙස විනිශ්චය කරන සේක.
සමිඳාණෝ රජකම් කරන සේක; ජයශ්‍රීය නමැති ඉඟ පටිය බැඳ මහිමාලංකාරයෙන් සැරසී සිටින සේක. සදහට ම නොසැලෙන සක්වළ පිහිටෙවු සේක.
සමිඳාණන් මිහිතලය පාලනය කිරීමට වඩින විට ඒවා නද දෙන්නේ ය; එතුමාණෝ, ලෝ වැසියන් සාධාරණ ලෙස ද අවංක ලෙස ද පාලනය කරන සේක.”
මන්ද, සමිඳාණෝ මිහිතලය පාලනය කරන පිණිස වඩින සේක; එතුමාණෝ ලෝ වැසියන් ධර්මිෂ්ඨකමින් ද සාධාරණකමින් ද පාලනය කරන සේක.
සමිඳාණෝ මෙසේ වදාළ සේක: “සුදුසු කාලයේ දී මම නුඹට පිළිතුරු දී, ගැළවීමේ දවසේ දී නුඹට උපකාර කරන්නෙමි. මම නුඹ ආරක්ෂාකර, නුඹ මඟින් සියලු මිනිසුන් සමඟ ගිවිසුමක් කරන්නෙමි. දැනට පාළු වී ඇති නුඹේ දේශය නැවත උරුම කරගන්න මම නුඹට දෙන්නෙමි.
සුබ ආරංචි ගෙන එන, සාමය ප්‍රකාශ කරන, යහපත ගැන සුබසුන් පළ කරන ගැළවීම ගැන ලොවට දන්වන, “නුඹේ දෙවි තුමාණෝ රජකම් කරන සේකැ”යි සියොනට කියන, කඳු මුඳුන්හි පෙනෙන දූතයාගේ පාද කොපමණ අලංකාර වන්නේ ද?
ඒ රජවරුන්ගේ කාලවල දී ස්වර්ගයේ දෙවියන් වහන්සේ කිසි කලෙක නැති නොවන රාජ්‍යයක් පිහිටුවන සේක. ඒ රාජ්‍යය අන් ජාතියකට යටත් නොවන්නේ ය. එය සියලු රාජ්‍යයන් සුණු විසුණු කරදමනු ඇත. එය ද සදාකාලයට ම පවතින්නේ ය.
ඉර උදා වන තැන් පටන් ඉර බැස යන තැන් දක්වා සියලු ජාතීහු මාගේ නාමයට ගෞරව කරති. ඔව්හු සෑම තැන ම සුවඳ දුම් ද පිරිසිදු පූජා ද මට ඔප්පු කරති. සියලු ජාතීහු මාගේ නාමයට ගෞරව කරති’යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.
මා හට පූජා කරන්න පොරොන්දු වූ හොඳ සතුන් රැළේ සිටිය දී, වැදගැම්මක් නැති සතෙකු මට පූජා කරන ප්‍රයෝගකාරයාට වන විපතක මහත! මන්ද, මම ශ්‍රේෂ්ඨ රජෙක්මි. සියලු රටවල සෙනඟ මාගේ නාමයට ගරුබිය දක්වති”යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.
මන්ද, තමන් වහන්සේ විසින් පත් කරන ලද මනුෂ්‍යයෙකු ලවා ලෝකයා ධර්මිෂ්ඨකමින් විනිශ්චය කිරීමට එක් දවසක් නියම කර තිබේ. උන් වහන්සේ ඒ මනුෂ්‍යයා මළවුන්ගෙන් උත්ථාන කිරීමෙන් සියල්ලන්ට ඒ ගැන සහතිකයක් දී තිබේ.”
විජාතීන් අතර ස්වකීය පුත්‍රයාණන් ප්‍රකාශ කරන පිණිස ඒ පුත්‍රයාණන් මට එළිදරව් කිරීමට තීරණය කළ සේක. එවිට අවවාද ලබන පිණිස මා කිසි පුද්ගලයෙකු වෙත ගියේ වත්,
උන් වහන්සේ තුළ මුල් ඇදගන්න පරිදි ස්ථීර ව සිටින්න; උන් වහන්සේ මත ඔබේ ජීවිත නිර්මාණය කරගන්න; ඔබට උගන්වන ලද ඇදහිල්ලේ පිහිටා සිටින්න. බෙහෙවින් තුති පුදන්න.
උන් වහන්සේ දෙවියන් වහන්සේගේ මහිමතාවයේ ප්‍රභාවය ද දේවත්වයේ ස්වරූපය ද වන සේක්, තමන්ගේ ප්‍රබල වචනයෙන් සියල්ල දරන සේක. පාප ශෝධනය ඉටු කළ පසු, උන් වහන්සේ උත්තම ස්ථානයෙහි මහෝත්තමයාණන්ගේ දකුණත අසුන් ගත් සේක.
සත් වන දේව දූතයා ද හොරණෑව පිම්බේ ය. එවිට: “ලෝකයේ රාජත්වය අපගේ සමිඳාණන් වහන්සේට ද උන් වහන්සේගේ ආලේප ලත් ක්‍රිස්තුන් වහන්සේට ද අත් විය. උන් වහන්සේ සදහට ම රජකම් කරන සේකැ”යි කියන මහ ශබ්ද ස්වර්ගයෙහි විය.
එවිට ස්වර්ගය ඇරී තිබෙනු දිටිමි. එහි සුදු අශ්වයෙක් සිටියේ ය. ‘විශ්වාසය’ ‘සත්‍යය’ යන නම් දරන තැනැන් වහන්සේ ඌ පිට වැඩහුන් සේක. උන් වහන්සේ ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන සේක; යුද්ධ කරන සේක.
එවිට විශාල ජන සමූහයකගේ ඝෝෂාව මෙන් ද, සමුද්‍ර ඝෝෂාවක් මෙන් ද, බලවත් හෙන හඬක් මෙන් ද ශබ්දයක් මට ඇසිණි. ඒ හඬ මෙසේ කී ය: “අලේලූයා! අපගේ සර්ව පරාක්‍රම දෙවි ස්වාමීන් වහන්සේ රජකම් කිරීමට පටන්ගෙන ඇත.