අබ්සලොම් ද සියලු ඉශ්රායෙල් සෙනඟ ද, “අහිතොපෙල්ගේ අවවාදයට වඩා අර්කීය ජාතික හූෂයිගේ අවවාදය හොඳ ය”යි කී හ. සමිඳාණන් වහන්සේ අබ්සලොම් පිට විනාශය පමුණුවන පිණිස, අහිතොපෙල්ගේ හොඳ අවවාදය නිෂ්ප්‍රභා කරන්නට නියම කර තිබුණේ ය.
ගීතාවලිය 7:6 - Sinhala New Revised Version සමිඳුනි, ඔබේ උදහසින් නැඟුටුණු මැනව; මාගේ එදිරිකාරයන්ගේ කෝපාග්නියට විරුද්ධ ව සිටිය මැනව; අවදි ව මට පිහිට වුව මැනව. ඔබේ නියමය යුක්තිය ඉටු කිරීම ය. Sinhala New Revised Version 2018 සමිඳුනි, ඔබේ උදහසින් නැඟුටුණු මැනව; මාගේ එදිරිකාරයන්ගේ කෝපාග්නියට විරුද්ධ ව සිටිය මැනව; අවදි ව මට පිහිට වුව මැනව. ඔබේ නියමය යුක්තිය ඉටු කිරීම ය. Sinhala Revised Old Version ස්වාමිනි, ඔබගේ උදහසින් නැඟුටුණ මැනව, මාගේ එදිරිකාරයන්ගේ කෝප වේගයට විරුද්ධව සිටිය මැනව. මා උදෙසා පිබිදුණ මැනව; ඔබ විසින් විනිශ්චය නියමකර තිබේ. |
අබ්සලොම් ද සියලු ඉශ්රායෙල් සෙනඟ ද, “අහිතොපෙල්ගේ අවවාදයට වඩා අර්කීය ජාතික හූෂයිගේ අවවාදය හොඳ ය”යි කී හ. සමිඳාණන් වහන්සේ අබ්සලොම් පිට විනාශය පමුණුවන පිණිස, අහිතොපෙල්ගේ හොඳ අවවාදය නිෂ්ප්‍රභා කරන්නට නියම කර තිබුණේ ය.
අප සමිඳාණෝ මෙසේ වදාරති: “පිහිටක් නැති දිළිඳා තළාපෙළා දමන නිසා, ඒ දුක මට ඇසෙන නිසා, මම දැන් එහි වැඩම කරමි; ඔවුන් පතන රැකවරණය සලසා දෙමි.”
මම විපත්ති මැද හැසිරෙම් නමුත් ඔබ මා රැක බලාගන්න සේක. ඔබ මාගේ සතුරන්ගේ උදහසට විරුද්ධ ව ඔබේ හස්තය දිගු කරන සේක. ඔබේ සුර’තින් ඔබ මා ගළවන සේක.
සතුරා මට පීඩා කෙළේ ය. ඔහු මට පහර දී මා බිම හෙළුවේ ය. ඔහු මා අඳුරු තැනකට දැමුවේ ය. මම බොහෝ කලකට පෙර මළ කෙනෙකු මෙන් වීමි.
සමිඳුනි, වැඩිය මැනව; දෙවිඳුනි, මා මුදාලුව මැනව. මන්ද, ඔබ සතුරන්ගේ බල සිඳලන සේක; දුදනන්ගේ දළ බිඳලන සේක.
මාගේ දෙවිඳුනි, මාගේ සමිඳුනි, මා වෙනුවෙන් ඉදිරිපත් වුව මැනව; මාගේ නඩුව අසා, යුක්තිය ඉටු කළ මැනව.
සමිඳුනි, පිබිදුණ මැනව! ඔබ නිදා ඉන්නේ මන් ද? නැඟුටුණු මැනව; සදහට ම අප ඉවත නොදැමුව මැනව.
සමිඳුනි, සව් බලැති දෙවිඳුනි, ඉශ්රායෙල් දෙවිඳුනි, සියලු විජාතීන් හට දඬුවම් දීමට නැඟී සිටින සේක් වා! දුෂ්ට ද්‍රෝහින් කිසිවෙකුට වත් දයාව නොදක්වන සේක් වා!
ඔව්හු, අවදි වූ විට අමතක වී යන සිහිනයක් බඳු ය. අහෝ සමිඳුනි! ඔබ පිබිදෙන කල ඔව්හු මායා මෙන් මැකී යන්නෝ ය.
නිමක් නැති මේ නටබුන් ගොඩ මතු පිටින් දෙ පා නැඟුව මැනව. අපේ සතුරා ඔබේ ශුද්ධස්ථානයේ සියල්ල වනසා ඇත්තේ ය.
සමිඳාණෝ නින්දෙන් අවදි වන කෙනෙකුන් මෙන් පිබිදුණ සේක; මිදිපැන් මතින් කෑමෝරගසන වීර භටයෙකු මෙන් වූ සේක.
සමිඳාණෝ ජාතීන් හට මෙසේ වදාරන සේක: “දැන් මම ක්‍රියා කරන්නෙමි; මා කොතරම් බලවත් ද කියා පෙන්වන්නෙමි.
දැන් ඉතින් අපේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබ පමණක් දෙවියන් වහන්සේ වන බව ලෝකයේ සියලු ජාතීන් දැනගන්න පිණිස අසිරියන්වරුන්ගේ අතින් අප ගැළෙව්ව මැනව!”
සමිඳුනි, පිබිදෙන්න; අපට පිහිට වන්න. අතීත පරපුරේ සමයයන්හි මෙන් අවදි වන්න. පුරාණයේ දී ඔබ කළාක් මෙන් ඔබේ බලවත් හස්තයෙන් අප ගළවාගන්න. රාහාබ් නම් දිය රකුසා ද මකරා ද කෑලිවලට කැපුවේ ඔබ නොවන සේක් ද?