ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 6:7 - Sinhala New Revised Version

වැලපීමෙන් මාගේ දෙනෙත ඉදිමී ඇත; සතුරන් නිසා මා ඇස් අඳුරු වී ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

වැලපීමෙන් මාගේ දෙනෙත ඉදිමී ඇත; සතුරන් නිසා මා ඇස් අඳුරු වී ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මාගේ ඇස ශෝකයෙන් ක්ෂයවී මගේ සියලු එදිරිකාරයන් නිසා වැහැරයයි.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 6:7
10 හුවමාරු යොමු  

“අහෝ, සමිඳුනි, මා සැබෑකමිනුත්, සම්පූර්ණ සිතකිනුත් ඔබ ඉදිරියෙහි හැසිර ඔබේ ඇස් හමුයෙහි හරි දේ කළ බව සිහි කළ මැනව”යි අතිශයින් හැඬුවේ ය.


මාගේ ඇස් සෝදුකින් අඳුරු වී ඇත. මාගේ අවයව සියල්ල සෙවණැල්ලක් වැනි ය.


මසින් මසට පාළු සිතින් කල්යැවීමට මට නියම ව ඇත; රැයින් රැය මම දුකින් දුකට පත්වන්නෙමි.


මාගේ වරද ගැන නිහඬ ව සිටිමින්, දවස පුරා කඳුළු හෙළා සුසුම් ලෑමෙන් මාගේ ඇඟපත දිරා ගියේ ය.


මාගේ පපුව ගැහෙයි; කාය ශක්තිය හීන වේගන යයි; ඇස් ද ඇඳිරි වේගන යයි.


නිකරුණේ මට වෛර කරන්නන්ගේ ගණන මාගේ ඉසකෙස්වලටත් වඩා වැඩි ය. මුසා දොඩමින් මා වනසන්නට බලන අය බලවත් ය. එබැවින් මා සොරා නොගත් දේ ආපසු දෙන්න ඔව්හු මට බල කරන්නෝ ය.


කරදර නිසා මාගේ නෙත් අඳුරු වී ඇත්තේ ය. සමිඳුනි, මම දිනපතා ඔබ අයැදිමි; ඔබ වෙත මාගේ අත් ඔසවන්නෙමි.


“ ‘අහෝ මට වන විපතක මහත! සමිඳාණන් වහන්සේ මාගේ වේදනාවට ශෝකය එකතු කළ සේක. මම මාගේ සුසුම්ලෑමෙන් වෙහෙස ව සිටිමි. සහනයක් මට ලැබී නැතැ’යි නුඹ කීයෙහි ය.”


මේ නිසා අපේ සිත ක්ලාන්ත වී තිබේ. මේ දේවල් නිසා අපේ ඇස් අඳුරු වී තිබේ.