ගීතාවලිය 57:8 - Sinhala New Revised Version මාගේ හදවත, අවදි වන්න! එම්බා! කුඩා වීණාව, මහා වීණාව, පිබිදෙන්න! එවිට මම උදාහිරු අවදි කරන්නෙමි. Sinhala New Revised Version 2018 මාගේ හදවත, අවදි වන්න! එම්බා! කුඩා වීණාව, මහා වීණාව, පිබිදෙන්න! එවිට මම උදාහිරු අවදි කරන්නෙමි. Sinhala Revised Old Version මාගේ ගෞරවය පිබිදෙව; කුඩා වීණාවත් මහ වීණාවත් පිබිදෙව්. මමත් ඉතා අලුයම පුබුදින්නෙමි. |
දැනුදු මා සිසාරා සිටින මාගේ සතුරන්ට ඉහළින් මාගේ හිස ඔසවමි; එතුමන්ගේ මණ්ඩපයෙහි ප්‍රීති පූජා පුදන්නෙමි; හිමි සඳුට ගී ගයා වාදනය කරන්නෙමි.
දැන් ඉතින් මම නිහඬ ව නොසිටිමි. ඔබට ගී පසස් ගයන්නෙමි. මාගේ දෙවි සමිඳුනි, සදහට ම ඔබ හට ගී ගයන්නෙමි.
දෙවියෙනි, මාගේ දෙවියෙනි, එවිට මම දිව්‍ය පූජාසනය වෙත, මාගේ පස්වණක් ප්‍රීතිය වන දෙවිඳුන් වෙත ගොස් වීණා වාදනයෙන් ඔබ පසසන්නෙමි.
එම්බා සියොන්, පිබිදෙන්න, පිබිදෙන්න, ශක්තිමත් වන්න, ශුද්ධ නුවර වන ජෙරුසලම, ඔබේ අලංකාර වස්ත්‍ර පැළඳගන්න. මින්පසු අචර්මඡේදිතයෙක් වත්, අපවිත්‍ර වූවෙක් වත්, මේ නගරයට ඇතුළු නොවන්නේ ය.
එබැවින් මාගේ හද සොම්නස් විය; මාගේ වචන ප්‍රමුදිත විය; මාගේ සිරුර ද බලාපොරොත්තුවෙන් පුල පුලා සිටින්නේ ය.
පිබිදෙන්න, දෙබොරා පිබිදෙන්න, පිබිදෙන්න, පිබිදෙන්න, ගීයක් ගයන්න, නැඟිටින්න; අබිනොවම් පුත් බාරාක්, නැඟිටින්න; වාලට ගත් අය ගෙනයන්න.