Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 20:28 - Sinhala New Revised Version

28 ඔව්හු වීණා ද මහා වීණා ද හොරණෑ ද ඇති ව ජෙරුසලමෙහි සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ආවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 ඔව්හු වීණා ද මහා වීණා ද හොරණෑ ද ඇති ව ජෙරුසලමෙහි සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ආවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

28 ඔව්හු වීණාද මහ වීණාද හොරණෑද ඇතුව යෙරුසලමට ස්වාමීන්වහන්සේගේ ගෘහයට ආවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 20:28
12 හුවමාරු යොමු  

එතුමන්ගේ නාමයට රඟපාමින් පැසසුම් කරත් වා! රබන් ගසා, වීණා වයා එතුමන්ට පසස් ගී ගයත් වා!


තත් දසයේ වීණාවේ හා කුඩා වීණාවේ වාදන මඟින් ද මහ වීණාවේ තනුවට ද ඔබේ ගුණ වැණීම හොබනේ ය.


මාගේ හදවත, අවදි වන්න! එම්බා! කුඩා වීණාව, මහා වීණාව, පිබිදෙන්න! එවිට මම උදාහිරු අවදි කරන්නෙමි.


මේ සියල්ලෝ දෙවියන් වහන්සේගේ මාලිගාවේ සේවය පිණිස අත්තල් ද කුඩා වීණා ද මහා වීණා ද සහිත ව සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි ගායනා කිරීමට තම පියා යටතේ සිටියෝ ය. ආසාප් ද ජෙදුතුන් ද හේමන් ද රජු යටතේ සිටියෝ ය.


හාරදහසක් දොරටු පාලකයෝ වූ හ. ‘ප්‍රශංසා කිරීමට මම සෑදුවෙමි’යි දාවිත් කී තූර්ය භාණ්ඩවලින් සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන්නෝ හාරදහසක් වූ හ.


දාවිත් සහ සියලු ඉශ්රායෙල්වරු වීණා ද කුඩා වීණා ද රබන් ද නළා ද ඇති ව දෙවියන් වහන්සේ ඉදිරියෙහි මුළු ශක්තියෙන් ගී ගයා නැටූ හ.


දාවිත් සහ මුළු ඉශ්රායෙල් වංශය සියලු ආකාර තූර්ය භාණ්ඩවලින් ද කුඩා වීණාවලින් ද කයිතාලම්වලින් ද වීණාවලින් ද රබන්වලින් ද අත්තලවලින් ද නාද කරමින් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මහ හඬින් ගයමින් නැටුවෝ ය.


එවිට ජුදාහි සහ ජෙරුසලමේ සියලු මනුෂ්‍යයෝ ද ඔවුන්ට පෙරටුව ජෙහෝෂාපාට් ද ප්‍රීතියෙන් ජෙරුසලමට හැරී යන්න පිටත් වුණෝ ය. මන්ද, සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ සතුරන් ගැන ප්‍රීති වන්න ඔවුන්ට සැලැස්සූ බැවිනි.


සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ගේ සතුරන්ට විරුද්ධ ව සටන් කළ බව දේශ දේශාන්තරවල රාජ්‍යයන් ඇසූ විට, ඔව්හු දෙවියන් වහන්සේ ගැන භීතියට පත් වූ හ.


එන්න, සමිඳුන් හට ප්‍රීති ප්‍රමෝදයෙන් ගායනා කරමු; අප මිදූ පර්වතයාණන් හට සාදු හඬ නඟා තුති ගී ගයමු.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්