එතුමාණන් මා මැරුවත් මට කමක් නැත. මට බලාපොරොත්තුවක් නැත. එහෙත්, එතුමන් ඉදිරියෙහි මාගේ නඩුව කියා පාන්නෙමි.
ගීතාවලිය 42:5 - Sinhala New Revised Version ඇයි මා මෙසේ දුක් සයුරේ කිමිදෙන්නේ? ඇයි මා මෙසේ කෙඳිරිගාමින් ළතවන්නේ? දෙවි තුමන් ගැන බලා සිටිමි. මාගේ දෙවිඳුන් හට, මිදුම්කරුන් හට, යළිත් මෙ මම් පැසසුම් දෙමි. Sinhala New Revised Version 2018 ඇයි මා මෙසේ දුක් සයුරේ කිමිදෙන්නේ? ඇයි මා මෙසේ කෙඳිරිගාමින් ළතවන්නේ? දෙවි තුමන් ගැන බලා සිටිමි. මාගේ දෙවිඳුන් හට, මිදුම්කරුන් හට, යළිත් මෙ මම් පැසසුම් දෙමි. Sinhala Revised Old Version එම්බා මාගේ ආත්මය, මක්නිසා මලානිකව ඉන්නෙහිද? මක්නිසා මා තුළ කැලඹෙන්නෙහිද? දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙව. මක්නිසාද මාගේ මුහුණේ සැපදායකවූ, මාගේ දෙවිවූ උන්වහන්සේට තවම ස්තුති ප්‍රශංසා කරන්නෙමි. |
එතුමාණන් මා මැරුවත් මට කමක් නැත. මට බලාපොරොත්තුවක් නැත. එහෙත්, එතුමන් ඉදිරියෙහි මාගේ නඩුව කියා පාන්නෙමි.
මිතුරෙකු හෝ සොහොයුරෙකු හෝ ගැන මෙන් ක්‍රියා කෙළෙමි; සිය මව ගැන දුක් වන සේ දුකින් වැතිර සිටියෙමි.
සමිඳුන් කෙරේ රඳා, ඉවසිල්ලෙන් එතුමන්ගේ පැමිණීම බලා ඉන්න; සිය ජීවිතයෙහි දියුණු වන්නා ගැන වත්, වැරදි දේ කොට ජයගන්නා ගැන වත් ඊර්ෂ්‍යා නොකරන්න.
ඇයි මා මෙසේ දුක් සයුරේ කිමිදෙන්නේ? ඇයි මා මෙසේ කෙඳිරිගාමින් ළතවන්නේ? දෙවි තුමන් ගැන බලා සිටිමි. මාගේ දෙවිඳුන් හට, මිදුම්කරුන් හට, යළිත් මෙ මම් පැසසුම් දෙමි.
ඇයි මා මෙසේ දුක් සයුරේ කිමිදෙන්නේ? ඇයි මා මෙසේ කෙඳිරිගාමින් ළතවන්නේ? දෙවි තුමන් ගැන බලා සිටිමි. මාගේ දෙවිඳුන් හට, මිදුම්කරුන් හට යළිත් මෙ මම් පැසසුම් දෙමි.
ඔබේ සෙනඟ සතුරන් පරදා ජය කෙහෙලි නැංවූයේ, තමන්ගේ ම කඩු පහරින් හෝ බාහු බලයෙන් හෝ නොවේ; එසේ වූයේ, ඔබ ඔවුන්ට ප්‍රේම කළ නිසා ඔබේ ම සුරතිනි, බාහු බලයෙනි; ඔබ සහතික ලෙස ඔවුන් සමඟ වැඩ සිටි බැවිනි.
දෙවිඳුන් කෙරෙහි නොබිය ව මාගේ විශ්වාසය තබන්නෙමි; මිනිසා මට කුමන අනතුරක් කිරීමට සමත් වන්නේ ද?
මාගේ සිතෙහි දිරිය සුන් වන කල පාතාල ලොව ගැටියේ සිට මම ඔබට හඬගසමි. මට නැඟිය නොහැකි පර්වතයකට මා ගෙන ගිය මැනව.
එහෙත්, මම නිරතුරු ඔබ බලාපොරොත්තුවෙන් සිටින්නෙමි; නිතර ම වැඩි වැඩියෙන් ඔබට ප්‍රශංසා කරන්නෙමි.
එහෙත්, දෙවිඳුන්ගේ සෙනඟ වන ඔබ, ප්‍රීතියෙන් පිනා යන්නහු ය; ශුද්ධ මංගල්‍ය පවත්වන රාත්‍රියේ දී මෙන් ගී ගයන්නහු ය; ඉශ්රායෙල්හි ආරක්ෂකයාණන් වන සමිඳුන්ගේ මාලිගාවට යන මාර්ගයේ නළා තාලයට පියවර නඟන අය මෙන් ප්‍රීති වන්නහු ය.
ඔබ අතරෙන් සමිඳුන් කෙරෙහි ගරුබිය ඇති අය එතුමන්ගේ සේවකයා කියන දේට සවන් දෙන්න. තමන්ට ආලෝකයක් නැති ව, අන්ධකාරයෙහි ඇවිදින අය සමිඳුන් කෙරෙහි විශ්වාසය තබන්න: එතුමන් කෙරෙහි බලාපොරොත්තුව තබන්න!
“මෙන්න, කන්‍යාවක් ගැබ්ගෙන පුතෙකු බිහි කරන්නී ය; උන් වහන්සේට එම්මානුවෙල් යන නාමය තබනු ඇත,” යනු ය. ඒ නාමයේ අර්ථය නම්, “දෙවියන් වහන්සේ අප සමඟ ය” යනුයි.
එකල උන් වහන්සේ ඔවුන් අමතමින්, “මැරෙන තරමට මාගේ සිත අතිශයින් ශෝකාන්විත ය. ඔබ මෙහි නැවතී මා සමඟ අවදි ව ඉන්නැ”යි වදාළ සේක.
මා ඔබට අණ කළ සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න. මම ද යුගාන්තය දක්වා සදහට ම ඔබ හා සමඟ සිටිමි”යි වදාළ සේක.
දාවිත් දැන් තද අමාරුවකට පත් විය. මන්ද, සෙනඟ සියලු දෙනාගේ සිත් තම තමන්ගේ දරුදැරියන් ගැන ශෝක වූ බැවින් ඔව්හු දාවිත්ට ගල් ගසන්නට තර්ජනය කළහ. එහෙත්, දාවිත් සිය දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි තම ශක්තිය උපදවාගත්තේ ය.