“මාගේ ස්වාමියා වන ආබ්‍රහම්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! උන් වහන්සේ තම කරුණාවත්, යහපත්කමත් ඔහු වෙතින් ඉවත් නොකළ සේක. ඔහුගේ සහෝදරයාගේ ම ගෙදරට කෙළින් ම මා ගෙන ආ සේකැ”යි කී ය.
ගීතාවලිය 33:4 - Sinhala New Revised Version සමිඳුන්ගේ වචනය අවංක ය; එතුමන්ගේ ක්‍රියා සියල්ලක් ම විශ්වාසශීලී ය. Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේගේ වචනය අවංක ය; එතුමාණන්ගේ ක්‍රියා සියල්ලක් ම විශ්වාසශීලී ය. Sinhala Revised Old Version මක්නිසාද ස්වාමීන්ගේ වචනය සෘජුය; උන්වහන්සේගේ ක්‍රියා සියල්ල විශ්වාසකමෙන් කෙරෙන්නේය. |
“මාගේ ස්වාමියා වන ආබ්‍රහම්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! උන් වහන්සේ තම කරුණාවත්, යහපත්කමත් ඔහු වෙතින් ඉවත් නොකළ සේක. ඔහුගේ සහෝදරයාගේ ම ගෙදරට කෙළින් ම මා ගෙන ආ සේකැ”යි කී ය.
සමිඳුන්ගේ අණපණත් සාධාරණ ය; සිතට සතොස වඩන්නේ ය. සමිඳුන්ගේ අණසක පැහැදිලි ය; දෙනෙතට එළිය දෙන්නේ ය,
හිමි තුමන්ගේ ගිවිසුම හා ශික්ෂා පද පිළිපදින අයට එතුමන්ගේ සියලු මාවත් කරුණාවේ හා සත්‍යයේ මාවත් වනු ඇත.
සමිඳාණන් මිහිතලය පාලනය කිරීමට වඩින විට ඒවා නද දෙන්නේ ය; එතුමාණෝ, ලෝ වැසියන් සාධාරණ ලෙස ද අවංක ලෙස ද පාලනය කරන සේක.”
දැන් නෙබුකද්නෙශර් රජු වන මම ස්වර්ගයේ රජ්ජුරුවන් වහන්සේට ප්‍රශංසා කරමි, තුති පුදමි, ගරු කරමි, මන්ද, උන් වහන්සේගේ පොරොන්දු ඉෂ්ට වන්නේ ය. උන් වහන්සේගේ ක්‍රියා මාර්ග සාධාරණ ය. උඩඟුකමින් හැසිරෙන්නන් පහත් කරන්නට උන් වහන්සේට පුළුවන.
ජාකොබ්ගේ සෙනඟ සාපයක් යටතේ සිටිත් ද? සමිඳාණන් වහන්සේට ඉවසිල්ලක් නැද් ද? ඇත්තෙන් ම උන් වහන්සේ ක්‍රියා කරන්නේ මෙසේ ද? අවංක අයට උන් වහන්සේ කරුණාවෙන් කතා නොකරන සේක් ද?
ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මාර්ගය ද සත්‍යය ද ජීවනය ද මම වෙමි; මා මඟින් මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙත නොපැමිණෙන්නෝ ය.
එතුමාණෝ පර්වතයාණෝ ය. එතුමන්ගේ ක්‍රියා පරිපූර්ණ ය; එතුමන්ගේ මාර්ග සාධාරණ ය. එතුමාණෝ අයුතුකමින් තොර ව වසන විශ්වාසී දෙවි කෙනෙකි. දැහැමි ව හා අවංක ව ද සිටින සේක.
ඒ දේව භක්තියෙහි පදනම වනාහි සදාතන ජීවනයේ බලාපොරොත්තුව වේ. කාලයාගේ පටන්ගැන්මට පෙර, දෙවියන් වහන්සේ අපට මේ සදාතනික ජීවිතය පොරොන්දු වූ සේක. උන් වහන්සේගේ වචනය විශ්වාස කටයුතු ය.