Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 33:4 - Sinhala New Revised Version 2018

4 සමිඳාණන් වහන්සේගේ වචනය අවංක ය; එතුමාණන්ගේ ක්‍රියා සියල්ලක් ම විශ්වාසශීලී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 සමිඳුන්ගේ වචනය අවංක ය; එතුමන්ගේ ක්‍රියා සියල්ලක් ම විශ්වාසශීලී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 මක්නිසාද ස්වාමීන්ගේ වචනය සෘජුය; උන්වහන්සේගේ ක්‍රියා සියල්ල විශ්වාසකමෙන් කෙරෙන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 33:4
17 හුවමාරු යොමු  

කෝවෙහි සත්වරක් දමා උණු කරන ලද රිදී මෙන් සමිඳුන් බස් සුපිරිසිදු ය.


ඒ දේව භක්තියෙහි පදනම වනාහි සදාතන ජීවනයේ බලාපොරොත්තුව වේ. කාලයාගේ පටන්ගැන්මට පෙර, දෙවියන් වහන්සේ අපට මේ සදාතනික ජීවිතය පොරොන්දු වූ සේක. උන් වහන්සේගේ වචනය විශ්වාස කටයුතු ය.


එතුමාණෝ පර්වතයාණෝ ය. එතුමන්ගේ ක්‍රියා පරිපූර්ණ ය; එතුමන්ගේ මාර්ග සාධාරණ ය. එතුමාණෝ අයුතුකමින් තොර ව වසන විශ්වාසී දෙවි කෙනෙකි. දැහැමි ව හා අවංක ව ද සිටින සේක.


සමිඳුනි, ඔබේ විනිශ්චයයන් සාධාරණ බවත්, ඔබ විශ්වාසවන්ත නිසා මට පීඩා කළ බවත් දනිමි.


සමිඳුන්ගේ අණපනත් සාධාරණ ය; සිතට සතොස වඩන්නේ ය. සමිඳුන්ගේ අණසක පැහැදිලි ය; දෙනෙතට එළිය දෙන්නේ ය,


ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මාර්ගය ද සත්‍යය ද ජීවනය ද මම වෙමි; මා මඟින් මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙත නොපැමිණෙන්නෝ ය.


දෙවිඳුන්ගේ හැම කියමනක් ම අත්දුටු සත්‍යය වේ; දෙව් සරණ පතන අයට එතුමාණෝ පලිහක් වැනි ය.


එබැවින් ඔබේ නියමය අනුව මම හැසිරෙන්නෙමි; සියලු වංක මාර්ග නුරුස්සමි.


එසේ වුව ද ව්‍යවස්ථාව ශුද්ධ ය, ආඥාව ද ශුද්ධ ය, සාධාරණ ය, යහපත් ය.


සමිඳාණන් මිහිතලය පාලනය කිරීමට වඩින විට ඒවා නද දෙන්නේ ය; එතුමාණෝ, ලෝ වැසියන් සාධාරණ ලෙස ද අවංක ලෙස ද පාලනය කරන සේක.”


“මාගේ ස්වාමියා වන ආබ්‍රහම්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! උන් වහන්සේ තම කරුණාවත්, යහපත්කමත් ඔහු වෙතින් ඉවත් නොකළ සේක. ඔහුගේ සහෝදරයාගේ ම ගෙදරට කෙළින් ම මා ගෙන ආ සේකැ”යි කී ය.


ජාකොබ්ගේ සෙනඟ සාපයක් යටතේ සිටිත් ද? සමිඳාණන් වහන්සේට ඉවසිල්ලක් නැද් ද? ඇත්තෙන් ම උන් වහන්සේ ක්‍රියා කරන්නේ මෙසේ ද? අවංක අයට උන් වහන්සේ කරුණාවෙන් කතා නොකරන සේක් ද?


හිමිතුමාණන්ගේ ගිවිසුම හා ශික්ෂා පද පිළිපදින අයට එතුමාණන්ගේ සියලු මාවත් කරුණාවේ හා සත්‍යයේ මාවත් වනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්