දාවිත් ජෙරුසලමෙහි රජ මැදුරට පැමුණුණ විට, එය බලාගැනීමට ඔහු තබා ගිය උපභාර්යාවන් දසදෙනා රැගෙන, ඔවුන් රැකවල් යටතේ තබා ඔවුන්ගේ වුවමනාවන් සපයා දුන්නේ ය. එහෙත්, ඔහු ඔවුන් සමඟ එක් නො වී ය. මෙසේ ඔව්හු මැරෙන දවස දක්වා ම සිරගත ව වැන්දඹුවන් මෙන් සිටියෝ ය.
ගීතාවලිය 30:1 - Sinhala New Revised Version ඔබ මා උසස් කළ බැවින් ද මාගේ දුක් ගැන මා සතුරන්ට ප්‍රීති වීමට නුදුන් බැවින් ද සමිඳුනි, ඔබට ප්‍රශස්ති ගී ගයමි. Sinhala New Revised Version 2018 ඔබ මා උසස් කළ බැවින් ද මාගේ දුක් ගැන මා සතුරන්ට ප්‍රීති වීමට නුදුන් බැවින් ද සමිඳාණන් වහන්ස, ඔබට ප්‍රශස්ති ගී ගයමි. Sinhala Revised Old Version ස්වාමිනි, ඔබ වර්ණනාකරමි; මක්නිසාද ඔබ මා උසස්කළසේක, මාගේ සතුරන්ට මා සඳහා ප්‍රීතිවෙන්ට නුදුන්සේක. |
දාවිත් ජෙරුසලමෙහි රජ මැදුරට පැමුණුණ විට, එය බලාගැනීමට ඔහු තබා ගිය උපභාර්යාවන් දසදෙනා රැගෙන, ඔවුන් රැකවල් යටතේ තබා ඔවුන්ගේ වුවමනාවන් සපයා දුන්නේ ය. එහෙත්, ඔහු ඔවුන් සමඟ එක් නො වී ය. මෙසේ ඔව්හු මැරෙන දවස දක්වා ම සිරගත ව වැන්දඹුවන් මෙන් සිටියෝ ය.
එහි දාවිත් සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනඟා දවන යාග පූජා ද සහභාගිකමේ පූජා ද ඔප්පු කෙළේ ය. එවිට සමිඳාණන් වහන්සේ දේශය ගැන කළ කන්නලව්ව පිළිගත් සේක. ඉශ්රායෙල් දේශයේ වසංගතය පහ ව ගියේ ය.
තවද, තීර්හි රජ වූ හීරාම් තෙමේ පණිවුඩකාරයන් ද කිහිරි ලී ද වඩුවන් ද ගල් වඩුවන් ද දාවිත් වෙත එව්වේ ය. ඔව්හු දාවිත්ට මාලිගාවක් ගොඩනැඟුවෝ ය.
දාවිත් ද තමන්ගේ ගෙවැසියන්ට ආශීර්වාද කරන පිණිස හැරී ගියේ ය. සාවුල්ගේ දුව වන මීකල් දාවිත්ගේ පෙරමඟට අවුත් කතා කොට, “කමකට නැති කෙනෙකු විලි ලජ්ජා නැති ව තමාගේ ඇඳුම් ගලවා දමන්නා සේ අද සිය මෙහෙකරුවන්ගේ දාසීන් ඉදිරියෙහි තමාගේ ඇඳුම් ගලවා දැමූ ඉශ්රායෙල් රජතුමා අද තේජවන්ත වී සිටින හැටි පුදුම ය”යි කීවා ය.
එසේ සිටින අතර රජතුමා නාතාන් නම් දිවැසිවරයාට කතා කොට, “මෙන්න, මම දැන් කිහිරි ගෙයක වසමි; එහෙත්, දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව කූඩාරමක් ඇතුළේ තිබේ ය”යි කීවේ ය.
සලමොන් රජ සමිඳාණන් වහන්සේට ඔප්පු කළ සහභාගිකමේ පූජා සඳහා ගොනුන් විසිදෙදහසක් හා බැටළුවන් එක්ලක්ෂ විසිදහසක් පුද කෙළේ ය. මෙසේ රජ ද සියලු ඉශ්රායෙල් ජනයා ද සමිඳාණන් වහන්සේගේ මාලිගාව කැප කළෝ ය.
එහෙත්, රජුගේ වචනය ජෝවාබ් ට පිළිකුල් ව තිබුණු නිසා ඔහු ලෙවීවරුන් ද බෙන්ජමින්වරුන් ද ඔවුන් අතරේ ගණන් කෙළේ නැත.
එවිට නොහැක, මාගේ සතුරාට, “ඔහු පැරදුවෙමි”යි මා ගැන, කියන්නට; නොහැකි ය, මාගේ සතුරන්ට මාගේ වැටීම ගැන සිනාසෙන්නට.
මාගේ දෙවියෙනි ඔබ කෙරේ විශ්වාසය තබමි. මා ලජ්ජාවට පත් වන්න ඉඩ නුදුන මැනව; මා පරදා ජය හඬ නඟන්න මා සතුරන්ට ඉඩ නොතැබුව මැනව.
දැනුදු මා සිසාරා සිටින මාගේ සතුරන්ට ඉහළින් මාගේ හිස ඔසවමි; එතුමන්ගේ මණ්ඩපයෙහි ප්‍රීති පූජා පුදන්නෙමි; හිමි සඳුට ගී ගයා වාදනය කරන්නෙමි.
ඔබේ සෙනඟ මුදා, ඔබේ ආවේණික සෙනඟට ආසිරි දුන මැනව; ඔවුන් පෝෂණය කොට සදහට ම රැකබලාගත මැනව.
මාගේ සතුරෝ අයුක්ති සහගත ව මාගේ දුක ගැන ප්‍රීතිමත් නොවෙත් වා! මාගේ දුක් ගැනවිලි ගැන බැල්මෙන් සෙනඟ කුල්මත් නොවෙත් වා!
“ඔවුන්ගේ දෙවිඳාණෝ කොහේ දැ”යි මිසදිටු ජාතීන් අසන්නේ කුමට ද? ඔබේ සේවකයන්ගේ ලෙයට පළිගන්න බව මිසදිටු ජාතීන් අතර අපේ ඇස් ඉදිරියෙහි ම ප්‍රකාශ වේ වා!
අපේ අසල්වැසියන් හට අපි සරදමක් වූයෙමු; අප අවට සිටින්නන් හට විහිළුවක් ද නින්දාවක් ද වූයෙමු.
මඟ යන සියල්ලෝ නුවර හෙළා දකිති. ඔව්හු සියුරුහන් බාමින් ජෙරුසලම් පුරඟනට විරුද්ධ ව හිස් වනමින්, “ ‘ලෝකයේ අභිමානය ය; මුළු පොළොවේ ප්‍රීතිය ය’යි කියනු ලැබූ නුවර මෙය දැ”යි අසති.
දැන් නෙබුකද්නෙශර් රජු වන මම ස්වර්ගයේ රජ්ජුරුවන් වහන්සේට ප්‍රශංසා කරමි, තුති පුදමි, ගරු කරමි, මන්ද, උන් වහන්සේගේ පොරොන්දු ඉෂ්ට වන්නේ ය. උන් වහන්සේගේ ක්‍රියා මාර්ග සාධාරණ ය. උඩඟුකමින් හැසිරෙන්නන් පහත් කරන්නට උන් වහන්සේට පුළුවන.
“එවිට නිලධාරීන් සේනාව අමතා මෙසේ කිව යුතු ය: ‘අලුත් ගෙයක් තැනූ නමුත්, එහි ගෙවදීමේ උත්සවය නොකළ යමෙක් මෙහි සිටී ද? එවැන්නෙක් ආපසු ගෙදර යා යුතු ය. මන්ද, ඔහු සටනේ දී මියගියොත්, අන් කෙනෙකු ඒ උත්සවය සිදු කරනු ඇත.