ගීතාවලිය 29:9 - Sinhala New Revised Version සමිඳුන්ගේ කටහඬ මුව දෙනුන්ට පැටවුන් බිහි කරවයි, වනය පාළු කරවයි, එතුමන්ගේ මාලිගාවෙහි සැම දෙය ම, “ඔබට මහිමය වේවා”යි කියයි. Sinhala New Revised Version 2018 සමිඳුන්ගේ කටහඬ මුව දෙනුන්ට පැටවුන් බිහි කරවයි, වනය පාළු කරවයි, එතුමාණන්ගේ මාලිගාවෙහි සැම දෙය ම, “ඔබට මහිමය වේවා”යි කියයි. Sinhala Revised Old Version ස්වාමීන්ගේ ශබ්දය මුවදෙනුන් ප්‍රසවයකරවයි, වනය පාළුකරයි. උන්වහන්සේගේ මාලිගාවෙහි සියල්ල: මහිමය වේවා කියයි. |
ඔබේ ශුද්ධස්ථානයේ දී මම ඔබ දෙස ඕනෑකමින් බලා සිටින්නෙමි. ඔබේ බලය ද මහිමාලංකාරය ද නරඹන්නෙමි.
සෙනඟගේ දුෂ්ටකම කටු පඳුරු හා ගොකටු දවාලන ගින්නක් වැනි ය; දුම් කඳ ඉහළට නංවන ලැව් ගින්නක් වැනි ය.