ඔව්හු මහා සභාව මැද එතුමන්ගේ ශ්‍රේෂ්ඨත්වය පසසත් වා! ප්‍රජා මූලිකයන්ගේ රැස්වීමේ දී එතුමන්ට ප්‍රශංසා කරත් වා!
ගීතාවලිය 26:12 - Sinhala New Revised Version මාගේ පාද යහ මඟ පිහිටා ඇත. ප්‍රසිද්ධ නමස්කාරයේ දී සමිඳුන් හට පැසසුම් ගී ගයන්නෙමි. Sinhala New Revised Version 2018 මාගේ පාද යහ මඟ පිහිටා ඇත. ප්‍රසිද්ධ නමස්කාරයේ දී සමිඳුන් හට පැසසුම් ගී ගයන්නෙමි. Sinhala Revised Old Version මගේ පය සමබිමෙක්හි පිහිටා තිබේ. සභාවලදී ස්වාමීන්ට ප්‍රශංසාකරන්නෙමි. |
ඔව්හු මහා සභාව මැද එතුමන්ගේ ශ්‍රේෂ්ඨත්වය පසසත් වා! ප්‍රජා මූලිකයන්ගේ රැස්වීමේ දී එතුමන්ට ප්‍රශංසා කරත් වා!
සමිඳුන් පසසන්න, දැහැමියන්ගේ සමාගමේ දී ද සභාවේ දී ද මාගේ මුළු සිතින් සමිඳුන්ට ස්තුති කරන්නෙමි.
ඉශ්රායෙල් සෙනඟට නියම කළ ලෙස ගෝත්‍රයෝ, සමිඳුන්ගේ ගෝත්‍රයෝ, එතුමන් නමට තුති දෙන පිණිස මෙම නගරය වෙත පැමිණෙති.
සමිඳුනි, තුති ගොස පතුරා හරින පිණිසත්, ඔබේ අසිරිමත් ක්‍රියා පසසන පිණිසත් මම එසේ කරමි.
සමිඳුනි, ඔබේ දහම් මඟ මට ඉගැන්නුව මැනව; මාගේ සතුරන් නිසා උවදුරු රහිත මඟක මා ගෙන ගිය මැනව.
හිමි තුමාණෝ මා බියකරු වළකින්, මඩ වළකින් ගොඩට ගෙන, පර්වතයක් මත පිහිටුවා, මා සුරක්ෂිත කළ සේක.
කුඩා ම පෙළපත වන බෙන්ජමින්ගේ පෙළපත මුලින් ම ගමන් කරන්නෝ ය. ඉන්පසු ජුදාගේ ද සාබුලොන්ගේ ද නප්තලීගේ ද කුමරුවෝ ගමන් කරන්නෝ ය.
“මම මාගේ සහෝදරයන්ට ඔබගේ නාමය ප්‍රකාශ කරන්නෙමි, සබ මැද ඔබට පැසසුම් ගී ගයන්නෙමි”යි වදාරන සේක.
එතුමාණෝ තම සුදනන්ගේ දිවි රක්නා සේක; එහෙත්, දුදනෝ අඳුරෙහි වැනසෙන්නෝ ය. සිය සවියෙන් පමණක් කිසිවෙක් ජය නොගන්නේ ය.