Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 111:1 - Sinhala New Revised Version

1 සමිඳුන් පසසන්න, දැහැමියන්ගේ සමාගමේ දී ද සභාවේ දී ද මාගේ මුළු සිතින් සමිඳුන්ට ස්තුති කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 සමිඳාණන් වහන්සේ පසසන්න, දැහැමියන්ගේ සමාගමේ දී ද සභාවේ දී ද මාගේ මුළු සිතින් සමිඳුන්ට ස්තුති කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරව්. අවංකයින්ගේ සමාගමේදීද සභාවේදීද මාගේ මුළු සිතින් ස්වාමීන්ට ස්තුති කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 111:1
18 හුවමාරු යොමු  

සමිඳුනි, හද පත්ලෙන් ඔබට තුති කරන්නෙමි. දෙවිවරුන් ඉදිරියෙහි ඔබට ගී ගයා ඔබ පසසන්නෙමි.


සමිඳුන් පසසන්න. සමිඳුන්ට නව ගීතිකාවක් ද සැදැහැවතුන්ගේ සභාවේ දී එතුමන්ගේ පැසසුම් ද ගායනා කරන්න.


මාගේ මුවින් සමිඳුන්ට බොහෝ සෙයින් තුති කරන්නෙමි; එසේ ය, මහා සභාවේ දී එතුමන්ට ප්‍රශංසා කරන්නෙමි.


සමිඳුන් පසසන්න; සමිඳුන්ට තුති පුදන්න; මන්ද, එතුමාණෝ යහපත් ය; එතුමන්ගේ තිර පෙම සදහට ම පවතින්නේ ය.


අහෝ සමිඳුනි! මම ජනතාව අතර ඔබ පසසමි; විජාතීන් අතර මම ඔබට ගී ගයමි.


අහෝ සමිඳුනි! ඔබ කරන අසිරිමත් ක්‍රියා ගැන අහස් තලය ගී ගයන්නේ ය. සුරලොව පිරිස් ඔබේ විශ්වාසවන්තකම ගැන ගීතිකා කරන්නෝ ය.


එවිට මම මහා සභාවේ දී ඔබට තුති පුදන්නෙමි; විසල් ජනකායක් අබිමුව ඔබට පැසසුම් කරන්නෙමි.


ඉශ්රායෙල් දෙවි සමිඳුන්ට සදාකාලයෙන් සදාකාලයට ම ප්‍රශංසා වේ වා! මුළු සෙනඟ ආමෙන් කියත් වා! සමිඳුන්ට ප්‍රශංසා කරන්න.


සුද්ද සෙන් සබ මැද ඔබට ගරුබිය දක්වන්නෝ ය. සියල්ලෝ ඔබට බියෙන් සිටින්නෝ ය.


මහා සභාවේ මාගේ ප්‍රශංසාවේ තේමාව ඔබ ය. එතුමන්ට ගරුබිය ඇති අය අබිමුව මාගේ භාර ඉටු කරන්නෙමි.


ඔව්හු මහා සභාව මැද එතුමන්ගේ ශ්‍රේෂ්ඨත්වය පසසත් වා! ප්‍රජා මූලිකයන්ගේ රැස්වීමේ දී එතුමන්ට ප්‍රශංසා කරත් වා!


සමිඳුනි, හද පත්ලෙන් මම ඔබ හට තුති පුදමි; ඔබ කළ හැම අසිරිමත් ක්‍රියා පතුරා හරින්නෙමි;


මාගේ සිත, සමිඳුන් පසසන්න; හද පත්ලෙන් ම එතුමන්ගේ ශුද්ධ නම පසසන්න.


හිමි සමිඳාණන්ට ගරුබිය ඇත්තෙනි, එතුමන් පසසන්න; ජාකොබ් වංශයේ සියල්ලෙනි, එතුමන්ට ගෞරවය දෙන්න; ඉශ්රායෙල් වංශයේ සියල්ලෙනි, එතුමන් ඉදිරියෙහි ගරු බියෙන් සිටින්න;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්