සාවුල්ගේ වංශයත්, දාවිත්ගේ වංශයත් අතරේ බොහෝ කල් යුද්ධ පැවතුණේ ය. දාවිත් වනාහි වඩ වඩා බලවත් වන අතර, සාවුල්ගේ වංශය වඩ වඩා බල හීන වේගෙන ගියේ ය.
එස්තර් 9:4 - Sinhala New Revised Version මොර්දෙකයි වූකලී රජ මැදුරේ බලසම්පන්න ව සිටියේ ය. ඔහුගේ කීර්තිය ද සියලු ප්‍රදේශවල පතළ වී ගියේ ය. මොර්දෙකයි වඩ වඩාත් බලසම්පන්න විය. Sinhala Revised Old Version කුමක්හෙයින්ද මොර්දෙකයි රජගෙදර උත්තමයෙක්ව සිටියේය, ඔහුගේ කීර්තියද සියලු රටවල පතළවී ගියේය. මොර්දෙකයි නම් ඒ පුරුෂ තෙමේ වඩ වඩාත් උසස් විය. |
සාවුල්ගේ වංශයත්, දාවිත්ගේ වංශයත් අතරේ බොහෝ කල් යුද්ධ පැවතුණේ ය. දාවිත් වනාහි වඩ වඩා බලවත් වන අතර, සාවුල්ගේ වංශය වඩ වඩා බල හීන වේගෙන ගියේ ය.
දාවිත්ගේ කීර්තිය සියලු රටවල පතළ වී ගියේ ය. සමිඳාණන් වහන්සේ සියලු ජාතීන් තුළ ඔහු කෙරෙහි භයක් ඇති කළ සේක.
ඔහු කළ සියලු බලවත් තෙදවත් ක්‍රියා ද රජු විසින් උසස් කරන ලද මොර්දෙකයිගේ ගරු බුහුමන් පිළිබඳ විස්තර ද මේදියාවේත්, පර්සියාවේත් රජවරුන්ගේ වාර්තා පොතෙහි ලියා තිබෙනු නොවේ ද?
ඔහු ඇල දොළ අද්දර සිටුවා ඇති, නියම කලට පල දරන, කොළ පර වී නොයන ගසකට සමාන ය; ඔහු කරන සැම දේ සරු සාර වේ.
ඔබ ජනතාවගේ උද්ඝෝෂණවලින් මා මුදාගන්න සේක; මා ජාතීන්ගේ නායකයා කරන සේක. මා පෙර දැන නොසිටි සෙනඟක් මට සේවය කරති.
සමිඳාණන් වහන්සේ මිසර වැසියන්ගෙන් තම සෙනඟට ප්‍රසාදය ලබා දුන් සේක. මෝසෙස් මිසර දේශයෙහි පාරාවෝගේ නිලධාරීන් හා සෙනඟ ඉදිරියෙහි අතිශ්‍රේෂ්ඨයෙක් විය.
එහෙත් දැහැමියන්ගේ මාවත උදේ පායන හිරු මෙන් ය, එය මද්දහනය දක්වා දීප්තියෙන් වැඩි වේගෙන යයි.
එතුමන්ගේ රාජ බලය වැඩි වර්ධනය වන්නේ ය; එම රාජ්‍යයේ සාමයට කෙළවරක් නොවන්නේ ය; මෙතැන් සිට සදහට ම දාවිත් රජුගේ සිහසුනේ වැඩ හිඳින එතුමන්ගේ රාජ්‍යය ස්ථිරව පිහිටුවන ලෙස එතුමාණෝ යුක්තියෙන් ද ධර්මිෂ්ඨකමින් ද රජකම් කරන සේක. සව් බලැති සමිඳුන්ගේ උද්‍යෝගයෙන් මෙය අධිෂ්ඨාන කළ සේක.”
ඒ කාලය පැමිණි විට නුඹට පීඩා කළ අයට මම දඬුවම් දෙන්නෙමි. කොරගසන අය මුදා හරින්නෙමි. වහල්කමට ගෙන ගිය අය රැස් කරන්නෙමි. ඔවුන් නින්දාව ලත් හැම රටවල ඔවුන්ට ප්‍රශංසාව හා කීර්තිය ලැබෙන්නට සලස්වන්නෙමි.
උන් වහන්සේගේ කීර්ති රාවය සිරියාව පුරා පැතිරිණි. නානා රෝග පීඩාවලින් පෙළුණු සියලු රෝගීහු ද දුෂ්ටාත්මාවේශ වූ අය ද මීමැස්මොර රෝගීහු ද අංසබාග රෝගීහු ද උන් වහන්සේ වෙත ගෙනෙන ලද්දෝ ය. උන් වහන්සේ ඔවුන් සුවපත් කළ සේක.
මෙසේ සමිඳාණන් වහන්සේ ජෝෂුවා සමඟ වැඩ සිටි සේක; ඔහුගේ කීර්තිය දේශය මුළුල්ලෙහි පතළ විය.
එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වන මම මෙසේ කියමි: නුඹේ වංශයත්, නුඹේ පියාගේ වංශයත් මා ඉදිරියෙහි සදහට ම සේවය කරනු ඇත. එහෙත්, දැන් ස්වාමීන් වන මම එය මාගෙන් දුරු වේ වා යි කියමි. මන්ද, මට ගෞරව කරන්නන්ට මම ගෞරව කරමි. මා හෙළා දකින්නන් නින්දාවට පමුණුවන්නෙමි.