Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

එස්තර් 10 - Sinhala New Revised Version


මොර්දෙකයි පිළිබඳ තවත් වාර්තා

1 අහෂ්වේරොෂ් රජ දේශයටත්, මුහුදු දිවයින්වලටත් තමාට කප්පම් ගෙවන ලෙස නියම කෙළේ ය.

2 ඔහු කළ සියලු බලවත් තෙදවත් ක්‍රියා ද රජු විසින් උසස් කරන ලද මොර්දෙකයිගේ ගරු බුහුමන් පිළිබඳ විස්තර ද මේදියාවේත්, පර්සියාවේත් රජවරුන්ගේ වාර්තා පොතෙහි ලියා තිබෙනු නොවේ ද?

3 ජුදෙව් ජාතික මොර්දෙකයි නිලයෙන් දෙ වන වූයේ, අහෂ්වේරොෂ් රජුට පමණකි. ජුදෙව්වරුන් අතරේ ඔහු උත්තමයෙක් විය. සිය සහෝදර සමූහයාට ප්‍රිය මනාප කෙනෙක් ද විය. ඔහු සිය සෙනඟගේ ශුභසිද්ධිය සොයමින්, තමාගේ මුළු වංශයේ සාමදානය උදෙසා ක්‍රියා කෙළේ ය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්