Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්තර් 9:3 - Sinhala New Revised Version

3 ඒ ඒ ප්‍රදේශවල සියලු අධිපතියෝ ද දිශාධිපතියෝ ද ආණ්ඩුකාරයෝ ද රාජකාරිය කරන්නෝ ද ජුදෙව්වරුන්ට උපකාර කළෝ ය. මන්ද, මොර්දෙකයිට බියෙන් ඔව්හු මිරිකී සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 රටවල සියලු අධිපතියෝද දිශාධිපතියෝද ආණ්ඩුකාරයෝද රාජකාරිය කරන්නෝද යුදෙව්වරුන්ට උපකාරකළෝය; මක්නිසාද මොර්දෙකයි නිසා භයක් ඔවුන් පිටට පැමිණ තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්තර් 9:3
9 හුවමාරු යොමු  

තවද, ඔව්හු රජුගේ ආඥා යුප්‍රටීස් ගඟින් එගොඩ සිටි රජුගේ දිශාධිපතීන්ටත්, ආණ්ඩුකාරයන්ටත් භාර දුන්නෝ ය. එවිට ඔව්හු සෙනඟටත්, දෙවියන් වහන්සේගේ මාලිගාවටත් සහාය දුන්නෝ ය.”


තමා පිහිටෙවූ ඒ රූපය කැප කරන පිණිස, දිශාධිපතීන්ට ද අධිපතීන්ට ද ආණ්ඩුකාරයන්ට ද විනිශ්චයකාරයන්ට ද භාණ්ඩාගාරිකයන්ට ද මන්ත්‍රීවරුන්ට ද නීතිඥයන්ට ද පළාත්වල සියලු මුලාදෑනීන්ට ද රැස් වන ලෙස රජතුමා නියෝග කෙළේ ය.


එකල සිවාන් මාසය වන තුන් වන මාසයේ විසිතුන් වන දා රජුගේ ලේකම්වරු ගෙන්වනු ලැබූ හ. මොර්දෙකයි අණ කළ සියල්ල ලෙස ජුදෙව්වරුන්ට ද රටවල් එකසිය විසිහතක් වූ ඉන්දියාවේ සිට එතියෝපියාව දක්වා තිබෙන රටවල දිශාධිපතීන්ට ද ආණ්ඩුකාරයන්ට ද පළාත්වල අධිපතීන්ට ද ඒ ඒ රටේ අකුරුවලින් සහ ඒ ඒ සෙනඟගේ භාෂාවෙන් ද ජුදෙව්වරුන්ට ඔවුන්ගේ අකුරුවලින් සහ ඔවුන්ගේ භාෂාවෙන් ද ලියා යවන ලදී.


“රජතුමා කැමැති නම්, මට කරුණාව ද ලැබී තිබේ නම්, එසේ ම මාගේ යෝජනාව රජ්ජුරුවන්ට හරි යයි පෙනේ නම්, මා රජුගේ ඇස් හමුයෙහි ප්‍රිය මනාප නම්, රජුගේ සියලු ප්‍රදේශවල සිටින ජුදෙව්වරුන් විනාශ කරන්නට ආගග් ජාතික හම්මෙදාතාගේ පුත් හාමාන් උපක්‍රමයකින් ලියා යැවූ ලියුම් අවලංගු කරන පිණිස නිවේදනයක් යවනු මැනව.


එවිට පළමු වන මාසයේ දහතුන් වන දා රජුගේ ලේකම්වරුන් කැඳවන ලදුව හාමාන් අණ කළ සියල්ල ලෙස රජුගේ දිශාධිපතීන්ට ද, සියලු රටවල ආණ්ඩුකාරයන්ට ද, ඒ ඒ සෙනඟගේ අධිපතීන්ට ද, ඒ ඒ රටේ අකුරුවලින්, ඒ ඒ සෙනඟගේ භාෂාවෙන් රාජාඥාවක් ලියවා රාජ මුද්‍රාවෙන් යවනු ලැබී ය. අහෂ්වේරොෂ් රජුගේ නමින් එය ලියා රාජ මුද්‍රාව තබන ලදී.


ඔවුන් පැමිණියේ, සෙරුබ්බාබෙල් ද ජේෂුවා ද නෙහෙමියා ද සෙරායා ද රේලායා ද මොර්දෙකයි ද බිල්ෂාන් ද මිශ්පාර් ද බිග්වායි ද රෙහුම් ද බානා ද සමඟ ය. ඉශ්රායෙල් ජනයා අතර වූ පිරිමින්ගේ ගණන මෙසේ ය:


රජුගේ අණ හා නියෝගය ප්‍රකාශ කරන ලද සියලු නගරවලත්, ප්‍රදේශවලත් ජුදෙව්වරුන්ට ප්‍රීති සන්තෝෂය ද මංගල්‍ය ලීලාවක් ද නිවාඩු දවසක් ද විය. ජුදෙව්වරුන් නිසා භීතියට පත් ව සිටි දේශයේ ජනයන්ගෙන් බොහෝ දෙනෙක්, ‘තුමූ ජුදෙව්වෝ ය’යි කියාගත්හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්