ඔබ අප සමඟ කළ ගිවිසුම සිහිකළ මැනව. මන්ද, රටේ සෑම අඳුරු මුල්ලක් ම සැහැසිකමින් පිරී ඇත.
එපීස 4:18 - Sinhala New Revised Version අවිද්‍යාව හා මුරණ්ඩුකම නිසා ඔවුන්ගේ සිත් අඳුරු වී, ඔව්හු දෙවියන් වහන්සේගේ ජීවනයෙන් වෙන් ව සිටිති. සිංහල කාලීන පරිවර්තනය තම හදවත්වල දැඩිකම නිසා, අනාවබෝධය හේතුවෙන්, ඔවුහු සිටින්නේ තම වැටහීම අඳුරු කරගෙන, දෙවියන්වහන්සේගේ ජීවනයෙන් ද වෙන්ව ය. Sinhala New Revised Version 2018 අවිද්‍යාව හා මුරණ්ඩුකම නිසා ඔවුන්ගේ සිත් අඳුරු වී, ඔව්හු දෙවියන් වහන්සේගේ ජීවනයෙන් වෙන් ව සිටිති. Sinhala Revised Old Version ඔව්හු තමුන්ගේ තේරුම්ගැනීමෙන් අඳුරුව, තමුන් තුළ ඇත්තාවූ අඥානකම නිසාද තමුන්ගේ සිත් දැඩිවීම නිසාද දෙවියන්වහන්සේ කෙරෙන්වූ ජීවනයට විදේශීව සිටිති. |
ඔබ අප සමඟ කළ ගිවිසුම සිහිකළ මැනව. මන්ද, රටේ සෑම අඳුරු මුල්ලක් ම සැහැසිකමින් පිරී ඇත.
මෙසේ කරන්නේ, මුළු ඉශ්රායෙල් වංශය තමන්ගේ දේව රූප කරණකොටගෙන මාගෙන් වෙන් ව ගිය බැවින් ඔවුන් ආපසු මා වෙත දිනාගන්න පිණිස ය.’
එහෙත්, ඔහුගේ සිත අහංකාරයෙන් ද අභිමානයෙන් ද දැඩි වූ විට ඔහු රාජ්‍යාසනයෙන් පහ කරනු ලැබී ය. ඔහුගේ මහිමය ද ඔහුගෙන් පහ කරනු ලැබී ය.
මේ සෙනඟගේ සිත් අඳුරු ය; ඔවුන්ගේ කන් වැසී ඇත. ඔවුන්ගේ ඇස් පිය වී ඇත. එසේ නොවී නම්, ඔවුන් ඇසින් බලා, කනින් අසා, සිතින් තේරුම්ගෙන හැරෙනු ඇත. මම ද ඔවුන් සුවපත් කරමි’ යනු යි.
උන් වහන්සේ ඔවුන්ගේ සිත් දැඩිකම ගැන දුක් ව, උදහසින් වටේට බලා “ඔබේ අත දිග හරින්නැ”යි ඒ මිනිසාට වදාළ සේක. ඔහු එය දිග හැරියේ ය. එකෙණෙහි ම ඔහුගේ අත සුව විය.
“උන් වහන්සේ ඔවුන්ගේ ඇස් අන්ධ කළ සේක. සිත් දැඩි කළ සේක, එසේ කෙළේ, ඔවුන් ඇසින් නොදැක, සිතින් තේරුම් නොගෙන, මාගෙන් සුවය ලැබීමට මා වෙත නොහැරෙන පිණිස ය.”
ඉතින් මේ නොදැනුම් කමේ කාලයන් දෙවියන් වහන්සේ නොතකා හැරිය නමුත් දැන් සියලු මනුෂ්‍යයන්ට සියලු තැන්හි පසුතැවී සිත් හරවා ගන්නට දැන් අණ කරන සේක.
“දැන් ඉතින් සහෝදරවරුනි, ඔබගේ ප්‍රධානීන් මෙන් ම, ඔබ ද, නොදැනුම්කමින් ක්‍රියා කළ බව මම දනිමි.
තවද ඔවුන් සිය බුද්ධියෙහි දෙවියන් වහන්සේට තැනක් දීම නුසුදුසු යයි සිතූ බැවින්, නුසුදුසු දේ කරන පිණිස තමන්ගේ ම දූෂිත චේතනාවන්ට ගොදුරු වීමට දෙවියන් වහන්සේ ඉඩ හැරිය සේක.
සහෝදරයෙනි, ඔබ ඥානවන්තයෝ යයි සිතමින් අහංකාර නොවන පිණිස ඔබ දත යුතු අබිරහසක් ඇතැ යි සිතමි. එනම්, ඉශ්රායෙල් ජනතාව තුළ තරමක සිත් දැඩිකමක් පවතින්නේ විජාතීන් සියලු දෙනා ම ගැළවීම ලබන තුරු පමණකි.
මෙයින් අපි කුමක් නිගමනය කරමු ද? ඉශ්රායෙල් ජනතාව සෙවූ දේ ඔවුන්ට නොලැබිණි. තෝරාගත් ඉතිරි වූ පිරිසකට එය ලැබිණි. සෙසු අයගේ සිත් දැඩි කරනු ලැබී ය.
මන්ද, දෙවියන් වහන්සේගේ ප්‍රඥාවන්ත සැලැස්ම අනුව ලෝකයාට ස්වකීය ප්‍රඥා බලයෙන් දෙවියන් වහන්සේ දැනගැනීමට නොහැකි විය. ඒ වෙනුවට ප්‍රලාපයකැ යි කියන සුබ අස්න දේශනා කිරීමෙන් අදහන්නන් ගළවාලීමට උන් වහන්සේ සතුටු වූ සේක.
ඒ ප්‍රඥාව මෙලොව අධිපතීන්ගෙන් කිසිවෙක් නොදත්හ. එය ඔවුන් දැන සිටියා නම්, මහිමාන්විත සමිඳාණන් වහන්සේ කුරුසියේ ඇණ ගසන්නේ නැත.
එහෙත් ඔවුන්ගේ සිත් දැඩි වී තිබිණි. මන්ද, අද දක්වා ම පුරාණ ගිවිසුමෙන් කියවන විට එම වැස්ම ඉවත් නොකොට පවතී. ඒ වැස්ම ඉවත් කරනු ලබන්නේ ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන පමණ ය.
දෙවියන් වහන්සේගේ ස්වරූපය වන ක්‍රිස්තුන් වහන්සේගේ තේජාන්විත සුබ අස්නේ ප්‍රභාව නොපෙනෙන සේ මෙලොව දෙවියා නොඇදහිලිවන්තයන්ගේ සිත් අඳුරු කර ඇත.
එසේ වුව ද ඔබ ඒ කාලයේ දී දෙවියන් වහන්සේ නොහැඳින, සැබැවින් ම දෙවිවරුන් නොවන අයට වහල් ව සිටියහු ය.
තවද ඒ කාලයේ දී ඔබ ක්‍රිස්තුන් වහන්සේ නැති ව, තෝරාගත් ඉශ්රායෙල් ජාතියෙන් බැහැර ව, පොරොන්දුවේ ගිවිසුම්වල පංගුකාරකමක් නොමැති ව, බලාපොරොත්තු රහිත ව, දෙවියන් වහන්සේගෙන් ඉවත් ව, ලෝකයෙහි ජීවත් වූ බව සිහි කරන්න.
පසුගිය කාලයේ දී ඔබ දෙවියන් වහන්සේගෙන් ඈත් වී සිටියහු ය. ඔබේ නපුරු ක්‍රියා නිසා ඔබ උන් වහන්සේට සිතින් සතුරු ව සිටියහු ය.
ඔහුත් දුර්වලකම්වලට භාජන වී සිටින බැවින් අනුවණයන් ද මුළාවෙන්නන් ද ගැන ඉවසිල්ලෙන් ක්‍රියා කිරීමට ඔහුට පිළිවන.
එහෙත් දෙ වන මණ්ඩපයට නායක පූජකයා පමණක් වසරකට වරක් ඇතුළු වේ. ඔහු තමා උදෙසාත්, සෙනඟගේ පව් උදෙසාත් ඔප්පු කරන පිණිස ලේ රැගෙන එහි ඇතුළු වෙයි.
අවිශ්වාසී ජනයෙනි, ලෝකය සමඟ මිතුරුකම, දෙවිඳුන් සමඟ සතුරුකම බව ඔබ දන්නේ නැද් ද? එබැවින් කවරෙක් වුවත් ලෝකය හා මිත්‍ර වන්නට කැමැත්තේ නම්, ඔහු දෙවිඳුන්ට සතුරෙක් වන්නේ ය.
එහෙත් සිය සහෝදරයාට වෛර කරන්නා අන්ධකාරයෙහි හැසිරෙයි. අන්ධකාරයෙන් ඔහුගේ ඇස් අන්ධ වී තිබෙන බැවින්, තමා යන්නේ කොහේ දැ යි ඔහු නොදනියි.