Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 3:5 - Sinhala New Revised Version

5 උන් වහන්සේ ඔවුන්ගේ සිත් දැඩිකම ගැන දුක් ව, උදහසින් වටේට බලා “ඔබේ අත දිග හරින්නැ”යි ඒ මිනිසාට වදාළ සේක. ඔහු එය දිග හැරියේ ය. එකෙණෙහි ම ඔහුගේ අත සුව විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

5 කෝපයෙන් ඔවුන් හැම සිසාරා බලා, ඔවුන්ගේ සිත් දැඩිකම ගැන සංවේගයට පත් උන්වහන්සේ, ඒ මිනිසා අමතා, “ඔබේ අත දිගු කරන්නැ” යි කී සේක. ඔහු ඒ අත දිගු කළේ ය. එය ප්‍රකෘතිමත් කරනු ලැබ තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 උන් වහන්සේ ඔවුන්ගේ සිත් දැඩිකම ගැන දුක් ව, උදහසින් වටේට බලා “ඔබේ අත දිග හරින්නැ”යි ඒ මිනිසාට වදාළ සේක. ඔහු එය දිග හැරියේ ය. එකෙණෙහි ම ඔහුගේ අත සුව විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 උන්වහන්සේ ඔවුන්ගේ සිත් දැඩිකම නිසා දුක්වී, උදහසින් ඔවුන් වටකර බලා: නුඹේ අත දිගුකරන්නැයි ඒ මනුෂ්‍යයාට කීසේක. ඔහු එය දිගුකෙළේය. එවිට ඔහුගේ අත සුවවිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 3:5
29 හුවමාරු යොමු  

උන් වහන්සේ ඔවුන් සියල්ලන් දෙස වටේට බලා, “ඔබේ අත දිගහරින්නැ”යි ඔහුට වදාළ සේක. ඔහු එසේ කෙළේ ය; අත සුව විය.


අවිද්‍යාව හා මුරණ්ඩුකම නිසා ඔවුන්ගේ සිත් අඳුරු වී, ඔව්හු දෙවියන් වහන්සේගේ ජීවනයෙන් වෙන් ව සිටිති.


රජ තෙම දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාට කතා කොට, “මාගේ අත සුව වන පිණිස ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට කන්නලව් කර මා උදෙසා යාච්ඤා කරන්නැ”යි කී ය. ඒ මනුෂ්‍යයා ද සමිඳාණන් වහන්සේට කන්නලව් කළ විට රජුගේ අත සුව වී පෙර තිබුණාක් මෙන් විය.


සහෝදරයෙනි, ඔබ ඥානවන්තයෝ යයි සිතමින් අහංකාර නොවන පිණිස ඔබ දත යුතු අබිරහසක් ඇතැ යි සිතමි. එනම්, ඉශ්රායෙල් ජනතාව තුළ තරමක සිත් දැඩිකමක් පවතින්නේ විජාතීන් සියලු දෙනා ම ගැළවීම ලබන තුරු පමණකි.


“ඔබේ අත දිගු කරන්නැ”යි ඒ මිනිසාට වදාළ සේක. ඔහු අත දිගු කෙළේ ය. එවිට එය අනික් අත මෙන් ම සුව විය.


ඔව්හු කඳුවලටත් පර්වතවලටත් කතා කොට, “අප පිට වැටී සිංහාසනයෙහි වැඩ සිටින තැනැන් වහන්සේගේ මුහුණ ඉදිරියෙනුත් බැටළු පෝතකයාණන්ගේ උදහසිනුත් අප සඟවා ගන්න.


මෙසේ උන් වහන්සේ සම්පූර්ණත්වය ලැබ, තමන් වහන්සේට කීකරු වන සියල්ලන්ගේ සදාතන විමුක්තිදායකයාණෝ වූ සේක.


උන් වහන්සේ සතළිස් අවුරුද්දක් ම උදහස් ව සිටියේ කවුරුන් සමඟ ද? පව් කොට, කාන්තාරයේ මළ අය සමඟ නොවේ ද?


ශුද්ධාත්මයාණන් වහන්සේට දුක් නොදෙන්න. මන්ද, මිදීමේ දවසට සූදානමක් වශයෙන් ඔබ ලබා ඇති, සහතිකයේ මුද්‍රාව උන් වහන්සේ ය.


කෝප වුවත් පව් නොකරන්න. ඉර බහින තුරු හිතේ කෝපය තබා නොගන්න.


එහෙත් ඔවුන්ගේ සිත් දැඩි වී තිබිණි. මන්ද, අද දක්වා ම පුරාණ ගිවිසුමෙන් කියවන විට එම වැස්ම ඉවත් නොකොට පවතී. ඒ වැස්ම ඉවත් කරනු ලබන්නේ ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන පමණ ය.


“ගොස් සිලෝවම් පොකුණෙන් සෝදා ගන්නැ”යි වදාළ සේක. (සිලෝවම් යන්නෙහි අර්ථය ‘එවන ලද්දේ ය’ යනු යි.) එවිට ඔහු ගොස් සෝදාගෙන පෙනීම ලැබ ආපසු පැමිණියේ ය.


උන් වහන්සේ ඔවුන් දැක, “ඔබ ගොස් පූජකවරුන් අබිමුවෙහි පෙනී සිටින්නැ”යි වදාළ සේක.


සමිඳාණන් වහන්සේ ඔහුට උත්තර දෙමින්, “කෛරාටිකයෙනි, ඔබ හැම කෙනෙකු ම සබත් දිනයේ දී තමාගේ ගොනා හෝ කොටළුවා හෝ ගාලෙන් ලිහා වතුර දීමට ගෙන යනවා නොවේ ද?


සතළිස් වසරක් මම ඒ පරපුර පිළිකුල් කෙළෙමි: ‘ඔව්හු වනාහි සිත් නොමඟට හරවා ගෙන යන මාගේ මාර්ගය නොදත් ජනතාවකි.


මම ඊට අතිශයින් කිපී ටෝබියාගේ කාමරයෙහි තිබුණු බඩු භාණ්ඩ සියල්ල පිටතට වීසි කෙළෙමි.


එවිට ඔව්හු අන් දෙවිවරුන් තමන් කෙරෙන් පහ කර දමා, සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කළෝ ය. උන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ගේ කාලකණ්ණිකම ගැන ශෝක වූ සේක.


මිහි පිට මිනිසා මැවීම ගැන උන් වහන්සේ ශෝක වූ සේක; උන් වහන්සේගේ හදවත සොවින් පෙළුණි.


එබැවින් මම ඒ පරම්පරාවට උදහස් වී: ‘ඔව්හු නිතර ම සිතින් මුළා වෙති; මාගේ මාර්ග ද ඔව්හු තේරුම් නොගත්හ.


ඉන්පසු, “සබත් දිනයේ දී කළ යුත්තේ යහපත ද අයහපත ද, ප්‍රාණයක් ගැළවීම ද නැසීම දැ”යි සෙනඟගෙන් ඇසූ සේක. එහෙත්, ඔව්හු නිහඬ ව සිටියහ.


ජොනතන් කෝපයෙන් දිළිහෙමින් මේසයෙන් නැඟිට ගොස් අමාවක දෙ වන දින වන එදා කෑම නොකා සිටියේ ය. තමාගේ පියා දාවිත්ට අගෞරව කළ බැවින් ඔහු දාවිත් ගැන ශෝක වුණේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්