Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එපීස 4:18 - Sinhala New Revised Version 2018

18 අවිද්‍යාව හා මුරණ්ඩුකම නිසා ඔවුන්ගේ සිත් අඳුරු වී, ඔව්හු දෙවියන් වහන්සේගේ ජීවනයෙන් වෙන් ව සිටිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 අවිද්‍යාව හා මුරණ්ඩුකම නිසා ඔවුන්ගේ සිත් අඳුරු වී, ඔව්හු දෙවියන් වහන්සේගේ ජීවනයෙන් වෙන් ව සිටිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

18 තම හදවත්වල දැඩිකම නිසා, අනාවබෝධය හේතුවෙන්, ඔවුහු සිටින්නේ තම වැටහීම අඳුරු කරගෙන, දෙවියන්වහන්සේගේ ජීවනයෙන් ද වෙන්ව ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 ඔව්හු තමුන්ගේ තේරුම්ගැනීමෙන් අඳුරුව, තමුන් තුළ ඇත්තාවූ අඥානකම නිසාද තමුන්ගේ සිත් දැඩිවීම නිසාද දෙවියන්වහන්සේ කෙරෙන්වූ ජීවනයට විදේශීව සිටිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එපීස 4:18
34 හුවමාරු යොමු  

මේ සෙනඟගේ සිත් අඳුරු ය; ඔවුන්ගේ කන් වැසී ඇත. ඔවුන්ගේ ඇස් පිය වී ඇත. එසේ නොවී නම්, ඔවුන් ඇසින් බලා, කනින් අසා, සිතින් තේරුම්ගෙන හැරෙනු ඇත. මම ද ඔවුන් සුවපත් කරමි’ යනු යි.


තවද ඒ කාලයේ දී ඔබ ක්‍රිස්තුන් වහන්සේ නැති ව, තෝරාගත් ඉශ්රායෙල් ජාතියෙන් බැහැර ව, පොරොන්දුවේ ගිවිසුම්වල පංගුකාරකමක් නොමැති ව, බලාපොරොත්තු රහිත ව, දෙවියන් වහන්සේගෙන් ඉවත් ව, ලෝකයෙහි ජීවත් වූ බව සිහි කරන්න.


“උන් වහන්සේ ඔවුන්ගේ ඇස් අන්ධ කළ සේක. සිත් දැඩි කළ සේක, එසේ කෙළේ, ඔවුන් ඇසින් නොදැක, සිතින් තේරුම් නොගෙන, මාගෙන් සුවය ලැබීමට මා වෙත නොහැරෙන පිණිස ය.”


දෙවියන් වහන්සේ නොදන්නා විජාතීන් මෙන්, ඔබ කාම තෘෂ්ණාවෙහි ගැලී නොසිටිය යුතු ය.


අවිශ්වාසී ජනයෙනි, ලෝකය සමඟ මිතුරුකම, දෙවිඳුන් සමඟ සතුරුකම බව ඔබ දන්නේ නැද් ද? එබැවින් කවරෙක් වුවත් ලෝකය හා මිත්‍ර වන්නට කැමැත්තේ නම්, ඔහු දෙවිඳුන්ට සතුරෙක් වන්නේ ය.


දෙවියන් වහන්සේගේ ස්වරූපය වන ක්‍රිස්තුන් වහන්සේගේ තේජාන්විත සුබ අස්නේ ප්‍රභාව නොපෙනෙන සේ මෙලොව දෙවියා නොඇදහිලිවන්තයන්ගේ සිත් අඳුරු කර ඇත.


පසුගිය කාලයේ දී ඔබ දෙවියන් වහන්සේගෙන් ඈත් වී සිටියහු ය. ඔබේ නපුරු ක්‍රියා නිසා ඔබ උන් වහන්සේට සිතින් සතුරු ව සිටියහු ය.


එහෙත් සිය සහෝදරයාට වෛර කරන්නා අන්ධකාරයෙහි හැසිරෙයි. අන්ධකාරයෙන් ඔහුගේ ඇස් අන්ධ වී තිබෙන බැවින්, තමා යන්නේ කොහේ දැ යි ඔහු නොදනියි.


එසේ වුව ද ඔබ ඒ කාලයේ දී දෙවියන් වහන්සේ නොහැඳින, සැබැවින් ම දෙවිවරුන් නොවන අයට වහල් ව සිටියහු ය.


සහෝදරයෙනි, ඔබ ඥානවන්තයෝ යයි සිතමින් අහංකාර නොවන පිණිස ඔබ දත යුතු අබිරහසක් ඇතැ යි සිතමි. එනම්, ඉශ්රායෙල් ජනතාව තුළ තරමක සිත් දැඩිකමක් පවතින්නේ විජාතීන් සියලු දෙනා ම ගැළවීම ලබන තුරු පමණකි.


තවද ඔවුන් සිය බුද්ධියෙහි දෙවියන් වහන්සේට තැනක් දීම නුසුදුසු යයි සිතූ බැවින්, නුසුදුසු දේ කරන පිණිස තමන්ගේ ම දූෂිත චේතනාවන්ට ගොදුරු වීමට දෙවියන් වහන්සේ ඉඩ හැරිය සේක.


ඉතින් මේ නොදැනුම් කමේ කාලයන් දෙවියන් වහන්සේ නොතකා හැරිය නමුත් දැන් සියලු මනුෂ්‍යයන්ට සියලු තැන්හි පසුතැවී සිත් හරවා ගන්නට දැන් අණ කරන සේක.


මන්ද, දෙවියන් වහන්සේගේ ප්‍රඥාවන්ත සැලැස්ම අනුව ලෝකයාට ස්වකීය ප්‍රඥා බලයෙන් දෙවියන් වහන්සේ දැනගැනීමට නොහැකි විය. ඒ වෙනුවට ප්‍රලාපයකැ යි කියන සුබ අස්න දේශනා කිරීමෙන් අදහන්නන් ගළවාලීමට උන් වහන්සේ සතුටු වූ සේක.


ඔබ එය අන්ධයන්ට මඟපෙන්වන්නෙකු ද අඳුරෙහි වසන්නවුන්ට ආලෝකයක් ද


උන් වහන්සේ ඔවුන්ගේ සිත් දැඩිකම ගැන දුක් ව, උදහසින් වටේට බලා “ඔබේ අත දිග හරින්නැ”යි ඒ මිනිසාට වදාළ සේක. ඔහු එය දිග හැරියේ ය. එකෙණෙහි ම ඔහුගේ අත සුව විය.


ඔබ අප සමඟ කළ ගිවිසුම සිහිකළ මැනව. මන්ද, රටේ සෑම අඳුරු මුල්ලක් ම සැහැසිකමින් පිරී ඇත.


එහෙත් ඔවුන්ගේ සිත් දැඩි වී තිබිණි. මන්ද, අද දක්වා ම පුරාණ ගිවිසුමෙන් කියවන විට එම වැස්ම ඉවත් නොකොට පවතී. ඒ වැස්ම ඉවත් කරනු ලබන්නේ ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන පමණ ය.


මෙහි දී උන් වහන්සේ සියලු ජාතීන් වසාගෙන පැවති දුක නමැති වලාකුළ පහකරන සේක.


“දැන් ඉතින් සහෝදරවරුනි, ඔබගේ ප්‍රධානීන් මෙන් ම, ඔබ ද, නොදැනුම්කමින් ක්‍රියා කළ බව මම දනිමි.


මෙයින් අපි කුමක් නිගමනය කරමු ද? ඉශ්රායෙල් ජනතාව සෙවූ දේ ඔවුන්ට නොලැබිණි. තෝරාගත් ඉතිරි වූ පිරිසකට එය ලැබිණි. සෙසු අයගේ සිත් දැඩි කරනු ලැබී ය.


ඒ ප්‍රඥාව මෙලොව අධිපතීන්ගෙන් කිසිවෙක් නොදත්හ. එය ඔවුන් දැන සිටියා නම්, මහිමාන්විත සමිඳාණන් වහන්සේ කුරුසියේ ඇණ ගසන්නේ නැත.


වැරදි ක්‍රියා හා පාප හේතුකොටගෙන ඔබ මැරී සිටි කාලයක් විය.


ඔහුත් දුර්වලකම්වලට භාජන වී සිටින බැවින් අනුවණයන් ද මුළාවෙන්නන් ද ගැන ඉවසිල්ලෙන් ක්‍රියා කිරීමට ඔහුට පිළිවන.


එහෙත් දෙ වන මණ්ඩපයට නායක පූජකයා පමණක් වසරකට වරක් ඇතුළු වේ. ඔහු තමා උදෙසාත්, සෙනඟගේ පව් උදෙසාත් ඔප්පු කරන පිණිස ලේ රැගෙන එහි ඇතුළු වෙයි.


ඔබ නොදැන සිටි කාලයේ දී තිබුණු තෘෂ්ණාවලට වහල් නොවී කීකරු දරුවන් මෙන් හැසිරෙන්න.


පැස්බරා, රෑ උකුස්සා, මූදු ලිහිණියා, නා නා විධ වෙනත් උකුස්සෝ;


මෙසේ කරන්නේ, මුළු ඉශ්රායෙල් වංශය තමන්ගේ දේව රූප කරණකොටගෙන මාගෙන් වෙන් ව ගිය බැවින් ඔවුන් ආපසු මා වෙත දිනාගන්න පිණිස ය.’


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්