මෙසේ ආබ්‍රම් සිය කඳවුර රැගෙන විත් හෙබ්‍රොන්හි පිහිටි මම්රේහි ආලෝන අරඹ ළඟ පදිංචි වී, සමිඳාණන් වහන්සේට එහි පූජාසනයක් ඉදි කෙළේ ය.
උත්පත්ති 26:25 - Sinhala New Revised Version ඊසාක් ද එහි පූජාසනයක් ඉදි කොට, සමිඳාණන් වහන්සේගේ නාමය කියා යච්ඤා කෙළේ ය. තවද, එහි ඔහු තම කඳවුර පිහිටුවිය. එම ස්ථානයෙහි ද ඊසාක්ගේ මෙහෙකරුවෝ ළිඳක් කැණූ හ. Sinhala New Revised Version 2018 ඊසාක් ද එහි පූජාසනයක් ඉදි කොට, සමිඳාණන් වහන්සේගේ නාමය කියා යාච්ඤා කෙළේ ය. තවද, එහි ඔහු තම කඳවුර පිහිටුවිය. එම ස්ථානයෙහි ද ඊසාක්ගේ මෙහෙකරුවෝ ළිඳක් කැණූ හ. Sinhala Revised Old Version ඔහු එහි පූජාසනයක් ගොඩනගා ස්වාමීන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකෙළේය, ඔහු එහි තමාගේ කූඩාරම පිහිටෙවුවේය. තවද ඊසාක්ගේ වැඩකාරයෝ එහි ළිඳක් හෑරුවෝය. |
මෙසේ ආබ්‍රම් සිය කඳවුර රැගෙන විත් හෙබ්‍රොන්හි පිහිටි මම්රේහි ආලෝන අරඹ ළඟ පදිංචි වී, සමිඳාණන් වහන්සේට එහි පූජාසනයක් ඉදි කෙළේ ය.
පළමුවෙන් ඔහු පූජාසනයක් ඉදි කෙළේ මේ ස්ථානයේ ය. මෙහි දී ඔහු සමිඳාණන් වහන්සේගේ නාමය කියා යච්ඤා කෙළේ ය.
මෙසේ ගමන් කොට දෙවියන් වහන්සේ වදාළ ස්ථානයට ඔවුන් පැමිණි විට, ආබ්‍රහම් එහි පූජාසනයක් ඉදි කර, පිළිවෙළට දර කෑලි තබා, තම පුත් ඊසාක් බැඳ, පූජාසනය පිට තැනූ දර සෑය මත තැබී ය.
ඒ දවසේ ම ඊසාක්ගේ මෙහෙකරුවෝ විත් ඔවුන් කැණූ ළිඳක් ගැන කතා කරමින්, “අපට වතුර සම්බ විය”යි ඔහුට කී හ.
එහි ඔහු පූජාසනයක් ඉදි කර, ඊට ඉශ්රායෙල්හි දෙවියන් වහන්සේ යන අර්ථය ඇති ‘එල්-එලෝහේ-ඉශ්රායෙල්’ යන නාමය තැබී ය.
දෙවියන් වහන්සේ ජාකොබ්ට කතා කොට, “නැඟිට, බෙතෙල් කරා ගොස්, එහි පදිංචි වන්න, නුඹේ සොහොයුරු ඒසව්ගෙන් නුඹ පලායද්දී නුඹට දර්ශනය වූ දෙවියන් වහන්සේට පූජාසනයක් එහි සාදන්නැ”යි වදාළ සේක.
සෙත්ට ද පුතෙක් උපන්නේ ය. ඔහු ඒනොෂ් යන නාමය ඔහුට තැබී ය. මනුෂ්‍යයන් ‘යාවේ’ හෙවත් සමිඳාණන් වහන්සේ කියා උන් වහන්සේට පළමු වරට නමස්කාර කරන්නට පටන්ගත්තේ ඒ කාලයේ දී ය.
එවිට නෝවා සමිඳාණන් වහන්සේට පූජාසනයක් තනා, එක එක වර්ගයේ සියලු පවිත්‍ර සතුන්ගෙන් හා පක්ෂීන්ගෙන් එක එකා බැගින් පූජාසනය මත දවන පඬුරක් මෙන් පූජා කෙළේ ය.
මෝසෙස් පූජාසනයක් තනා ඊට සමිඳා-නිස්සී හෙවත් සමිඳාණන් වහන්සේ මාගේ ධජය කියා නම් තැබී ය.