Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 26:25 - Sinhala Revised Old Version

25 ඔහු එහි පූජාසනයක් ගොඩනගා ස්වාමීන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකෙළේය, ඔහු එහි තමාගේ කූඩාරම පිහිටෙවුවේය. තවද ඊසාක්ගේ වැඩකාරයෝ එහි ළිඳක් හෑරුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 ඊසාක් ද එහි පූජාසනයක් ඉදි කොට, සමිඳාණන් වහන්සේගේ නාමය කියා යච්ඤා කෙළේ ය. තවද, එහි ඔහු තම කඳවුර පිහිටුවිය. එම ස්ථානයෙහි ද ඊසාක්ගේ මෙහෙකරුවෝ ළිඳක් කැණූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 ඊසාක් ද එහි පූජාසනයක් ඉදි කොට, සමිඳාණන් වහන්සේගේ නාමය කියා යාච්ඤා කෙළේ ය. තවද, එහි ඔහු තම කඳවුර පිහිටුවිය. එම ස්ථානයෙහි ද ඊසාක්ගේ මෙහෙකරුවෝ ළිඳක් කැණූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 26:25
11 හුවමාරු යොමු  

මම ඔබට ස්තුති පූජාව පුදන්නෙමි. ස්වාමීන්ගේ නාමයෙන් යාච්ඤාකරන්නෙමි.


ආබ්‍රම් තමාගේ කූඩාරම රැගෙන හෙබ්‍රොන්හි තිබෙන මම්රේගේ ආලොන් ගස් ළඟට ඇවිත් වාසයකොට එහි ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනැගුවේය.


මෝසෙස් පූජාසනයක් ගොඩනගා ඊට යෙහෝවඃ-නිස්සී යන නම තැබීය.


දෙවියන්වහන්සේ යාකොබ්ට කථාකොට: නැගිට බෙතෙල්ට ගොස් එහි වාසය කරන්න. නුඹේ සහෝදරවූ ඒසව් ඉදිරියෙන් නුඹ පලා ගිය කල්හි නුඹට පෙනුණු දෙවියන්වහන්සේට එහි පූජාසනයක් සාදන්නැයි කීසේක.


එහි පූජාසනයක් ගොඩනගා ඒල්-එලොහේ-ඉශ්‍රායෙල් යන නාමය ඊට තැබුවේය.


මෙසේ ඔව්හු දෙදෙනා එක්ව ගොස් දෙවියන්වහන්සේ ඔහුට කී ස්ථානයට පැමුණුණෝය; එවිට ආබ්‍රහම් එහි පූජාසනය ගොඩනගා, දර පිළිවෙළින් තබා, තම පුත්‍රවූ ඊසාක් බැඳ පූජාසනය උඩ දර පිට තැබුවේය.


තමා විසින් මුලදී සෑදූ පූජාසනයද තිබුණාවූ ස්ථානයට පැමුණුණේය. එහිදී ආබ්‍රම් ස්වාමීන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකෙළේය.


නෝවා ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගා සියලු පවිත්‍ර සිව්පාවුන්ගෙන්ද සියලු පවිත්‍ර පක්ෂීන්ගෙන්ද රැගෙන පූජාසනය පිට දවන පූජා පිදුවේය.


ඔහු ඒනොෂ් යන නම ඔහුට තැබීය. එකල මනුෂ්‍යයෝ ස්වාමීන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකරන්ට පටන් ගත්තෝය.


තවද එම දවසේ ඊසාක්ගේ වැඩකරුවෝ අවුත් තමන් හෑරූ ළිඳ ගැන ඔහුට දන්වමින්: අපට වතුර සම්බවීයයි කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්