2 සාමුවෙල් 7:22 - Sinhala New Revised Version එබැවින් දෙවි ස්වාමීන් වහන්ස, ඔබ උතුම් ව සිටින සේක. ඔබ වහන්සේට සමාන කෙනෙකු ගැන අප කන්වලින් කවදාවත් අසා නැත; ඔබ හැර වෙන කිසි දෙවි කෙනෙක් ද නැත. Sinhala New Revised Version 2018 එබැවින් දෙවි ස්වාමීන් වහන්ස, ඔබ උතුම් ව සිටින සේක. ඔබ වහන්සේට සමාන කෙනෙකු ගැන අප කන්වලින් කවදාවත් අසා නැත; ඔබ හැර වෙන කිසි දෙවි කෙනෙක් ද නැත. Sinhala Revised Old Version එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබවහන්සේ උතුම්ව සිටිනසේක. අපේ කන්වලින් ඇසූ සියල්ල ලෙස ඔබට සමාන කෙනෙක් නැත, ඔබ ඇර වෙන කිසි දෙවිකෙනෙක්ද නැත. |
“ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්ස, ඉහළ ස්වර්ගයෙහි වත්, පහළ පොළොවෙහි වත් ඔබට සමාන දෙවි කෙනෙක් ඇත්තේ නැත. ඔබ වනාහි ඔබ ඉදිරියෙහි තමන්ගේ මුළු සිතින් කීකරු වන ඔබේ මෙහෙකරුවන් සමඟ ගිවිසුමත්, කරුණාවත් පවත්වන සේක.
මන්ද, සමිඳාණෝ උතුම් ය; අතිශයින් පැසසිය යුතු ය. සියලු දෙවිවරුන්ට වඩා එතුමන්ට ගරුබිය පෑ යුතු ය.
දෙවිඳුනි, ඈත අතීතයේ දී ඔබ කළ උදාර ක්‍රියා අපේ ම කනින් අප අසා ඇත; අපේ පියවරුන් ඒවා අපට කියා ඇත.
අහෝ සමිඳුනි! දෙවිවරුන් අතර ඔබට සමාන අන් කෙනෙක් නැත්තේ ය. ඔබේ ක්‍රියාවන්ට සම කළ හැකි අන් ක්‍රියා ද නැත්තේ ය.
සමිඳුන්ට සම කළ හැකි කිසිවෙක් අහස් තලයෙහි ඇද් ද? දෙවිවරුන් අතර සමිඳුන්ට සමාන වනුයේ කවරෙක් ද?
සව් බලැති දෙවි සමිඳුනි, ඔබ හා සම, බලසම්පන්න අන් කවරෙක් ද? සමිඳුනි, සියල්ලෙහි දී ඔබ විශ්වාසවන්ත ය.
සමිඳාණෝ උතුම් ය, අතිශයින් පැසසිය යුතු ය; සියලු දෙවිවරුන්ට වඩා එතුමන්ට ගරුබිය පෑ යුතු ය.
ඇරත් මිසරයට මා සමච්චල් කළ සැටි ද ඔවුන් මැද මා සිදු කළ හාස්කම් ද නුඹ නුඹේ පුතුන්ටත්, පුතුන්ගේ පුතුන්ටත් කියන පිණිස ය. එවිට මා සමිඳාණන් වහන්සේ බව නුඹලා සැම දැනගන්නහු ය”යි වදාළ සේක.
සමිඳුනි, දෙවියන් අතර ඔබ හා සම අන් කවුරු ද? ශුද්ධකමින් ප්‍රතාපවත්, බල විකුමෙන් භයංකර, අරුමපුදුම දේ කරවන ඔබ වැනි අය අන් කවුරු ද?
ඔහු පිළිතුරු දෙමින්, “හෙට ය”යි කී විට, “ඔබ කී ලෙස එසේ වනු ඇත. එවිට අපේ දෙවියන් වහන්සේ හා සමාන වෙන කිසි සමිඳාණන් වහන්සේ කෙනෙකු නැති බව ඔබ දැනගන්නෙහි ය.
ඒ මන්ද, මම මේ වතාවේ ඔබ පිට ද ඔබේ නිලධාරීන් හා සෙනඟ පිට ද වසංගත සියල්ල ම එවන්නෙමි. එවිට මුළු මිහි පිට මා වැනි අන් කෙනෙකු නැති බව ඔබ දැනගන්නෙහි ය.
සගලෝ මැවූ, පොළොව සාදා එය නිම කළ, පාළු ඉඩමක් ලෙස නොව, විසුමට තැනක් ලෙස පොළොව මැවූ එක ම දෙවි වන සමිඳාණෝ මෙලෙස වදාරන සේක: “මම සමිඳුන් වෙමි; හුදෙක් මා හැර අන් දෙවි කෙනෙක් නැත.
ලෝ වැසි සියල්ලෙනි, මා වෙත එන්න; දැන් මාගේ ගැළවීම ලබාගන්න. මා හැර අන් දෙවි කෙනෙක් නොමැත.
මම සමිඳාණන් වහන්සේ ය; අන් කෙනෙක් නැත. මා හැර අන් දෙවි කෙනෙක් නැත. නුඹ මා නොදන්න නමුත්, මම නුඹ ශක්තිමත් කරන්නෙමි.
“එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි ඉශ්රායෙල් සෙනඟට කියන්න: එම්බා ඉශ්රායෙල් ජනයෙනි! නුඹලා උදෙසා නොව, නුඹලා ගිය ගිය සෑම තැන්වල ජාතීන් අතරෙහි නුඹලා මාගේ ශුද්ධ නාමය කෙලෙසූ නිසා ඒ නාමය උදෙසා මම ක්‍රියා කරමි.
මා මෙසේ ක්‍රියා කරන්නේ නුඹලා නිසා නොවන බව දැනගන්නැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. එම්බා ඉශ්රායෙල් ජනයෙනි! නුඹලාගේ කල්ක්‍රියාව නිසා ලජ්ජා වී කැළෙඹන්න.”
අතින් නොකැපූ ගලක් කන්දෙන් ගැලවී අවුත් යකඩ ද ලෝකඩ ද මැටි ද රිදී ද රත්රන් ද පොඩි කරදමනු ඔබ දුටු ලෙස, එය ඒ සියලු රාජ්‍යයන් පොඩි කර නැති කරන්නේ ය. ඔබ දුටු දර්ශනයේ තේරුම එය වේ. මහෝත්තම දෙවියන් වහන්සේ මතු සිද්ධ වන්නට යන දේ රජුට දන්වා තිබේ. ස්වප්නය සැබෑ ය. එහි තේරුම නොඅනුමාන ය.”
සමිඳුනි, ඔබේ ඉතිරි කුඩා පිරිසේ අපරාධය මකා දමා, ඔවුන්ගේ පව් පහකරන, ඔබට සම අන් දෙවි කෙනෙක් සිටිත් ද? එතුමාණෝ උදහස සදහට ම තබා නොගන්න සේක. මන්ද, එතුමාණෝ තිරසර පෙම ප්‍රිය කරන සේක.
‘මහෝත්තම දෙවි ස්වාමීනි, ඔබේ ශ්‍රේෂ්ඨත්වය ද බාහු බලය ද ඔබේ සේවකයා හට පෙන්වීමට ඔබ පටන්ගෙන තිබේ. ඔබ සේ දස්කම් හා විස්කම් අනුව ක්‍රියා පෑමට සමත් අන් කවර දෙවි කෙනෙක් සගලොව හෝ නරලොව හෝ සිටිත් ද?
බලන්න, මම, මම පමණක්, දෙවියන් වහන්සේ වෙමි. මා හැර අන් දෙවි කෙනෙක් නැත. දිවි දෙන්නෙත්, දිවි නසන්නෙත් මම ය. තුවාළ කරන්නෙත්, සුව කරන්නෙත් මම ය, මා අතින් යමෙකු ගළවන්නට හැකි කිසිවෙක් නැත.
මේ දේ පමණක් පෙන්වන ලද්දේ සමිඳාණන් වහන්සේ ම දෙවියන් වහන්සේ බවත්, උන් වහන්සේ හැර අන් දෙවි කෙනෙකු නැති බවත් ඔබ දැනගන්නා පිණිස ය.
එබැවින් සමිඳාණන් වහන්සේ ඉහළ ස්වර්ගයෙහිත්, පහළ මිහි පිටත් වැඩ වසන දෙවියන් වහන්සේ බවත්, උන් වහන්සේ හැර අන් දෙවි කෙනෙකු නැති බවත් මෙදින වටහාගෙන තරයේ සිතින් මෙනෙහි කරන්න.
සමිඳුන් මෙන් සුවිශුද්ධ අන් කෙනෙක් නැත; ඔබ හැර අන් දෙවි කෙනෙක් ඇත්තේ ම නැත; අපේ දෙවිඳුන්ට සම වන සරණක් නැත.